Sunday, September 11, 2016

ඉයන්ගේ සහ තුශානිගේ ගී පද අභියෝගයට මගේ පිළිතුර...




ඉයන්ගේ ගීත 16 අභියෝගයට එක්වෙන්න බැරි වූ නිසාම මේ අභියෝගයට කොහොම හරි මුහුණ දෙන්න හිතාගත්තත් ඒක හිතන තරම් ලේසි පහසු වැඩක් වුණේ නෑ.මොකද මෙච්චර කාලෙකට කවි ලිව්වත් ගීතයක් ලියලාම නැති නිසා. තුෂානිගේ ලිපියත් බලලා ඒකෙ පද එහා මෙහා කරළා තමයි මේක ගැලපුවේ. කොච්චර දුරට සාර්ථකද නැද්ද කියලා දන්නේ කියවන බලන සහෝදර ඔබ සැම තමයි. ජයවේවා!!!

මේ තියෙන්නේ මගේ පදවැල

මල් පෙති දග කරමින්නේ
තුරු දලුපත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝණිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ නැද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්තා ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩපිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ....

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ....
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ....
 

 
 


12 comments:

  1. මෙන්න තවත් සින්දුවක්.. නියමයි දුමී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී. ලියමුද සින්දුවක් ?

      ජයවේවා!!!

      Delete
  2. හරිම ලස්සනයි.... සුබ පැතුම් ඔයාටත් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි. අභියෝගෙ කොහොම වුණත් එකම තේමාවකට ලියැවුණු පද රචනා කීපයක්ම තියෙද්දි සතුටක් දැනෙනවා.

      ජයවේවා!!!

      Delete
  3. ගීතය, දහඩිය පෙරන් ඉන්න මිනිහෙකුට හුළං පොදක් ඇඟේ වැදුනා වගේ ඕං...ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කා. උත්සාහයක් ගමු නේද සුළගක් යවන්න ?

      ජයවේවා!!!

      Delete
  4. නියමයි දුමී සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. "දුමී"ට සාදරයෙන් පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  5. තව තවත් රසවත්ව ගිත ලියන්නට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, රෝමාන්තිකය.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete