Tuesday, July 5, 2016

දියවන්නා දියට මැදිවී

නහර පුම්බගෙන
උගුර කඩාගෙන
කෑ ගසා ගන්නවා
රිලව් ටික කෑ ගහනවා

දවට ගත් සුදු ඇදුම
කිරිසප්පයින් ලෙසම
ජරා කර ගන්නවා
ඌරු රැළ මඩ ගාගන්නවා

කියන්නට හේතුත් නැතී
නිතර වලියට ගැතී
උන් වියරු වැටෙනවා
පොර කුකුල්ලු ලේ හලනවා

දියවන්නා දියට මැදිවී
සත්ව උද්‍යානයක සිරවී
ඇන කොටා ගන්නවා
වනචාරි මුන් මරාගන්නවා

උභයජීවී නයි පොළොන්
හයිනාවෝ සිල්ගත් කොකුන්
මුන් කාලේ කා දමනවා
සල්ලි දියකර බිබී ඉන්නවා.......

8 comments:

  1. සහතික ඇත්ත... හැක්

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව. හික්...

      ජයවේවා!!!

      Delete
  2. අපියි වැරදි උන්ව යැවුවට.

    ReplyDelete
    Replies
    1. ඔව්. දෙහිවලට හරි පින්නවලට හරි යවන්න තිබ්බ්නම්.....

      ජයවේවා!!!

      Delete
  3. කවද රටට කලක් යාවිද....

    ReplyDelete
  4. රටට කොහොම වුනත් උන්ගෙ කාලෙ හොදයි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. සහතික ඇත්ත කතාවක් !!!

    ReplyDelete
    Replies
    1. "මනුෂ්‍ය වත්තක " ඇත්ත කථාව.

      ජයවේවා!!!

      Delete