Wednesday, October 19, 2016

හෙට ලොව ජය ගනින් මම නුඹ ළඟයි පුතේ........

තරු මල් නීල දඟකම් පෑ පුතුගෙ     නෙතූ
විරුවෙකු මතකෙ ඇවිදියි පෙර දුකක තතූ
සරු වූ ගැබට වැඩිදා සිට මගේ          පුතූ
හිරු ළංවුණේ වෙන සඳකට තරුද      සතූ

වෙනතක බැඳී සිටි දෙදෙනෙකු ළං   කරමින්
දෙසිතක සතුට රන් මුදුවෙන් වෙන්   කරමින්
කතරක දැවී සිටියදි නෙතු තුටු          කරමින්
අඳුරක වැඩියෙ පුතු මගෙ ලොව එළි කරමින්

මට උඹ රජෙකි තනි වූ ලොව දුකක්   නැතේ
පිට පිට නැගෙන බාධක බිඳ යමන්      පුතේ
වට පිට දැනෙන මිනිසත්කම ඇතිව     සිතේ
හෙට ලොව ජය ගනින් මම නුඹ ළඟයි පුතේ........ 

29 comments:

  1. Replies
    1. ස්තූතියි වැව්.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ස්තූතියි මිතිල

      ජයවේවා!!!

      Delete
  4. පුතු සෙනේ, අැට මස් ලේ නහර විනිවිද.....දැනෙන
    අපූරු කවියක් දුමින්ද.

    ReplyDelete
    Replies
    1. තනිවූ මවකගෙ ඒ සෙනේ තවත් වැඩියි ප්‍රභාත්. හැමදාමත් කරන දිරි ගැන්වීම්වලට ස්තූතියි.

      ජයවේවා !!!

      Delete
  5. ඇත්තටම ලස්සනයි මචෝ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මචෝ......

      ජයවේවා !!!

      Delete
  6. //වට පිට දැනෙන මිනිසත්කම ඇතිව සිතේ// කෝක නැතත් මේක තියෙන්න ඕනෙ පුතේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්. හ්ම්... ඔය තියෙන්නේ වැටහිලා...

      ජයවේවා!!!

      Delete
  7. සමහර පියවරු දරුවෝ ගැන තියෙන වගකීමෙන් බොහෝම ලේසියෙන් අයින් වෙලා යනවා. ඒත් මවක් මොනම හේතුවක් නිසා වත් ඒ වගකීම් පැහැර හරින්නේ නෑ . .
    ඒ සත්‍ය ගැන අපූරුවට ලියපු පද පෙලක්. නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා. සුලු පිරිසක් හැරෙන්න " අම්මලා" දරුවන් වෙනුවෙන් විඳින දුක විශාලයි. ජීවිතයේ තනිවූ අම්මෙක් තම දරුවාට දක්වන සෙනෙහස බොහෝමයි.

      ජයවේවා!!!

      Delete
  8. සද කිනිති සල සලා
    පුතු ගෙනෙයි මුතු සිනා
    ඒ සිනා කැන් බල බලා
    මවු සිනා සෙයි දිවි පුරා.

    ..පිය පදවි ලැබේවා ඉක්මනින්

    ReplyDelete
  9. සද කිනිති සල සලා
    පුතු ගෙනෙයි මුතු සිනා
    ඒ සිනා කැන් බල බලා
    මවු සිනා සෙයි දිවි පුරා.

    ..පිය පදවි ලැබේවා ඉක්මනින්

    ReplyDelete
    Replies
    1. අපූරු කවියක්නේ දුශාන් ලියලා තියෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  10. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා....

    මේ කවිය ලස්සනයි බං

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කටුසු ඇවිත් ලතා වල්පොලයන්ගේ ලස්සන සින්දුවක්නේ මතක් කෙරුවේ....
      ස්තූතියි බං.

      ජයවේවා!!!

      Delete
  11. හරිම ලස්සනයි දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරුවැහි.

      ජයවේවා!!!

      Delete
  12. ලස්සන හැඟුම්බර කවි ටිකක් දුමී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී.

      ජයවේවා!!!

      Delete
  13. අරුත්බර කවියක් දුමින්ද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  14. අපූරුයි යාලුවේ .. දැනුනා හොදටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවේ. නිර්මාණය දැණුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete