Friday, August 5, 2016

මටත් හිතෙනවා අගමැති වෙන්නට..........

දුගී බව පන්නා දමන්නට
ඉක්මනින් දියුණුව ලබන්නට
පරම්පරාවට සළකා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

උපාධිදරයන් අඩු කරන්නට
උන්ගේ කටවල් වසා දමන්නට
උගත්කම සෝදා හරින්නට 
මටත් හිතෙනවා අගමැති වෙන්නට

පසු පසින් විත් මගේ දිනුමට
සහය වූ නූගතුන් පොදියකට
බුරුතු පිටින් රැකියා බෙදන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කු/ගලින් පොල් ඉඩමක් ගන්නට
අනුපුරේ හෝටල් හදන්නට
ටීවි එකකුත් පටන් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

ලොව වටා දුක සැප බලන්නට
ලෝකයන් හට සලකා ගන්නට
පාස්පෝට් කිහිපයකුත් ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

මා නමින් හිරබත් ගිලින්නට
එකෙක් දෙන්නෙක් හිරේට යැවුමට
බැරිම නම් හොර ලෙඩ දා ගන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

කුඹුරු ගොඩකර මාර්ග හැදුමට
රොකොට්ටුවක් අහසට යවන්නට
අහසේ මගෙ නම කොටා තබන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට

රටම කාලා සුවසේ ඉන්නට
දෙව් ලොවේ සැප මෙලොව විදින්නට
ජනපති පුටුවට කෙල හලන්නට
මටත් හිතෙනවා අගමැති වෙන්නට..........

4 comments:

  1. කවිය තව ටිකක් තාලෙට කියන්න පුළුවන් වෙන්න ලිවුව නං හරි.
    උදා- සුවසේ නැතුව සුවසෙ වගේ..

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි සරදි.

      ජයවේවා!!!

      Delete
  2. ඔය කිව්වට උන් ඉන්නවා ඇත්තේ පන බයේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවන්. කලකම් පලදෙන බව අපි කුඩා කාලේ ඉදන් ඉගෙනගන්නවානේ.

      ජයවේවා!!!

      Delete