Monday, April 25, 2016

කවි කියන්න අසයි මට

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද

හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට

රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින

මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ

පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන

පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට

රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී

ආදරයට නුඹ සිහිකර
කවි කියන්න අසයි මට

14 comments:

  1. Replies
    1. ස්තූතියි කුරුට්ටෝ

      Delete
  2. ආදරයට නුඹ සිහිකර
    කවි කියන්න අසයි මට//

    ඇයට ඕනෙ උනේ කවි නෙවේ බයිල.....මම බයිල දන්නැති හින්ද ඈ ගියා..

    ReplyDelete
    Replies
    1. බයිලා කියන්නේ, රචනාවක්ද නොවේ
      දුක් නොවන්න ඈ හමුවෙයි ලබන බවේ

      Delete
  3. //ඇයට ඕනෙ උනේ කවි නෙවේ බයිල.....මම බයිල දන්නැති හින්ද ඈ ගියා..//
    වෙන්න බෑ.. රසික කවි කියල කතන්දර කියන්නැති..

    ලස්සනයි දුමී. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හෙටක් තිබේනම් දිගටම ලියමී
      තූතියි ඔබට රතු පාටැති හීනී

      Delete
  4. නියමයි.....කියන්න අාසයි නම් ..කියන ඒ්ව ෙකාටපන් ෙම්ෙක

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ආරාදනාවට ස්තූතියි
      ජය වේවා !

      Delete
  5. //////පිය නගනා මොහොතකදී//////////

    කවිය රස විඳගෙන එනකොට ඔය පදය ගාවදි ගලායාමට බාධාවෙන පොඩි හම්ප් එකක් වගේ දැණෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු ඇති කියලා හිතෙනවා. ඇත්තෙන්ම ඒ ගැන පෙන්නා දුන්නාට ස්තූතියි සහෝ.
      ජය වේවා !

      Delete
  6. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete