Monday, April 18, 2016

නිම්නයක හුදෙකලා වී

සිහින සිතුවම් මණ බැදී
සියලු දේ මතකයේ නොවී
සිනාසෙන්නට මට බැරී
නිම්නයක හුදෙකලා වී

නුඹෙ හිනාවම මට වටී
නුඹේ හඩට මා වී වශී
මා පැතූ නුඹ ළග නැතී
නිම්නයක හුදෙකලා වී

ඉමක් නොමැතිව ළතැවෙවී
සුසුම් පොද හා හාද වී
කදුලු කැට නෙතගින් පනී
නිම්නයක හුදෙකලා වී

නුඹයි මාගේ අමරණී
ජීවිතේ හිමිකරුවා කී
නුඹද නැත මා පමණකී
නිම්නයක හුදෙකලා වී

සැදූ මාළිග අහසෙහී
විමන් දා හැඩ වැඩ වුනී
සියල්ල දෙදරා දැන් නැතී
නිම්නයක හුදෙකලා වී

නිම්නයක හුදෙකලා වී
පිපී නැලවෙන සුවදැතී
කුසුම හා මා පමණකී
නිම්නයක හුදෙකලා වී

10 comments:

  1. හැමදේම විදින්න පුරුදු වෙයන්.......... එතකොට ජීවිතේ ලස්සනට ගෙවිලා යාවි..... නැත්තං විදෙව්වා විතරක් වෙිවි....

    ReplyDelete
    Replies
    1. විදීම විදවීම එක ලෙසට
      ඉවහල් වෙවී ජීවිතයට හැම කලට

      ස්තූතියි

      Delete
  2. හුදකලා නිම්නයක අතරමන් වී...

    ReplyDelete
  3. හුදෙකලාවක රස පිරී
    කවි හැඟුම් කලතා ගමී,
    තැවෙන නුඹෙ හිත තනි නොවී
    මෙහෙ අපිත් ඉන්නව දුමී...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක මට වටී
      රතු හීනයට තුතී
      තවත් මා නොකියමී
      'නිම්නයක හුදෙකලා වී'

      Delete
  4. නිම්නයක තනි වී හීන දකින්න, හැබැයි දේදුන්න කියන්නේ අවුවයි වැස්සයි එකතු උනාම පේන මායාවක්.

    ReplyDelete
    Replies
    1. නි. ත. හී. ද. ඔබේ බ්ලොග් නම ලගින්ම යන කවි පෙලක් නෙද මේ? කොහොම වුනත් මිනිස්සු මායාවන්ටත් ගොඩාක් කැමතියි නේද?

      ජයවේවා!!!

      Delete
  5. හුදකලාව කලාවකි. :)

    ReplyDelete