Monday, June 20, 2016

ගැබ්බරයි තවමත් දෙනෙත.....

මේඝ පෙල ගැවසිලා
නිමක් නැති නිළඹරේ
කසු කුසුව ඇයිද අද
මටද ඔය සමච්චල්.....

බුරුතු පිටින් එක පොදියකට
රෑ අහසේ බැද විමන
වළක්වයි නෙතු මානයෙන්
තරු මඩළ සද මඩළ.....

ඇගේ මතකය දෝර ගලමින්
රිදුම් දෙයි තවමත් හිතට
විරහ කදුලක දුකක් දන්නේ
සද මඩළ පමණි දැන්.....

පලායනු මැන මේඝයිණි
විරහ දුක පා කර යවන්නට
පිටාර නොගලන දුකම සිරවී
ගැබ්බරයි තවමත් දෙනෙත.....

4 comments:

  1. //ගැබ්බරයි තවමත් //
    !!

    ReplyDelete
  2. හ්ම්... මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. විරහ දුක වචනෙකින් විස්තර කරන්න බැරිද? හැක්....

      ජයවේවා!!!

      Delete