Monday, July 18, 2016

පාට මලක් වුව නෑ දුක මිලිනයට



කදුල නොදෙයි අවසරයක්  පිපෙන්නට
මල්පැණි නැතුව වැරහැලි වී  අකාලෙට
පරව යන නමුත් දවසක විටෙන්      විට
පෙති කුමකටද එය සුවදින් මිදුන    විට

පාට පාට තැවරුණු මල්         පෙතිවලට
ආල හිතක් ඇති කරගන්නේ          කුමට
පාර සොයන බඹරුනි ආදර           කමට
කෝල හැගුම් නොනගනු දුක හිතෙයි මට

ලාමක හීනයක බොදවෙන කදුලු  කැට
පාවඩ අතුරවයි නිසසල තනි        කමට
පාලු හදට සුසුමක සුව දැනෙන       විට
පාට මලක් වුව නෑ දුක          මිලිනයට

15 comments:

  1. අනේ මන්දා අපිට වෙලාවකට සංතෝස වෙන්න වෙන්නෙත් අහිමි දේවල් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දෙයක් හිමි වෙද්දි සතුටු වෙනවා වගේම දෙයක් අහිමි වෙද්දිත් සතුටින් ඉන්න පුලුවන්නම් ඒක වටිනවා, දිනේශ්.

      ජයවේවා!!!

      Delete
  2. දෙවැනි පද පෙළට වඩාත් කැමතියි දුමී...

    ReplyDelete
  3. විශේෂ හේතුවක්වත් තියෙනවද, පොකුරු වැහි ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ පදපෙළ අනිත් දෙකට වඩා රසයෙන් සහ අර්ථයෙන් ගැලපිලා වැඩියි කියල මට දැනුනා...ඒ මට දැනුන දේ :)

      Delete
  4. Replies
    1. මල් පැණි සිදුණු, සුවඳ ගිලිහුනු, පාට පාට පෙති ගැවසුනු මලක්.

      ජයවේවා!!!

      Delete
  5. ස්තූතියි, ලලිත්

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කියාගත නොහැකි සාංකාවක් දැනෙන කවියක්. දෙවැනි කවියෙන් පටන්ගෙන මෙය ගීත රචනාවක් ලෙස නිර්මාණය කරන්න නැවත උත්සාහ කළොත් කොහොමද ? අනිත් කාරණය දුමින්ද, කවියකට දෘශ්‍ය රූපයක් යොදනවා කියන්නේ සහෘදයාගේ පරිකල්පනය රාමුගත කිරීමක් කියල මට හිතෙනවා. ඒ ඒ සහෘදයාගේ ඒ ඒ නැණ පමණින්, අත්දැකීම් ඔස්සේ කවියක් එක්ක හිතේ හැටියට රස්තියාදු වීම සුන්දරයි කියලයි මට හිතෙන්නේ.මේක මගේ පුංචි අදහසක් විතරයි.අනවශ්‍යනම් නොසලකා හරින්න.

      Delete
    2. අදහසට ස්තූතියි, ප්‍රභාත්. ඇත්තටම ගීතයේ ආකෘතිය ගැන මට අදහසක් නෑ. මේක ගීතයකට සුදුසු කියලවත් දන්නේ නෑ. කොහොම වුනත් කවියට ගීතයට මම කැමතියි. ගීත රචනා ගැන මට තවත් හොයාබලන්න වෙයි. ඊට පස්සේ බලමු හොද ගීතයක් ලියන්න.

      ජයවේවා!!!

      Delete
  6. අහිමි දේ ගැන දුක් වෙලා වැඩක් නෑ.. හිමි දේවල් ගැන සතුටු වෙන්න ඕන

    ReplyDelete
  7. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete