Friday, April 22, 2016

රන් දහඩිය

වෙල් යායට වක්කඩකින් ගලා එන්නේ රන්     දහඩිය
නිසරු පසට ඉවසීමෙන් සාරේ දුන්නෙ රන්      දහඩිය
පැල ගොයමට නිල් පාටින් පාට දෙන්නෙ රන් දහඩිය
අපේ හෙටට පැතුම් අරන් කිරි වදින්නෙ රන්    දහඩිය

කන්නාඩිය පාලු කරට හොරෙන් බලා සිනා       සලයි
වෙන්දේසිය ඔප්පුව හෙට ගිල ගන්නට මාන      බලයි
පින්හාමිය නයක් දුන්නෙ ගිනි පොලියත් ගෙයට උසයි
තුන්කාලය කොත්තමල්ලි වීදුරුවත් හොදට       හුරුයි

වැස්සට කලින් අව්වට දා වී ටික වේලා    ගනිල්ලා
හස්ති රැලට ගේ බිදලා කාලා යන්න ඉඩ  දියල්ලා
ඉස්සර වගෙ සහතික මිල නැතිනම් කෑ  ගසපල්ලා
අස්වැන්නට ගිනි තියලා ඒ මතටම      පැනපල්ලා

9 comments:

  1. පෝස්ට්ටුවක් බලා පොරොත්තු වන්න...

    ReplyDelete
    Replies
    1. අන්තිම කවිය ඒ තරමටම වැදුන.....

      Delete
    2. පාලකයින්ට දැනෙන්නේ නැති එකයි ගැටලුව

      Delete
  2. රන් දහඩියට අගයක් නොලැබෙන හැටි...

    ReplyDelete
    Replies
    1. තව ටික දිනක් ඉවසන්නට වේවී
      නුදුරු දිනක රන් හා සම වේවී

      ජය වේවා!

      Delete
  3. රන් දහදිය බිංදු බිංදු
    ඉසුරු සුවඳ රැන්දු රැන්දු

    ReplyDelete
    Replies
    1. ගයමු රන් ගොයමේ
      සින්දු සින්දු....

      ජයවේවා!!!

      Delete