Thursday, October 13, 2016

සුන්දර හින්දි වැස්සට මටත් තෙමෙන්න හිතුණා......( මම තේරූ හින්දි ගී 10 )

සිංහල, හින්දි සහ අනිකුත් භාෂාවල ගී වැසිවලින් පහුගිය ටිකේ බ්ලොග් ලෝකය පිරී ඉතිරී ගියා. ඉන්පසු වැහි අඩු වී නියඟයකට ඔන්න මෙන්න තිබියදී 'වර්ණ' හින්දි වැස්සක් ආයිත් වහින්න පටන් ගත්තා. ඉතින් දිනේෂ් ගෙනා මේ දෙවෙනි හින්දි වැස්සට නොතෙමී ඉන්න හැදුවත් හිත කියන්නෙම ඒ වැස්සට තෙමියන්, තෙමිලා උණ හදා ගනින් කියළා. විස්තර මුකුත් නොකියාම ගීත දහය අහමු බලමු.

 1. ' Mother India '
  

 
 2. '  Madhumati '
 


 3.  ' Aradhana ' 
 


 4.  ' Aradhana ' 

  5.  ' Noorie ' 



6.  ' Julie '





7.  ' Saajan ' 


 8.  ' Saajan '
 


9.  ' Dil ' 
 


 10.  ' Yadon ki Barat '


අමාරුවෙන් ගීත දහයක් තෝරගත්තා. ' දිල් ' ' සාජන් ' වගේම ' ආරාධනා ' කවදත් අමතක නොවන නිර්මාණ. ඒවායේ හැම ගීතයකට කැමති බවත් කියන්න ඕනෙමයි.







23 comments:

  1. හා හා... දිනේශ්ට කලින් හින්දි වැස්සට තෙමිච්ච අය මෙහෙ ඉන්නවා හොදේ.. හී හී මගේ ලිස්ට් එකේ කැමතිම ගීත දෙකක්ම ඔයාගෙත් කැමතිම ගීත වෙච්ච එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඔ..ඕ...... ශානි නඩු දානවා එහෙම නෙවෙයි ඕන්. හැක්....
      මම අදහස් කෙරුවේ හින්දි ගීත විතරක් ඇති වැස්සක් ගැන.
      හරි හරි. ඔන්න ඒක නිවැරදි කෙරුවා. අඩුපාඩු පෙන්වීම හොඳ දෙයක්. ස්තූතියි ශානි.

      ජයවේවා!!!

      Delete
    2. හය්යෝ මම විහිලුවකනෙ අනේ කලේ

      Delete
    3. ඒක මම දන්නවා ශානි. ඒ වුණත් අතීතයත් ගලපලා ඔය විදිහට හැදුවා. ඒක හරි.
      කෝ " කාව්‍යා" ?

      ජයවේවා!!!

      Delete
    4. මම අන්තර්ජාලෙට පා තිබ්බෙනම් ඒ නමින් මීට අවුරුදු ගානකට කලින්.ඒත් පස්සෙ නික්නේම් එක අතැරලා සැබෑ නමින් පෙනි ඉන්න ඕනෙ කියලා හිතුනා, ඒත් කාව්‍යා අත නෑර තියන් හිටියා.හැබැයි ගොඩක් අයට සොඳුරු සඳවති බ්ලොගෙක ශානි ශෂීගේ කියලා දන්නෙ නෑ පටලැවෙනවා ඒ නිසා මෙහෙම කලා.

      Delete
  2. හින්දි වැස්සේ තෙමිලා මේවා ජාත්‍යන්තර කුමන්තණ කියයිද දන්නේ නෑ.

    පරණ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්..... කුමන්ත්‍රණ කෙරුවා කියලා අල්ලන් යයිද දන්නෙ නෑ.
      ඇත්ත බං. පරණ සිංදුවලට මාත් පෙරේතයි.

      ජයවේවා!!!

      Delete
  3. පරණ සිංදු වලට මාත් හුගක් කැමතියි....අන්තිම සිංදුව විතරක් ඇහුව...
    ජය වේවා දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්. තෝරපු පළමු ගීතයට ඒ දවස්වල ඉදන් මම හරි ආසයි.

      ජයවේවා!!!

      Delete
  4. හොද ගීත තෝරා ගැනීම් ට්කක් දුමී.සමහර ගීත වලට මන් තදින්ම ආශා කරන බවත් කියන්නම ඕන.....

    ReplyDelete
  5. පරණ හින්දි සින්දු ගොඩකින් ආසම කරන කීපයක් විතරයි මේ. දාමුද තව එකතුවක් ?

    ජයවේවා!!!

    ReplyDelete
  6. දුමීත් අලුත් ගීත අහන්නැති පාටයි. ආරාධනා ගීත ටික මරු. මේ අතරෙ අලුත් සින්දුත් අහන්න සහෝ. අපූරු සින්දු තියනව.

    ReplyDelete
    Replies
    1. අලුත් සින්දු අහන්නේ නැත්තෙම නෑ. අහන්න වෙලාවයි අඩු. අලුත් ලස්සන සින්දුත් තියෙනවා. ඒත් හින්දි සින්දු කිව් ගමන් හිතට එන්නේ පරන ඒවාම තමයි.

      ජයවේවා!!!

      Delete
  7. ලස්සන සිංදු සෙට් එකක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතී හීන දකින්නී. මම මේ හීන දකින්නිගේ සමීකරණය විසදන්න උත්සාහ කරමින් ඉන්නේ.

      ජයවේවා!!!

      Delete
  9. පෝස්ට් 38 ක් ලියලත් මම දන්නෙ නැති හැටි මගේ ප්‍රියතම කවියාට බ්ලොග් එකක් තියෙන බව. කොහෙද මේ බවලත් උදවිය තනියම රසවිඳල යනව අනික් අයට කියන්නෙ නැතුව. මාස හයක් ගතවීත් පාර සොයා ගැනීමට නොහැකිවීම ගැන ඇත්තෙන්ම කණගාටුයි. ඔබේ අද කමෙන්ටුවෙන් දැනගත්තේ බ්ලොගයක් ඇතිබව.

    ReplyDelete
    Replies
    1. හද තුළ ගැවසි අදහස් එකිනෙකට ලියන්
      පද හතරක්ව උපදින කවි හොඳද කියන්
      විඳ ඉන් තුටක් ලද හැකිවිට කුමට වියන්
      අද මම සතුටුවෙමි මෙහි ආවාට ඉයන්.....
      ( හා හා පුරා කියලා ආවාම කවියක් නොදී කොහොමද? )

      ජයවේවා!!!


      Delete
    2. 38කට පස්සේ හරි මේ පැත්තට ගොඩවෙලා යන්න ආව එක ගැන සතුටුයි ඉයන්. ඉඩ තියෙන වෙලාවක පහුගිය ලිපිත් කියවලා අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලත් මතක් කරන්න කැමතියි. ස්තූතියි.

      ජයවේවා !!!

      Delete
  10. දුමීත් 70 දශකයේ උපන් කොල්ලෙක් මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දුකා. මම 80 දශකයේ මේ ලෝකේ එළිය දැකපු කොල්ලෙක්..

      ජයවේවා!!!

      Delete