Monday, July 25, 2016

මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ......

සොදුරු වසන්තෙක පිපි ගී      ලතාවේ
මියුරු නදින් හිත් පිබිදුනු       වෙලාවේ
පවුරු සදිසි ' හෙළ සළකුණ ' කලාවේ
කවුරු මිමිණුවත් අද මා   හුදෙකලාවේ

පෙර දින හිතක් මත් කරවන මිහිරි         නද
කරදර ගින්නෙ දැවි දැවි පන්නරය          ලද
හර බර ප්‍රසංශා අභිමන් වුණි            නොමද
පෙර පිනකින් ලැබූ ජන ආලය කොහෙද අද

තොරන බැදන් පිළිගත් තරු රෑ අහසේ
පරණ වෙලා දැන් දිස්නය නෑ පෙරසේ
සරණ පතා නව තරු අල්ලන    රිසිසේ
මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ...... 

18 comments:

  1. ලස්සන අදහසක් ලස්සනට අකුරු කරල... අපූරුයි දුමී..
    ජයවේවා

    ReplyDelete
  2. ස්තූතියි සහෝ. කාලෙකින් ඇවිත් තියෙන්නේ, මේ දවස්වල ප්‍රශ්ණ උත්තර එක්ක පොර බදිනවා ඇති නේද්?

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපූරුවට ගැලපුන පද පෙළක් දුමී...මට ගජමන් නෝනාව මතක් උනා...පොදුවේ කලාකරුවනට උරුම වන අවසානයක් ඔබ ලස්සනට ගලපලා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි, පොකුරුවැහි.

      ජයවේවා!!!

      Delete
  4. අපූරුයි දුමී. කාලෙකින් ගොඩ වෙන්ට බැරිවුණාට සමාවෙන්න. කවියට ලස්සන පොටෝ කෑල්ලක් ඒම හොයල දාන්නකො කම්මැලි නැතුව ළමයො

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඇවිත් සමාවත් ඉල්ලුවනේ. ඔන්න දීල දැම්මා. ලේ පාට හීනිගේ කෙටි කථාවෙදි මම කිව්වා නේද ඒ කථාවට ටිකක් සමීප කවියක් මා ළග තියෙනවා කියළා. පහුගිය සතියක මම ඒ කවියත් " රිද්දනු ඇයිද මේ කිරි හිත " කියලා ලිව්ව. වෙලාවක් තිබ්බොත් ඒකත් බලන්න.

      ජයවේවා!!!

      Delete
  5. ලස්සන පද ගැලපීමක් දුමී,

    //හර බර ප්‍රසංශා අභිමන් වුණි නොමද
    පෙර පිනකින් ලැබූ ජන ආලය කොහෙද අද//

    පව්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, හීන දකින්නී. කලාවෙන් ඈත් වූ පසු එදා කලාකරුවන් බොහොමයක් හුදෙකලාවේ තමයි.

      ජයවේවා!!!

      Delete
  6. ලස්සන කවි සිතුවිල්ලක් දුමී

    ReplyDelete
  7. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete
  8. මම ආසම ඔය වගේ ඩෝං පටෝං කවිවලට.......ලස්සනයි දුමින්ද අයිය...

    ReplyDelete
    Replies
    1. ස්තූතී, රසික. ඒත් ' ඩෝං පටෝං කවි ?.

      ජයවේවා!!!

      Delete
    2. හැක් හැක්...මම ඔය වගේ කවි වලට කියානෙ ඒ නම..

      Delete
    3. ඒකත් ශෝයි නම ' ඩෝං පටෝං ' හැක්...

      ජයවේවා!!!

      Delete
  9. ඔබ යතාර්ථ වාදී කවියෙක්

    ReplyDelete
    Replies
    1. යථාර්තවාදීද නැද්ද කියන් එක ප්‍රශ්නයක්. පොඩි කාලේ ඉදන්ම පීඩිත මිනිසුන්ගේ කදුල දුක මාව සංවේදී කරා එරන්දි. ඉතින් ඔවුන්ගේ විවිධ ගැටළු ගැන කවි ලිවීමට මම හුරුවුණා. ස්තූතියි.
      ජයවේවා!!!

      Delete