Thursday, September 8, 2016

සීත අඳුරෙ පලයන් මා හැර දමලා.........

පිදු  සෙනෙහසක අරුමය සිත තුළට ගලා
සුදු  පරවියන් යුවලක් මුතු කඳුලු       සලා
කඳු  මායිමේ හිරු මඩලට මුවා       වෙලා
මදු  මාලතිය යන්න ගියා වහං        වෙලා

නෙතට  අළුලු දා කඳුලැලි  මැකුවාට
පොතට  වද දිදී කුරුටුව      රැව්වාට
ගතට  හිරිගඩුව සරදම්        මැව්වාට
හිතට  දුකයි ඈ මා ළඟ      නැතුවාට

සීත  සුළං දැවටෙන විට අහක      බලා
පීත  පාට මල් දලපෙති         පටලවලා
ගීත  බෙදන සියොතුනි අමනාප  වෙලා
සීත  අඳුරෙ පලයන් මා හැර       දමලා.........

23 comments:

  1. Replies
    1. ස්තූතියි, දේශක..යා...ණනි.

      ජයවේවා!!!

      Delete
  2. අනේ ඇයි එහෙම පලයන් කිව්වේ, පව් නේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවකට කුරුළු හඩ විතරක් නෙමෙයි ඔරලෝසුවේ තත්පර කට්ටේ හඩත් වදයක්නේ. එකයි.

      ජයවේවා!!!

      Delete
  3. ලස්සනයි. හොඳට පද ටික ගලපලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ..

      ජයවේවා!!!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සුන්දර පද පෙළක් දුමි...රස වින්දා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු. විරහවත් රහක්.

      ජයවේවා!!!

      Delete
  6. අපූරු ගෙත්තමක් , මේක කියෙව්වම මෙන්න මෙහෙම ලියන්න හිතුනලු මට.

    හුරු පුරුදු මල් පාරෙ නුඹෙ සුවඳ ඇති කියා
    මොහොතකට නැවතිලා ඉන්නවා මඟ බලා
    අපි අපෙන් වෙන් වුනත් මතකයට ගිනි තබා
    තාම හිත ඇවිලෙනව ඒ මතක හොය හොයා

    හිතට දුක දැනෙද්දී නෙත කඳුළු පිරෙනවා
    රෑ අහසෙ තරුවකට මගේ දුක කියනවා
    කදෝපැණි එළියකින් හිතේ තනි මැකෙනවා
    අහිමි වුන නුඹෙ නමට මේ කවත් ලියනවා

    හිම මිදෙන හීතලක නුඹේ උණුහුම හොයා
    දුව එන්න හිතයි මට බැඳි පවුරු බිම හෙලා
    මේ සඳෙම සෙවනැල්ලෙ නුඹ ඉන්න තැන කියා
    එවනවද ආදරය සුළං රැල්ළක ඔතා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි. පිළිතුරු කවිය ඉතාම ලස්සනට ගලපලා. අපූරුයි. නැවතත් මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
    2. "කදෝපැණි එලියක්" මීට කලින් අහලා නෑ. මොකද්ද තේරුම ?

      Delete
    3. කලාමැදිරින්ට කියන තවත් නමක්නෙ කදෝපැණි.බොහොම ස්තූති මගේ කවිය අගේ කලාට.

      Delete
    4. ස්තූතියි තේරුම කියාදුන්නට. මට ලැබුණු අලුත් වචනයක්.
      ලස්සන කවියක් කථාවක් කවුරු ලිව්වත් අපිට ඒක දැනෙනවනම් අගය කළ යුතුමයි ශානි.

      ජයවේවා!!!

      Delete
    5. බොහොම ස්තූති ආයෙමත් මේ ඇගයීමට.

      Delete
  7. Replies
    1. ස්තූතියි, රෝමාන්තික.

      ජයවේවා!!!

      Delete
  8. ශා මරු නේ. ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  9. ස්තූතියි සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete
  10. සුන්දර කවියක් දුමී. වින්දා ඒ කවිය අපුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  11. දුමීගේ කවිය වගේම ශානිගේ පිලිතුරු කවියත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete