Friday, April 15, 2016

ලක් පොලොවේ

ලක් පොලොවේ ඉපදෙන්නට පින ඇතුවා 
ලක් පොලොවේ හුස්මක් ගන්නට බැරුවා
ලක් පොලොවේ ජීවත් වෙන්නට නැතුවා
ලක් පොලොවේ පනනහගන්නට සිතුවා

අපට කොහෙද සැනසිල්ලක් 
විසදුම් නැති ඉඩොරයක්
ඇඩුවත් උක් නෑ වෙනසක්
උණුවෙන්නට කො පපුවක්

අපගේ මස් තවත් නොකව්
දහඩිය ලේ උරා නොගව්
සැනසිල්ලේ ඉන්න දියව්
බැරිනම් අප මරා දමව්

12 comments:

  1. අලුත් බ්ලොගයට සුභ පැතුම්. අපේ සින්ඩියටත් දා ගත්තා. අනික් සින්ඩි වලටත් යන්න. ඇතුළත් වෙන්න. ඒක බ්ලොග් කියවන්නන්නට සහයක් වේවි......

    ReplyDelete
    Replies
    1. වරක් දෙකක් නොව තව කීප වරක්
      ස්තුතීයි ඔබට පුදමී මම දහස් වරක්

      Delete
  2. කවිය නම අනර්ඝයි.
    ඔය වගේම ගැම්මකින් තමයි අර එස්.මහින්ද හිමි ගේ කවිත් තිබුනේ.,

    ----
    බ්ලොග් ලොකෙට සාදරයෙන් පිලි ගන්නවා.
    පුළුවන් තරම් අනිත් අයගේ බ්ලොග් වලට ගිහින් ඒ නිර්මාණ එක්ක තියෙන සංවාද වලට සම්බන්ධ වෙන්න.
    ඔබේ අදහස් දක්වන්න.
    අර උඩින් කුරුට්ටෝ කියලා තියෙනව වගේ සින්ඩි ( සින්ඩිකේටර) වලට ත් සම්බන්ධ වෙන්න.
    මෙන්න කීපයක්.
    http://maathalangesindiya.blogspot.com/
    http://blogdharshakaya.blogspot.com/
    http://kuveni1.blogspot.co.il/
    http://atampahiya.blogspot.com/

    එතකොට මේ මම ආවා වගේ ඒ අයත් මෙහෙ ඇවිත් යන්නත් එවී...

    සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අර ෆලොවර් ගැජට් එකේ අවුලක් තියෙනවා. මට එකට ජොයින් වෙන්න බැහැ. පොඩ්ඩක් බලලා හදහන්..

      -----


      මේ බ්ලොගේට අලුතෙන් ගොඩවෙන හැමෝටම කියන්නේ.
      මේ ෆලොවර් ගැජට් එකේ අවුල හදන්න මූට පොඩ්ඩක් කියා දියන්..
      මට නම් එක කරන හැටි තේරෙන්නේ නැහැ.

      Delete
    2. පැසසුම ඔබේ මට වටිනවා නොනිමී
      වැරදි හදාගෙන මම දිගටම ලියමී

      Delete
    3. ෆලෝවර ගැජට් එක වෙලාවකට පිස්සු කෙලිනව බන්...හොදම දේ add කියන තැනට url එක කොපි පේස්ට් පාරක් දාන එක..

      Delete
  3. දිගටම ලියමු, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කවියෙන් හිතේ දුක තනිකම නැතිවේවා
      ජය පිට ජයම ඔබටත් නිති හිමි වෙවා

      Delete
  4. ජාතිය රන් විමනක් වේ.. ආගම මිණි පහනක් වේ..

    ReplyDelete
    Replies
    1. එය රැක ගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ.....

      ජයවේවා!!!

      Delete
  5. නියම කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  6. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete