Friday, April 8, 2016

බලා ඉන්නවද

පීදී එන රන් බලපොරොත්තුව හිතේ හිර කරන් අසීරුවෙන්
නොඉදුල් කදුලක් නලියා එන විට උණුහුම විදගෙන හෙමින් හෙමින්
අරුණේ විහිදෙන ළා රැස් අතරින් කිරි ගොයමේ සුවදද විදිමින්
වක්කඩ වතුරෙන් දෙපා දොවා ගෙන නියර දිගේ නිති ඇවිද යමින්
පිණි තැවරුණු ගුරු පාර වසා ඇති ඇහැළ ගහේ කහ මල් කඩමින්
දෙවැට දිගේ අතු ඉති විහිදී ගිය කරඹ ගෙඩියකත් රස බලමින්
දුහුවිලි සුවදින් නැයැවුණු පාරේ කොනකට වී හිද තුරු සෙවනින් 
මා එන තුරු නුඹ බලා ඉන්නවද පාර පුරාවට නෙත යොමමින්

6 comments:

  1. පට්ට ආරම්භයක්....ජයෙන් ජය දුමිය...

    ReplyDelete
  2. හිතවත් රසිකය
    පුදමි මා ස්තූතිය

    ReplyDelete
  3. Replies
    1. ස්තූත්යි නි. ත. හී. ද.

      ජයවේවා!!!

      Delete
  4. බලා ඉන්නෙමි රචකය !

    ReplyDelete
  5. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා මු...