Friday, September 16, 2016

නැහි නැහි උපදිනා සුසුමන් වෙනුවෙන්නේ

රත් පැහැ සළුව ගිනියම් වත මත     පටලා
මත් හිරු දෙවිඳු පෙරදිග අහසට     වැඩලා
අත් වන ඉරණමක පෙර සලකුණු  දැකලා
පත් නැති තුරු අරටු වැලපෙයි දුක කියලා

කිරි උතුරවා දෙවියන් ළග හිස         නමලා
දිරි ගත් හිත් පොකුරු කුඹුරේ දුක නොබලා
පිරි අරමුණක් හිත පතුලෙම සිර       කරලා
ඉරි රැඳි පොළොව හිනැහෙයි සරදම්  මවලා

අඳුරු වළා පාවි යයි නැහැ               රැඳුණේ
පිදුරු ලෙසින් පැළ ගොයමත් පැහැ බැඳුණේ
රුදුරු හුළඟ සරු වී දිය බිදු              සිඳුණේ
සොඳුරු අනාගතයක පැතුමන්         බිඳුණේ

ඇහි පිල්ලමක් යට කදුලැලි      නලියන්නේ
එහි තෙතමනය කෝ හදවත   වැළපෙන්නේ
නැහි නැහි උපදිනා සුසුමන්   වෙනුවෙන්නේ
වැහි දෙවිඳුණේ නුඹෙ කරුණා    අයදින්නේ.......

24 comments:

  1. හරිම ලස්සන පබඳුමක් දුමි...

    රස වින්දා බොහොම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. ඇත්තටම "දිරිගත් සිත් පොකුරු" කියන කවි පදේ ලියද්දි පොකුරුවැහි මතක්වුණා, පොකුරු කියන වචනෙ නිසා.

      ජයවේවා!!!

      Delete
  2. ලස්සනට ගැලපෙන්න ලියලා දුමී.හැම කවියම දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, හීන දකින්නී. ප්‍රතිචාරය වටිනවා.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, සාලිත සහෝ. ලස්සන වැඩි නිසා තුන්වරක්ම. ඉතින් "දුමී" ට සාදරයෙන් පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ස්තූතියි. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  5. ඔන්න මාත් ෆලෝවර් වුනා....කමෙන්ටුව දිගේ මෙහේ ආවේ...අපේ පරණ බ්ලොග් ලියන්නෙකුත් ඉන්නවා දුමී කියලා.මම බැලුව ඒත් කවුද මේ දුමී කියලා බැලින්නම් අලුත් කවිකාරයෙක් .සුබ පැතුම්

    ReplyDelete
  6. ඔන්න මාත් ෆලෝවර් වුනා....කමෙන්ටුව දිගේ මෙහේ ආවේ...අපේ පරණ බ්ලොග් ලියන්නෙකුත් ඉන්නවා දුමී කියලා.මම බැලුව ඒත් කවුද මේ දුමී කියලා බැලින්නම් අලුත් කවිකාරයෙක් .සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේ කුරුණෑගල පැත්තේ "දුමී"යෙක්නේ. ස්තූතියි x 2. සාදරයෙන් "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  7. මචන් මේක පත්තරේට දාපන්

    බත සරි කරන්න නැහෙන රජරට ගොවියන්ගේ හදවතේ වේදනාව . . .

    මේ වා බොක්කට වැදුනු රජයේ නිලධාරියෙක් අහම්බෙන් වත් උන්නොත් (බ්ලොග් කියවන්නේ නැති පත්තර බලන් එකක්) මොකක් හරි කරන්න ඇහැක් 1%ක දෙයක් හරි කරලොත් . . .!

    ReplyDelete
    Replies
    1. අදසට ස්තූතියි මචන්. මට බ්ලොග් එකක් නැති කාලේ පත්තරේට ලිව්වත් එක්කෝ ඒවා පළවෙන්නේ නෑ. එක්කෝ මට බලන්න බැරි වෙනවා. මේ හින්දම පත්තරේට ලියන ආසාව ටිකෙන් ටික ඈත් වෙනවා. ඒත් මචන් මම උත්සාහයක් ගන්නම්. අදහසට නැවතත් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි, කාව්‍යා.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ස්තූතියි, රෝමාන්තික.

      ජයවේවා!!!

      Delete
  10. අදයි ගොඩ වැදුනෙ යාලු
    වෙලාව මදි බ්ලොග් කියවන්න
    ණිර්මාණශීලි කවිය්‍රක්
    ජයම වේව පතනව ඔන්න
    හදවතින්ම

    ReplyDelete
    Replies
    1. වෙලාව මදි වුණත් මේ පැත්තට ආව දුශාන්ව සාදරයෙන් පිළිගන්නවා. අදහස් දැක්වූවට ස්තූතියි. දුශාන්ගේ නිසඳැස්වල හොඳ රසිකයෙක් මම. නැවතත් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete