Sunday, April 10, 2016

සුබ පතමු හිනැහිලා

කෑ ගසයි කොකිලා
ටීවි පෙට්ටියේ හිරවෙලා
මැදින් මහ නිමවෙලා
අවුරුදුත් ළන්වෙලා

රත් ඇදුම් දවටලා
හිටියෙ පෙර හිනැහිලා
එරබදුව හැන්ගිලා
අප හැමට අමතක වෙලා

සුවද හැම තැන පතුරලා
හෙළ රසින් සරුවෙලා
කැවිලි ටික පන්නලා
කේක් බිස්ක්ට් රජවෙලා

ගෙදෙර හැම එක්වෙලා
නව වසර ආසිරි සලා
කිරි ටිකක් උතුරලා
සුබ පතමු හිනැහිලා

4 comments:

  1. අපි හැවොම එක්වෙලා
    හිදින්නට නම් හිනැහිලා
    තරහ දුක් බිඳ හෙලා
    පියමනිමු නව ලොව කරා..

    ReplyDelete
  2. නියම කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා මු...