Monday, June 6, 2016

සෙනෙහස පිරි ජීවිතයට.......

හෙමින් හෙමින් දිලිහි දිලිහි
හිරු ළංවෙයි කිරි මුහුදට

හොරෙන් හොරෙන් පෙන පිඩුවල
තුරුලට වෙයි සීතලයට

එහෙන් මෙහෙන් හිතුමතේට
එලිය මැකෙයි පුරුදු ලෙසට

වටින් පිටින් මද අදුරද
කඩා පනියි පරිසරයට

වහන් වෙමින් මොහොතකදී
නුඹ හිනැහෙයි ලස්සනකට

හෙමින් හෙමින් ආදරයෙන්
නුඹ ගන්නෙමි මා තුරුලට

ළගින් ඉදන් ඈත සිතිජෙ
සොදුරු දසුන් ආදරයට

බිදෙන් බිදෙන් පොදි බැද ගමු
සෙනෙහස පිරි ජීවිතයට.......

10 comments:

  1. //හෙමින් හෙමින් ආදරයෙන්
    නුඹ ගන්නෙමි මා තුරුලට//

    දුමීටත් ලෙඩේ බෝවෙල වගේ. වයසෙ වැරැද්ද පුතා.....

    ReplyDelete
    Replies
    1. ඔව්, ආච්චි අම්මේ. බ්ලොගියට ආවාම බෝවෙලා...

      ජයවේවා!!!

      Delete
  2. ලස්සනයි දුමී... අපූරු කවි පෙළක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්...

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ස්තූතියි....

      ජයවේවා!!!

      Delete
  4. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete