Tuesday, May 10, 2016

මට ආසයි

අදුරු අහස එලිය කරන
පුන්සද සොරකම් කරමින
සදරැස් පොද ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

දහවලකදි නොපෙනී යන
මේඝ අතර සැරිසරමින්
තරු මල් ටික ආදරයෙන්
ඔබට දෙන්න මට ආසයි

නෙලුම් විලේ පාරු පැදන්
ආදරයෙන් කතා කියා
ඔබත් සමග පාරුව පැද
ඉන්නට මට හරි ආසයි

නිල් මානෙල් කඩ දෙමින්
හිනැහෙනවිට ආදරයෙන්
සීතල වතුරෙන් ඔබවත්
නාවන්නට මට ආසයි

සිහින් දිගටි වූ දෙනෙතින්
ඔබ මා දෙස බලනා සද
හැම විට ඔබ ලගට වෙලා
බලා ඉන්න මට ආසයි

16 comments:

  1. හනිමූන් දවසෙ කියන කවියක්ද දුමී.... හිකිස්. අනේ ඔය ආදරේ බැඳල, ළමයි දෙතුන් දෙනෙක් හම්බෙලා, කැතවෙලා, මහත්වෙලා ඉද්දිත් තියාගන්න ඕනෙ හොඳේ.

    ReplyDelete
    Replies
    1. ම්... ම්... එහෙම වෙන්න දෙන්නේ නෑ. මම යවනවා ජිම් එකට. කන්න දෙනවා වැඩිපුර එලවලු පලතුරු. ග්‍රීන් ටී එකකුත් දෙනවා. එතකොට ලස්සනවෙලා ඉදියිනේ. ඒත් ඒ වෙනකොට මම හැරමිටිය අරන් ඉදියිද දන්නේ නෑ. හහ් හහ් හා.....

      මම මැයි 2 ලියපු ' ජීවිත ' ලිපියේ හිටිය වයසක දෙන්නාගෙන් ඔයා කියන නොවෙනස් ආදරය හොදින්ම දැක්කා. අපිටත් ඉගෙනගන්න තියෙන ආදර්ශ ඕවා තමයි.
      ජයවේවා !!!

      Delete
    2. හික් හික්.......මම මොකුත් කියන්නෙම නෑ මයි....

      Delete
    3. මම මුකුත් අහන්නෙත් නෑමයි.

      ජයවේවා !!!

      Delete
  2. ///අදුරු අහස එලිය කරන
    පුන්සද සොරකම් කරමින
    සදරැස් පොද ආදරයෙන්
    ඔබට දෙන්න මට ආසයි //////

    කැත වැඩ කරන්න එපා...කෝ එතකොට අපට හඳක් :D

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ හදේ රැස් ටිකක් හරි දෙන්න බලන්නම්. තරු එලියත් තියෙනවානෙ.

      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. ස්තූතියි දිනෙශ්.

      ජයවේවා !!!

      Delete
  4. මතක ගොඩක් හිතේ තියන්
    ඒ මතකෙන් ඇවිද යන්න
    නුඹේ මුහුන සඳ එලියෙන්
    දිදුලන හැටි බලා ඉන්න ආසයි

    දන්නෑ ඉතිං මට පුළුවං හැටියට ලීවලු මාත්...
    ලස්සනයි මචං.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. වාව්. ඔය ලියලා තියෙන්නේ ලස්සනට.
      ස්තූතියි,

      ජයවේවා !!!

      Delete
  5. මේ කවියට ගැලපෙන සින්දුවක් හැටියට මට මතක් වුනේ අර දයාන් විතාරණ කියන
    " ජීවිතය ඔබෙන දැන ආදරයෙන් හිඳ ...
    ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
    ගිරි කුලකින් රිංගන තරු එළියක් ලෙද
    මිහිර වින්දින්නම් ලඳුනි දයාබර .."

    කියන සිංදුව .. නියමයි දුමී .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්.

      ජයවේවා !!!

      Delete
  6. දුමි පරාර්තකමිත්වයේ සංකේතයක්ද?

    ReplyDelete
    Replies
    1. ආදරයට කවුරුත් ආදරෙයිනේ.

      ජයවේවා !!!

      Delete
  7. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete