Sunday, June 26, 2016

නිල් නෙතු යුග කරයි වසී....

සසර පුරාවට සබැදී
ලෙන්ගතු හසරැල් ළබැදී
සොදුරු සිනා මල් පුබුදී
නුඹම තමයි මගෙ සුද්දී....

අහස්කුස පුරා දිළිසී
නීල වර්ණයෙන් සැරසී
යුගල තරුකා සදිසී
නිල් නෙතු යුග කරයි වසී....

පියා සලන වැහිලිහිණී
රැව් දෙන නාදයක් වැනී
ආල වදන් පුබුදන්නී
මා සනසන මගෙ හීනී....

පිරුණු මනා ළැම ඉස්සී
සියුමැලි වත පරිදි සිසී
රැලි පිට රැලි දිගු කේසී
නුඹ දැකුමෙන් ඉමි සැනසී....

මංගල ගී නද පැතිරී
ලෙංගතු දෙහදක විසිරී
සොදුරු නාද දෙන මිහිරී
කැන්දන් යමි සහකාරී....

10 comments:

  1. ඕ...යෙස් දුමින්ද අයිය.....ඉක්මන් කොරල ඔය සුද්දිව කැන්දන් යන්ටෝ.......

    (බ්ලොග් ලියන ගල් අරක්කු සංගමයේ සාමාජිකයන් විසින් මුදල් ගෙවා පල කරන ලදී)

    ReplyDelete
  2. නැතුව නැතුව. මං මේ කල්පනා කෙරුවේ අලුත් සංගමේ උන්ට ආරාධනා කරනවාද නැද්ද කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අප්පට සිරි. එහෙනම් ඉක්මනටම කැන්දන් පලයන් මචෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ.. අර ගල් අරක්කු සංගමෙන් එකතු කරපු සල්ලි ටික ගන්නකන් ඉන්නේ...

      ජයවේවා!!!

      Delete
  4. කරගත්තොත් ඔය ඊරි
    දුමියාගේ බාරි
    වෙන්නේ බොට හරි ගෝරි
    අදින්න වෙයි තොට සාරී...

    ReplyDelete
    Replies
    1. ගෙනා පසුව සහකාරී
      තිබුනද නිතරම ගෝරී
      ලලියො, මචෝ උඹෙ බාරී
      බොටත් දුන්නදෝ සාරී......

      ජයවේවා!!!

      Delete
  5. අපූරුයි දුමී..

    සුදු මැණික මෙහෙ වරෙන් , ඉඳ ගනින් පොඩියක් මෙන්න මෙතනින්..අහ ගනින් ලිව්ව මං මගේ සුදු මැණික ගැන කවියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී.
      රැස් විහිදෙන සුදු මැණික ගැන.

      ජයවේවා!!!

      Delete
  6. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  7. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete