Friday, May 27, 2016

පලා යන ඒ සොදුරු සෙනෙහස

කදුලු පිරි මේ පුංචි නුවන් යුග
නිමක් නොමැති නිලඹරට යොමා
දුහුල් හිතකින් වාව ගන්නේ
කෙලෙසදෝ ලතැවුල් සැමා
වහන් වෙමින් යලි උණන විටදී
දෙනෙත් කෙලවර කදුලු තෙමා
නිදහසේ කොපුලකට තුරුල් වී
ගලා යන්නට හරිමි මා.....

දූලි සුවදට නව පණක් දී
විසිරි යන්නට ඉඩ තබා
වැටෙන වැහි පොද හිතුමතේ විත්
නටයි පෙන්වා රග සොබා
සිසිලසට දැන් හිතේ තැන් නැත
උණුහුමට එම තැන තබා
පලා යන ඒ සොදුරු සෙනෙහස
සොයා යයි මා සිත හඹා.....

පාසලේදී අකුරු කෙරුවේ
අඹ සෙවන යට මග බලා
මතක මාලිග මකා දැමුවද
සොදුරු හදවත රිදවලා
ඈත් වූවද සුවද අරගෙන
මගේ ලෝකයම නවතලා
කුරිරු වෙස් ගෙන පිපෙනු හැකිදෝ
කැකුලකට සෙනෙහස සලා.....

10 comments:

  1. ලස්සනයි නිසඳස

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්

      ජය වේවා !!!

      Delete
  2. අෆොයි කටුසුත් එකයි දුමියත් එකයි...පරණ ඒව මොටද බං.....අලුත් මලක් නෙලා ගනින්...හැක්..... හැක්....

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ. මොනා වුනත් ප්‍රථම ප්‍රේමය හිතේ කොනක හිරවෙලා තියෙනවානේ....හැක් හැක්....

      ජය වේවා !!!

      Delete
  3. ඕව හිතේ දුකට ලියවෙන කවි. අලුත් කෙනෙක් ලැබුණම කියයි ඊළඟ කෑල්ල තවත් රසවත් කියල

    ReplyDelete
    Replies
    1. ඔය වැටහිලා තියෙන්නේ.

      ජය වේවා !!!

      Delete
  4. ස්තූතියි ලලිත්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete