Friday, May 6, 2016

ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට හඩපල්ලා

ලොක්කන් ලග වැඩ කරනා සොක්කනි මෙය   අහපල්ලා
ඇත්තක්නම් එයට හේතු කිම්ද කියා             සොයපල්ලා
දුප්පත් කමත් වලිගය නැති ගොනකු වැනිය      හිතපල්ලා
උගේ වලිගේ නැති කෙරුවේ මොකා කියා   හොයපල්ලා

සුර පුර ඇති කර දෙන බොරු බේගලයට                  රැවටීලා
කුකුලා අතේ තබාගෙනම චන්ද පොලට                පලයල්ලා
නමට කෙලින් ඇති කොටුවේ කතිරයකුත්             ගහපල්ලා
පහු පහු වෙනකොට කොහු කොහු වෙන එක ගැන හිතපල්ලා

චන්දෙට කලින් ඔබ පසුපස හිගා යදිති      බලපල්ලා
චන්දෙන් පසු වාගෙයි යම ලොව ඉන්නා   යමපල්ලා
උනුත් එකයි මුනුත් එකයි දැන් තව පසු    තැවියල්ලා
ඉගුරුයි මිරිසුයි එක වග නොදැනුනාට      හඩපල්ලා

8 comments:

  1. ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා බං.අපරාදේ කාලය. එකාතකින් මිනිස්සු පවු. එකෙක් එපාවුනහම අනිත් එකාට කතිරේ ගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බං කටුස්සෝ. මම චන්දේ ඉල්ලනකොට මට දෙන්න පුලුවන්නේ.

      ජයවේවා!!

      Delete
  2. මේව නොහිත ඉන්න තරමට සැනසිල්ලක් තියෙයි දුමී.

    ReplyDelete
    Replies
    1. හපෝ, හපෝ. ලිව්වාට මේ ගැන වැඩිපුර හිතන්නේම නෑ.

      ජයවේවා!!

      Delete
  3. ඉගුරු වගේ කවියක්.. හෙහ් පට්ටයි... ෆලෝවර් බටං එක දාගන්න අමාරුයි කීව නේ
    පල්ලහ විදියට බලන්න. බැරි වුනොත් කියන්න ජයවේවා

    settings මෙනු එකේ තියෙයි නේද lay out කියල ඔප්ෂන් එකක්. ඒක කලික් කලාම බ්ලොග් එකේ lay out පැනල් එක ඕපන් වෙනව. ඒකෙ add a gadget කියල ඇති ඒක ක්ලික් කරන්න. දැං ඕපන් වෙන වින්ඩෝ එකේ ඇති වම් පැත්තෙ more gadget කියල ඒකෙ යටම ඇති followers ගැජට්ටුව. ඒක උඩ ක්ලික් කලාම ඕපන් වෙයි. ඊට පස්සෙ save දෙන්න.

    ReplyDelete
    Replies
    1. හරි. වැඩේ කරගත්තා. ස්තූතියි! ස්තූතියි! රසික මල්ලිටත් ස්තූතියි!

      ජයවේවා!!

      Delete
  4. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete