Monday, August 22, 2016

මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අදුරේ






මල් රටාව විසිරුණු බිම රැඳි           පැදුරේ
කල්ලියකට ගුරු විය නුඹෙ හඬ       අඳුරේ
තල් අරණේ හඩට හැරුනත් දොර  මැදුරේ
මල් පොකුරෙන් මලක් කැඩුවා උන් අඳුරේ

හිතට අරන් සමාජයේ            හරස්කඩක්
හඬට බිය නොවී පෙන්නුවෙ නුඹේ හඬක්
සැමට ජීවයයි කුමටද පිහියෙ         තුඩක්
අදට වසර දහයයි කෝ පුතුගෙ       හඬක්

අපේ කදුලු දකුණෙ වගේ තෙත නැද්ද
අපේ සුසුම් දකුණෙ වගේ බර    නැද්ද
අපේ ගැටලු ඒ තරම්ම දුක         නැද්ද
අපේකමත් ලංකාවට හිමි          නැද්ද

අපේ කදුලු උණුහුමකින් තෙත්     වෙන්නේ
ලිපේ ගින්න පපු කුහරේ දැඩි        වෙන්නේ
ඔපේ වැටුණු මැණිකකි පුතු වෙන් වෙන්නේ
තොපේ පිපාසෙට හෙනමයි ළං     වෙන්නේ

මගේ දෙපා වැද ආසිරි ගත්ත        පුතේ
මගේ මතක අතරේ සැරිසරණ      පුතේ
මගේ හුස්ම වියළෙන්නට කලින්   පුතේ
මගේ ඇහැට පෙනී යන්න වරෙන් පුතේ.........

8 comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ..

      ජයවේවා!!!

      Delete
  2. හිතට තදින් වැදුණා...

    ReplyDelete
    Replies
    1. අපිට කියවද්දී මෙහෙම දැනෙනවානම් ඒ අත්දැකීමට මුහුණදුන් දෙමව්පියෝ කොහොම විඳවනවා ඇද්ද ?
      ස්තූතියි සහෝ.

      ජයවේවා!!!

      Delete
  3. හොඳට එලිසමය ගලපලා ලියලා තියෙනවා. නියම කවිකාරකමක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. "දුමී " සාදරයෙන් පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  4. ලස්සන කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete