Thursday, April 21, 2016

යළි එන්නේ නැත

පිරුනු පුලුන් ගුලියක් වන් උගේ  පෙනුම
නැමුණු කන් දෙකේ සුරතල් බව   කදිම
තැවුණු සිතේ මට වද දෙනවා        තාම
රැදුණු මතක අමතක කරලන්නේ කෝම

තාමත් ඇත මතකෙ ඌ දුටු පළමු         දින
හාමත් වෙලා හන්දියෙ හිද ගෙන       බුරන
නාවත් මා වෙතට මම එතැනට ගිය සැණින
කීවත් මොකද ඌ වෙත මා වශී           වුන

අතට අරන් මම ගෙදරට ගිය             දවස
හොදට නහවලා කන්නට දුනි           විගස
යසට දැගලුවා නොපෙනුනි උගෙ වෙහෙස
හිතට නැගුණු 'වයිටා' දුනි නමක්      ලෙස

මළානික පෙනුම දවසින් උගෙ නැති වුවා
බලා ඉදිද්දී වයිටා හැඩි දැඩි             වූවා
සලා දෙකන් මා හා සුරතල්             වූවා
පලා ගියොත් සතුටක් නම් මට    නැතුවා

නිතර මා සමග පාසැල වෙත    එන්නා
නතර නොවී නැවතත් නිවසට  යන්නා
වැතිර සාලයේ මා එනතුරු      ඉන්නා
මිතුර නුඹයි මාගේ අමතක නොවෙනා

මා පාසැලට ගිය දිනයක නිවස        වෙත
මාවතේ එද්දි ඌ හැප්පිලා                ඇත
මා හට නොහැක වළකන්නට කදුළු නෙත
මා හැඩුවත් වයිටා යළි එන්නේ        නැත

8 comments:

  1. දුකයි................ ඇත්තට ම කණගාටුදායක සිද්ධියක් තමා.....

    ReplyDelete
    Replies
    1. සතුටට වඩා දුකේදී සිටින මිතුරන් ගොඩාක් වටී
      ස්තූතියි

      Delete
  2. සිද්ධිය දුකයි....කවි පෙළ රසයි!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා

      Delete
  3. //කීවත් මොකද ඌ වෙත මා වශී වුන//

    බල්ලෙකු වෙලා අයියා වෙත හොදට වශී
    දන්නා පරිදි සමජාතිය එකට සිටී
    බල්ලෝ මිනිස්සූ කියලා වෙනස් නැතී
    කොහොම නමුත් බල්ලන් නම් ඔනෑ නැතී

    හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. ජාතිය මගේ දැන ගත් එක හොදට වටී
      තව මොකකටද මේ බල්ලා ගෙදර සිටී

      Delete
  4. දුක හිතෙන කවි සිතුවිල්ලක්.

    ReplyDelete