Tuesday, June 14, 2016

හෙනමයි උඹලට වදින්නේ ......

මහ වියදමක්
මවා පෑමක්
නමට පමණක්
අලියට වැටක්

අලින් ගම් වදිනවා
උන් ඇවිත් බලනවා
කමිටු පත් කරනවා
වැටත් මුල් අදිනවා

දුක් ගැහැට පරදා
වගා කෙරුවද සදා
අස්වැන්න අලියට පුදා
හූල්ලති ගම්මුන් මෙදා

ශාපෙ කාගෙදෝ
පාපෙ අපෙමදෝ
උන් අන්ධයිදෝ
රට කන්නේදෝ

අපේ දිවිය අලිය ගන්නේ
ගිනි ගත් දුක නැද්ද දන්නේ
රට කරවන මහ එවුන්නේ
හෙනමයි උඹලට වදින්නේ ......

18 comments:

  1. මිනිස්සු මැරුවත් වගා පාළු කළත් අලි පැටියෙක්වත් හදා ගන්නට දෙන්නේ නෑ බොස්....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අලියෙක් හදාගන්න කැමති පිරිසට අවසරයක් නොදෙන්නේ ඇයි කියන එක ගැටලුවක්. කොහොම වුනත් අලින්ගෙන් හානිවන මිනිස්සු දැක්කම ඇතිවෙන්නේ දුකක්.

      ජයවේවා!!!

      Delete
  2. කැලෑ කැපු හිංදා
    ගමට අලියන් බැස්සා
    අනේ ඒ හිංදා
    කුමක් කරමුද මාමෙ නැන්දා...

    ReplyDelete
    Replies
    1. නුඹට නොතේරෙන එක
      පුදුමයක් නොව පුත
      රට කරන එවුන්ටද
      මෙය නොතේරෙන කල....

      ජයවේවා!!!

      Delete
  3. පර්මිට් වලට කැලෑ කපන් ගියාට පස්සේ සත්තුත් අසරණයි. ඉතින් උන් අන්තිමේ ගම් වැදුනම මිනිස්සු ඊට වඩා අසරණයි.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත දිනේශ්. දෙපැත්තම අසරණයි. ඒත් පර්මිට්වලට විතරක්ම අද ලංකාවේ කැළෑ විනාශකරනවාද කියන එක ගැටලුවක්. ? ' ගම්මැද්ද' වැඩසටහනේ මම දැක්කා මිනිසුන්ගේ විනාශ වූ දේපල, වගාව ඒ විතරක්ද අනාගතයත්.

      ජයවේවා !!!

      Delete
  4. Replies
    1. ස්තූතියි මාතලන්...

      ජයවේවා !!!

      Delete
  5. මං අලියගෙ පැත්තෙ දුමී හැබැයි

    ReplyDelete
    Replies
    1. අගෙයි ලේ. පා. හී. . මේ ප්‍රශ්නයෙදී අලින්ගේ වරදක් නෑ. උන් අහින්සකයි.

      ජයවේවා!!!

      Delete
  6. ඇත්තෙන්ම අලිත් දුක් විඳිනවා...මිනිස්සුත් දුක් විඳිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්, පොකුරු වැහි. මිනිසුන්ට කෑගහලා හරි දුක බෙදාගන්න පුලුවන්. ඒත් අලින් කොහොමද කියන්නේ උන්ගේ නිජබිම විනාශ කරන්න එපා කියලා.

      ජයවේවා!!!

      Delete
  7. අලින්ට තියෙන්නේ අලි වැඩක් කරන්න ගස් කපන අයට ... මම පොතක කියෙව්වා එහෙම කරපු අලියෙක් ගැන..

    ReplyDelete
    Replies

    1. අලිත් අසරණයි හීන දකින්නී. අර පොතේ මොකක් කරා කියළද තියෙන්නේ?

      ජයවේවා!!!

      Delete
    2. එකේ තිබ්බේ දුමී.. ඒ අලියා ගස් කපන මිනිස්සු යන යන තැනට ගිහින් විනාස කරල දානවා තනියම.. කැලේ වවන හේනුත් විනාස කරල දාල තමන්ගේ අලි රන්චුවට ඉඩ හදල දෙනවා..

      Delete
  8. තමන්ගේ අලි හිමිකම් රකිනවා වෙන්න් ඇති.

    ජයවේවා!!!

    ReplyDelete
  9. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  10. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete