Tuesday, May 17, 2016

අරණායකට සරණක්

පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?

මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.

එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?

උදාවන්නේ වෙසක් සමයයි. දාන, ශීල, භාවනා ආදී වැඩසටහන්වලින් පිරී ඉතිරී යන වෙසක් මාසයයි. දන්සැල් පවත්වා හිතේ හැටියට ප්‍රීතිවන වෙසක් මාසයයි.
ඉතින් අපේම පිරිසක් අරණායක දුක්සුසුම් හෙලනවිට අපි ප්‍රීතිවී සිටීන්නේ කෙසේද? අපිට අන්ධ, ගොලු, බිහිරි ලෙස සිටිය හැකිද ?
මදක් සිතන්න.

ඔබ දැනටමත් දන්සැලක් පවත්වන්නට කටයුතු සන්විධානය කර තිබෙන්නට පුලුවන. එහෙත් ඔබ තවමත් පමා නැත. ඔබ එක් කරගත් දෙයින් අරණායකට සරණක් වීමට හැකිනම් හොදයි නේද? මෙය ඔබ මා කියන නිසාවත් හෝ පින් බලාපොරොත්තුවවත් හෝ නොව ඔබේ හිතට එකගව සිදුකරන්න. යම හොද දෙයක් කිරීමෙන් අපේ හිතට සතුටක් සැනසීමක් ලැබෙනවානම් ඊට එහා පිනක් අවශ්‍ය නැත.  මදක් සිතන්න.

කාර්යාලයේ වැඩ අතරේ ඉක්මනින්ම මෙය සටහන් කිරීම නිසා වචන ගැලපීම නිවැරදි නොවේනම් සමාවන්න. අවශ්‍ය වනුයේ ඔවුන්ට සහනයක් වීම පමණකි.

ජයවේවා !!!   

7 comments:

  1. ඔබගේ කථාව ඇත්ත, දැන් අර ජනප්ප්‍රිය fm චැනල් වලින් ආදාර එකතු කරලා දෙන එක නැද්ද..

    ReplyDelete
    Replies
    1. ස්වර්ණවාහිනිය ආධාර එකතුකරන බවක් දැක්කා.

      Delete
    2. මාධය්‍ය කීපයක්ම ආධාර එකතු කරනවා දැක්කා.

      ජයවේවා !!!

      Delete
  2. මිනිස්සුන්ට උදවුවක් අවශ්‍ය වෙලාවේ උදවුව වෙන එකයි වැදගත්. මම ඔබේ අදහස් එක්ක එකගයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි සහෝ.

      ජයවේවා !!!

      Delete
  3. පවු අසරණ මිනිස්සු !

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි හැකි අයුරින් සරණක් වෙමු.

      ජයවේවා!!!

      Delete