Thursday, April 28, 2016

මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

නෙතට පෙනෙන මැයි මල් හිනැහෙන  මහක
රතට රතේ සරසාගෙන පෙලට               එක
ගතට වෙර යොදා වෙහෙසෙන අපේ       දුක
හිතට නොගෙන සමරයි උන් ඇයි       කුහක

පවුරු වගේ රට නන්වන්නේ            අපිමයි
දෙඋරු ශක්තියෙන් වෙහෙසෙන්නේ අපිමයි
කවුරු දෙඩෙව්වත් දුක දන්නේ         අපිමයි
සිවුරු බෙදා ආසිරි ගන්නේ             උන්මයි

නොකා කිඹුල් කදුලක් අප නමින්      සලයි
විකා නොනැවතී අපෙ සාරෙත් උරා    දමයි
යකාගෙනුත් වැඩ ගත හැකි උන්      කදිමයි
මොකා දෙඩෙව්වත් එක වල්ලේ පොල්මයි

ප්‍රීති කරන්නට කම්කරු අප දුකින්   මුදා
නීති දෙසයි අප ඉදිරියේ හොදින්     හදා
ජාති බේද නැති අපි බොරු වලට යොදා
පාති රැගුම් කා බී උන් හොදින්       නිදා

අපේ ශක්තියෙන් රට ගොඩ නැන්වෙන්නේ
අපේ දහිරියෙන් කම්හල් ටික    රැකගන්නේ
අපේ මනු දමෙන් නෑ තව          ඉවසන්නේ
අපේ අයිතියෙන් ඇයි රින්ගා         දුවන්නේ

සහෝදර මගේ කම්කරුවනි හොයපල්ලා
අහෝ තවත් දුක් ඇති තැන්  සොයපල්ලා
පොහෝ දිනක් වුව එක් වී        හිදපල්ලා
බොහෝ දුරක් යා යුතුවෙයි    දැනගල්ලා

කයියට නෙවෙයි හඩ දෙන්නේ හද පතුලෙන්
නයි ටික දෙපත් පන්නාලා හොද     ජවයෙන්
ඇයි බැරි, අපිත් එක් වීලා දැඩි        සවියෙන්
මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....

9 comments:

  1. //මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්....//

    අනිවාරයෙන්ම විය යුත්ත මෙයයි...එහෙත් සිදු නොවේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්....

      ජය වේවා!

      Delete
  2. SLFP may rally is galle. no may rally kirulapana. we real SLFP members come galle. mahinda suport people all theefs. they destroy sri lanka. mithri is hero. he develop sri lanka sure.

    ReplyDelete
  3. //නොකා කිඹුල් කදුලක් අප නමින් සලයි
    විකා නොනැවතී අපෙ සාරෙත් උරා දමයි
    යකාගෙනුත් වැඩ ගත හැකි උන් කදිමයි
    මොකා දෙඩෙව්වත් එක වල්ලේ පොල්මයි// I prefer this. well said the bitter truth

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඇත්ත තිත්තයි. ඒත් ලියද්දී රහයි.

      Delete
  4. අපූරියි කවි ටික..

    බ්ලොග් එක ෆලෝ කරන්න බැරි අප්සට් එකක් තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ.
      හදාගන්න බලන්නම්.

      ජය වේවා !

      Delete
  5. ලස්සන කවි සිතුවිල්ලක් ! කම්කරු ජනතාවට ජය !

    ReplyDelete
  6. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete