Monday, September 26, 2016

නැන්ද දිනේ දන්නේ නැද්ද............

දානෙ දෙන්න නැන්ද නැද්ද
නැන්ද දානෙ දුන්නෙ නැද්ද
නන්ද නැන්ද දන්නෙ නැද්ද
නැන්ද දිනේ දන්නේ නැද්ද

නින්දා දුන් දෝණි නැද්ද
නින්ද නොදුන් දෝණි නැද්ද
දානෙ දිනේ දෝණි නැද්ද
දෝණි දිනේ දන්නෙ නැද්ද

නැන්දෙ දානෙ දෙන්නෙ නැද්ද
දානෙ දිනේ දන්නෙ නැද්ද
දෙන්න දානෙ දෙන්නෙ නැද්ද
දානෙ දෙන්න දන්නෙ නැද්ද

39 comments:

  1. අපූරු කාව්‍යමය අත්හදාබැලීමක් දුමින්ද. මහචාර්ය සුනිල් අාරියරත්න 'න' අැසුරෙන් ලියූ 'නෝනා නාන්න නන් නාන්න නෝනා' ගීතය මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත්. ඇත්තටම නන්දා මාලනියන් ගයන ඒ ගීතය අහපු දා ඉදන්ම මාත් එක අකුරකින් කවියක් ලියන්න උත්සාහ කෙරුවත් බැරි වුණා. ඊට පස්සේ තමයි 'න' යන්නයි 'ද' යන්නයි දාලා මේක ලිව්වේ. මේක ලියලා අවුරුදු ගානක් වෙනවා.

      ජයවේවා!!!

      Delete
  2. ෂහ්.... අමුතු වැඩක්. නියමයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ. පා. හී. කාලෙකට පස්සෙ ආයිත් ඇවිත්. කාලයක් පේන්න ඉන්නවා. ආයිත් හැංගෙනවා. මොකද මේ..?

      ජයවේවා!!!

      Delete
    2. වැඩ, ප්‍රශ්න... සාමාන්‍ය මනුස්ස ජීවිතේ දුමී අයියෙ. පෙරැලි, පෙලහර, පෙරහැර.... එක එක ජාති. යන්නෑ... නොලිව්වට කියවන්න එනව මං.

      Delete
    3. 'පෙරැළි, පෙළහර, පෙරහැර....' ඔය කියන්නේ මාපිය දෙපාර්ශවයේ යුද පෙරැලි මැද අපිටත් නොකියාම මඟුල් පෙරහැරේ ගියා කියලාවත්ද ? අපිත් කුරුණෑගල නිසා එදාට ආරාධනා කරයි කියලයි හිතුවේ. හැක්.. හැක්...

      ජයවේවා!!!

      Delete
  3. හි හී මේක මරු... මටත් මතක් උනේ නොනා නානවනම් නාන්න නෝන ව තමා

    ReplyDelete
    Replies
    1. හි හී. ස්තූතියි කාව්‍යා. ඒ නාන නෝනා අහලා දැකලා තමයි මේ දානෙ දෙන නැන්දව ගෙනාවේ.

      ජයවේවා!!!

      Delete
  4. ලස්සන පද බැඳීමක්. මට මතක් උනේ එකල වියට්නාමයේ ජනාධිපති ලෙස එරට පාලනය කල ඩින් ඩියෙම්ගේ බිරිඳ නූ ජනාධිපති බලතල පාවිචිචි කරමින් එරට පෙලූ ආකාරය ගැන ලංකාදීප පත්‍රයේ පලවූ සිරස් තලයක් " නානා නැණින් නුන නෝනා නූ නෝනා "

    ReplyDelete
    Replies
    1. "දුමී"ට සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි අදහස් දැක්වූවට.

      ජයවේවා!!!

      Delete
  5. Very nice Dhumi.. U have rare talent..:) try different angles of writing...

    ReplyDelete
  6. නියමයි දුමී...හරිම අපූරුවට ලියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි, මලී...:)

      ජයවේවා!!!

      Delete
  8. මං කියවපු ඔබතුමා ලියපු පට්ට එකෙත් පට්ටම කවි පෙළ​.....brilliant! 😍

    ReplyDelete
    Replies
    1. පැල්පතේ ලොක්කාතුමාට ස්තූති වේවා.

      ජයවේවා!!!

      Delete
    2. ලොක්කාතුමී බොල​..🙋..තුමා නෙවෙයි...👠

      Delete
    3. අහෝ මට සමාවෙන සේක්වා, ලොක්කාතුමා....නැත නැත. ලොක්කාතුමී......!

      ජයවේවා!!!

      Delete
  9. ඉහත කමෙන්ටුවේ තිබුණා වගේම.මුල් පද ටික කියවනකොටම ඔළුවට අවේ නන්දා මාලිනි ගේ "නාන්නනම් නාන්න නෝනා" කියන ගීතය.ආපූරුයි දුමී....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි රෝමාන්තිකයා. දැන් නෝනා නඩු දාන්න යයිද ? හැක්...

      ජයවේවා!!!

      Delete
  10. සුපිරි . . නියමෙට ගලපලා තියෙනවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා.

      ජයවේවා!!!

      Delete
  11. නෝනා නානු නාන්නේ
    නෑ නෑ නොනා නේන්නේ

    ReplyDelete
    Replies
    1. නැන්ද නාන්න දෙන්නේ නෑ
      දෝණි නාන්න දන්නේ නෑ....

      ජයවේවා!!!

      Delete
  12. මම කැමති විදිහේ නිර්මාණකරුවෙක් ඔබ. අත්හදා බැලීම් , නව මානයන් සොයායාම... ඒ එඩිතරකම ලබන්න පිං කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. "දුමී" ට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔය අදහස් වටිනවා. එරන්දිගේ කවිකාරකමත් අපූරුයි.

      ජයවේවා!!!

      Delete
  13. නියමයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  14. එළ!

    අපූරු නිර්මාණයක්!!

    ඒ එච් පියසේන ලියූ සින්දු හෝඩිය (සරසවි, 1998, දෙවන මුද්‍රණය) අරගෙන බලන්න. මේ වගේ කවි පන්ති 24 ක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික.
      මම ලියපු කෙටි කවි කීපයක්ම මගේ බ්ලොග් එක පුරා තියෙනවා. නිවාඩු වෙලාවක එව්වා කියවලා ප්‍රතිචාරයක් දුන්නොත් ඒක සතුයක්.

      ජයවේවා!!!

      Delete
  15. නැන්දා වෙනුවට දුමින්ද කියලාත් දැම්මා නම් දයනු ගාන වැඩි කර ගන්න තිබුණා!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත රසික. ඒත් එතකොට මියන්නත් එනවානේ. මම මේ කවිය පුරාවට ලියලා තියෙන්නේ "න" සහ "ද" යන්න විතරයි.
      අර පොත වෙලාවක අරන් කියවන්නම්.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  16. නන්ද නැන්ද දෝණී දෙන්නා
    දානෙ දිනේ දානේ දුන්නා
    දුන්නද දුන්නැද්ද නොදන්නා
    දීන දනා නින්දා දෙන්නා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉකොනොමැට්ටා. ආයුබෝවේවා කියලා පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  17. මං මුල් වාරේ මෙතැනට ආවේ ද-යන්න ගැන හිතමින් නිසා ඊට අමතරව න-යනු විතරක් ඇති බව දැක්කේ නෑ.

    දැන් ඉකොනොමැට්ටා ගේ කවිය දැකලා මටත් හිතුණා කවියක් ලියන්න.

    නැණ දන දෙන දානේ
    නද දෙන්නේ නෑනේ
    දද දන නෑ දන්නේ
    නන්දන නද දෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටාගේ කවිය වගේම මේ කවියත් මරු.

      Delete