Tuesday, May 24, 2016

වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

පාලකයින්ගේ කලු සුදු රුව දුටුව පුතේ
අයුක්තියට පන්හිද ලස්සනයි පුතේ
පීඩිත ලොවක කදුලැලි රැක දුන්නු පුතේ
නුඹ නැති වුනත් නාමය වටිනවා පුතේ

දූෂිත රටක් නැත එය වදනින් පමණයි
අල්ලස් වගුරේ මඩ පිරිලා දෝරේ ගලයි
හැම මොහොතෙම ලෙළදුන්නේ පන්හිදමයි
පුතු නැති රටට පාලකයින්ගේ සරණයි

කටින් බතල සිටුවා රට කරවන්න
උන් දගලන්නේ හොදි ටික බොර කරගන්න
හුස්මක් වැටේනම් ලක් මව රැකගන්න
දිනය අත ලගයි කලගුණ සලකන්න

කාලය ගෙවී යනවා බෑ ඉවසන්න
උඹෙ මග අවුරලා උන් යහතින් ඉන්න
ලක් පොලොවයි උඹේ මවයි තුටු වෙන්න
වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න

12 comments:

  1. අවා මම දුක බලන්න
    හොඳ නැහැ වැස්සේ තෙමෙන්න
    බඩගින්නේ වගෙයි නේද?
    කෙහෙල් ගෙඩිය බැගින් ගන්න!

    ReplyDelete
    Replies
    1. හැක් සරස... අනිත් අය කෑම බෙදුවනෙ, ඩෙසර්ට් එකත් දෙන්නෙපැයි අයියො

      Delete
    2. සරසට..
      පී. සී. එම්. පෙති තියෙන්නේ
      හැම ලෙඩක්ම සුවය වෙන්නේ
      එකක් මොකෝ කැනක් ඇතිනේ
      දොලදුක පන්නා ගනින්නේ

      ජයවේවා !!!

      Delete
    3. ලේ පාට හීනෙට...
      එහෙනම් කෙසෙල් විතරක් මදියෝ.....

      ජයවේවා !!!

      Delete
  2. කාලයක් තිස්සේ කෙරෙනෙ ආරාධනයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දිනේශ්

      ජයවේවා !!!

      Delete
  3. වරෙන් පුතේ යලි මේ රට රැක ගන්න///

    කුමකට නම් රට රැකිය යුතුද?

    ReplyDelete
    Replies
    1. මොනාවුනත් රට ගැන පොඩි කැක්කුමක් තියෙනවානේ...

      ජයවේවා !!!

      Delete
  4. ඊට පස්සෙ සුදු වෑන්, ඩිෆෙන්ඩර් ගැන කවියක් ලියන්න වෙයිද දුමී

    ReplyDelete
    Replies
    1. අපේ රටේ අතුරුදන් කරපු මාධ‍ය්‍යවේදීන් ගැන හිතලා ලියද්දි ඔය දේ ගැන මටත් හිතුනා ...

      ජයවේවා !!!

      Delete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  6. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete