Monday, July 11, 2016

ආලය වෑහෙන සොදුරුයි අද දින......

දළුපත් ඇහැරෙන
හිරිගඩු නැටවෙන
පෙම් හිත් නැහැවෙන
සිසිල කොහෙද වෙන

සියොතුන් නලියන
රහසක් මුමුණන
නිසසල රජයන
සුළගත් නැවතුන

හිරු මල හිනැහෙන
කොහෙදෝ සැගවුන
මීදුමකින් මන
හැගුමන් පුබුදින

උණුහුම තැවරෙන
සතුට දෝරෙ යන
ආලය වෑහෙන
සොදුරුයි අද දින......

4 comments:

  1. සුන්දරයි නිර්මාණයක් දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, පොකුරු වැහි.

      ජයවේවා!!!

      Delete
  2. ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  3. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete