Wednesday, July 13, 2016

රිද්දනු ඇයිද මේ කිරි හිත හඩයි නිතී........



සසරෙ උතුම් මව් පිය පදවියයි         සිතා
ආවෙමි කුසට නුඹගේ සෙනෙහසක් පතා
කැකුළ සිදින්නට හිත හිර කරන      කතා
සිදිනු එපා මම වෙමි හෙට දිනයෙ    පුතා

පෙරුම් පිරුවෙ ගිය භවයෙන් නික්මෙන්න
මා පිය දෙදෙනගේ හැඩරුව      දැකගන්න
'කරුමය' කියා මේ හැටි මට වද     දෙන්න
වරද මගෙද දැන්වත් මා             පිළිගන්න

විදුලිය වගේ නිතරම ඇස්          පිච්චෙනවා
තියුණු කටු ඇනී ඇග ලේ         වැගිරෙනවා
හුස්මක් නැතුව දැන් ටික ටික    ගැස්සෙනවා
ඉවසාගන්නේ කොහොමද මා  කැරකෙනවා

තිරිසන් සතුන්ටත් දරු සෙනෙහස  දැනෙතී
දරුවන් නොමැති අය නිති කදුලැලි   සලතී
මනසින් උසස් ගතිගුන දැන් වෙනස්  වෙතී
රිද්දනු ඇයිද මේ කිරි හිත හඩයි          නිතී........


14 comments:

  1. ස්තූතියි සරදි. මගෙ මතකෙ හරිනම් සරදි මේ පැත්තට ආව මුල්ම වතාව.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කතා කරලා ඉවරයක් නොවෙන තවත් මාතෘකාවක් , නියමයි දුමී

    ReplyDelete
  3. ස්තූතියි ඉවාන්. ඇත්තටම කොච්චර කතා කලත් විසදුමක් ගන්න අසීරු මාතෘකාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. අදයි මේ පැත්තට අහම්බෙන් ගොඩවැදුනෙ. සයිබර් අවකාශයේ නිතර හමුවන 'කිඹුලා කනවා වගේ කවි' අතරෙ මේ කවිය 'කොහිල කටු වගේ' හිතේ අැනෙන, ඉවසන්න බැරි කවියක් කියල මට හිතෙන්නෙ. සාර්ථක නිර්මාණයක්. ඉදිරියටත් හදිස්සි නැතිව (විශේෂෙයන්ම කවිවලදි) නිර්මාණ කරන්න. සුබ පැතුම් දුමින්ද.

    ReplyDelete
  5. අහම්බෙන් ගොඩවැදුනත් සාදරයෙන් පිළිගන්වා. කවිය ටිකක් හරි දැනුනානම් සතුටුයි. වටිනා අද්හස්වලට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  6. අපි කවි ලියනවා , කතා ලියනවා , ...ඉවරයක් වෙයිද ....මේවා සාධාරන හේතුන් මත නීතිය මතුපිටට ඇවිත් , නිරපරාද සිද්ධින් වැලැක්වෙන ක්‍රමවේදයක් හැදිලා ....පියෙක් මවක් නැතුව දරුවෙක් හැදෙන්න පුලුවන් දවසක් කවදා එයිද

    ReplyDelete
  7. මේ පැත්තට ඇවිත් අදහසක් දුන්නාට ස්තූතියි. මේ වගේ කවියක්, කතාවක් ලියලා අපිට සමාජයක් හදන්න බැරි බව ඇත්ත. ඒත් අඩුම තරමේ කවුරුන් හෝ මේ ගැන හිතන්න හරි පෙළඹෙයිනේ, නේද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කලාකාරයා නීතිය හෝ සමාජය හැදියයුතු නොවෙයි...උගේ පාඩුවේ කවියක් කතාවක් ලියාගෙන ඉන්ඩ ඕනෙ...

      Delete
    2. සමාජය කෙසේ වෙතත් නීතියට ඇගිලි ගැසීම කලාකරුවට උචිත නොවන වගයි මගේ හැගීම. එහෙත් සමාජයට යම් මෙහෙවරක් කිරීමට හැකිනම් එය වටින්නේය.

      ජයවේවා!!!

      Delete
  8. ලස්සන සිතුවිල්ලක් !!!

    ReplyDelete
  9. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete
  10. දුක හිතුනා... හුඟක් ලස්සනයි... මන් දෙතුන් පාරක්ම කියෙව්වා... ජය වේවා දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete