Tuesday, October 25, 2016

' ගෙවතු වගාව '


' ගෙවතු වගාව ' කියන්නේ වර්තමානයේ බොහෝ දෙනා අතර කථාබහ වෙන මාතෘකාවක්. දැඩි නියං කාලයේ මෙන්ම දැඩි වර්ෂා කාලයේදීද මේ පිළිබඳව වැඩිපුර කථා වෙන්නේ එළවළුවල ඉහළ යන මිල නිසාමයි. ඉතින් නරකද ගෙවත්තේ පොඩියට වගාවක් කෙරුවනම්.

ඉන්

* වසවිස නැති පිරිසිඳු නැවුම් එළවළු ටිකක් ගන්න හැකිවෙනවා.
* හිතට නිදහසක් දැනෙනවා
* පොඩි ප්‍රමාණයක මුදලකුත් ඉතිරිවෙනවා
* කන්න ආසා නොකරන එළවළුවක් වුණත් අස්වැන්න කැඩුවාම කන්න හිතෙනවා.
* හිදිසියේ ගෙදර මිරිස්, කරපිංචා එහෙම ඉවරවුණාම කඩේට දුවන්න වෙන්නෙත් නැහැනේ.

ඔය හේතු හින්දම මටත් හිතුණා පොඩි ගෙවතු වගාවක් කරන්න. වැස්ස අඩු නිසා මෙදා පාර තවම වැඩේට බැස්සේ නැහැ. ඒත් මේ වසරේ මුලදී මගේ ගෙවතු වගාවේ ගත්ත පින්තූර ටිකක් තමයි පහළ තියෙන්නේ.  

 
  

 














33 comments:

  1. ගෙවතු වගාවනන් ගොඩක් හොද දෙයක්... මම පොඩි කාලෙ ඉදන් ගෙදර වත්තෙ හරියට එළවළු වැව්වා... පැල බලාගත්තෙ හරියට ලමයෙක් බලාගන්නවා වගේ... තමුන්ම වවපු දේ කද්දි අමුතුම හැගීමක් තියෙනවා... කාබයිට් ගහපු ඓළවලු කද්දි නන් ඒ හැගීම නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මිතිල. ලමයෙක් බලාගන්නවා වගේ තමයි පැල ටික රැකගන්න එක. ඒත් ඒක කරදරයක්නම් නෙමෙයි. සතුටක්. වගාවට රසායණික කිසිවක් මම දාන්නේ නෑ. පොහොරට දාන්නේ ගොම, ඇල්බීසියා වගේ දේවල්. කෘමීන්ට දාන්නත් ගෙදරදිම දියරයක් හැදුවා. විසක් ඇත්තෙම නෑ. එහෙම හදපු එළවලු කද්දි අමුතුම රහක්.
      මිතිල දැනුත් හැකි වෙලාවක මිරිස් පැල ටිකක් හරි හිටවන්න. මල් පෝච්චියක වුනත් හොඳයි.
      (එළවලු වැවූවෙක් හඳුනා ගැනීමත් සතුටක්)

      ජයවේවා!!!

      Delete
  2. ඔව් දුමී මාත් පොඩි කාලේ මිරිස්,බණ්ඩක්කා එහෙම වැව්වා.....මාර ආසයි බන් මිරිස් ගස් ටික ලොකු වෙලා ගහ බර වෙද්දී. ලොකු හේනක් කරනවා වගේ හැගීමක් තම්යි ඒ කාලේ වුනත් දැනුනේ බන්.මොකද වල් ගලවනවා, වතුර දානවා, පාත්ති වටේට ඔය ගොළු බෙල්ලොන්ගෙන් එහෙම බේරෙන්න අළු දානවා........මට මතක විදියට මන් 4 දි 5දි වගේ තමයි

    ReplyDelete
    Replies
    1. සතුටුයි රෝමා. උඹ කිව්වා වගේම ඒ හැඟීම මටත් දැණුනා බං. ගහ හැදිලා මල් පිපිලා ගෙඩිවලින් අතු බර වෙද්දී පුදුම සතුටක් තමයි දැනෙන්නේ.
      පොඩි කාලේ විතරක් නෙමෙයි. ඉඩ තියෙන වෙලාවක දැනුත් බැරිද ?

      ජයවේවා!!!

      Delete
    2. කරන්න ඕනෙ දුමී මල් පැළයකින් ලැබෙන සතුටට වඩා සතුටක් ඒකෙන් දැනෙනවා බන්.

      Delete
    3. හ්ම්. රෝමා හරි. අඩුම තරමේ මිරිස් තක්කාලි ගොටුකොල ටිකක්වත් හදා ගත්තනම්.

      ජය වේවා!!!

      Delete
  3. ගසුත් වැලුත් එකට වෙලි හිමිදිරි යාමේ
    මලුත් ගෙඩිත් ලොවට බෙදයි පෙන්වා සාමේ
    බොහොම හොඳයි අපි කැමතියි මේවට මාමේ
    ගහක් සේම දළු දාපන් දුමින්ද නාමේ

    මීට අරුණ පුතා.

    දුමින්ද නිතරම කවි ලියන නිසා මටත් හිතුනා එකක් ට්‍රයි කරන්න.

    ReplyDelete
    Replies
    1. අරුණ පුතා වෙත.

      තරුණ අතට උදළු මිටක් හුරු කරමින්
      කරුණ කිමද නොකරන්නේ වගා හොඳින්
      අරුණ පුතේ මේ ඔවදන් හිතට අරන්
      වරුණ කවිය වාගෙම සුභ වැඩ අරඹන්......

      බෑ බෑ කිව්වට අරුණත් හොඳ කවි කාරයෙක්නේ. ගොඩාක් කාලෙකින් මේ පැත්තට ආපු එකට සතුටුයි බං.

      ජයවේවා!!!

      Delete
  4. අපේ තාත්තත් දැන් නිකන් ගෙදරට වෙලා ඉන්න හන්දා අම්මගේ මල් පැල අයින් කරලා දාලා එයාට ලේසි ඒවා වගයක් හිටවන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්. මාත් මේ කරන්නේ අම්මගේ උදව් එක්ක තමයි. උදේට වතුර දාන එක එහෙම කරන්නේ අම්මා. හවස ඔෆිස් එකෙන් පස්සෙ පැය භාගයක් වගේ තමයි මම මම මේකට එකතුවෙන්නේ. උදේ වැඩට යන්න කලිනුත් ටිකක් බලනවා. තාත්තත් නිවාඩු වෙලාවට එකතු වෙනවා . ඒ දෙන්නගේ මානසික සුවයටත් මේ දේ හොඳයි කියලා හිතෙනවා.

      ජයවේවා!!!

      Delete
  5. මමත් ආසම දෙයක් එළවලු හිටවන්න
    අස්වැන්න එනකම් ඉවසිල්ලක් නෑ...කාලයක් මෑ.කරවිල.දඹල පතෝල හරි අගේට වැවුනා..ආසාවෙ බෑ.
    ඈත්තටම වත්තෙ හිටව ගන්න එක මොනා හරි කොච්චර අගේද
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි දුශාන්. ඇත්තටම මලක් එන්නේ කවද්ද කියලා ඉවසිල්ලක් නෑ තමයි. ඒ වගේම අස්වැන්න දකිද්දිත් හරි සතුටුයි. මම ඔය පෙන්නලා තියෙන හවරි මෑ අඩි 4ට කිට්ටුවෙන්න හැදෙනවා. වැල පුරාම හරිම ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
  6. මේ කොළඹ කිට්ටුවද ? මම සලාද වවන්න හැදුවා එක පාරක්වත් හරිගියේනෑ. මිරිස් , බණ්ඩක්ක, මෑ එහෙමනං හොදට හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. කොළඹ නෙවෙයි පැනිකු. මේ කුරුණෑගල. ඇතාගල රත්වෙද්දි කොළඹට වඩා රස්නයක් තියෙන්නේ. සලාද ටිකක් හදාගත්තා. එක වතාවක් වැස්සට තෙමිලා සවුත්තු වුණා. ඒ හින්දා වැහි වතුරට නොතෙමෙන්න ඊලග වතාවේ හැදුවා. මින්චි, ළුුණු එහෙමත් හැදුණා. කඩේ තරම් පෙනුමක් නැත්ත හැදෙනවා. සලාද බීජ පැකට් ගද්දී මෑතකදි නිෂ්පාදනය කරපු අලුත් බීජ අරන් බලන්න. ගන්නෝරුවෙන් අනුමත පැකට් රට පුරාම දැන් තියෙනවා මම දන්න විදිහට. මම හැදුවෙ රවුමට ගැට ගහගත් පොල් ලෙලිවල. එතකොට තෙතමනය රැදෙනවානේ. උත්සාහ කරලා බලමු නේද? සාර්ථක වුණොත් අපිතත් කියන්න.

      ජයවේවා!!!

      Delete
  7. අනේ.. දැක්කම හරිම ආසයි... මමත් හිටපු ගමන් වවනවා ගෙදර මල් පෝච්චි වල මිරිස්, බණ්ඩක්කා එහෙම එත් ගොලු බෙල්ලො කනවා අප්පා සේරම එතකොට එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. බෙල්ලෝ ගොළු නොවී අන්ධ වුනා නම් පැල ටික බේරගන්න තිබුනා.

      Delete
    2. ශානි..
      ඒකනෙ අප්පා ඉවසන්න බැරි. දර අළු තියෙනවනම් පෝච්චියට දාන්න. දාස්පෙතියා මල් පොඩිකරලා දාන්න. ගොළුබෙල්ලො අඩුවෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.

      ජයවේවා!!!

      Delete
    3. අරුණ....
      මේකනෙ අරූ.. බෙල්ලා අන්ධ වුණත් කට වැහෙන්නේ නෑනේ....

      ජයවේවා!!!

      Delete
    4. හා හා.. අන්න ඒකනම් නියම කතාව අන්ධ උනානම් හරි තමයි.

      Delete
  8. අළු දානවා ඒත් එයාලගෙන් බේර ගන්න හරි අමරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි. මේක කියන්න අමතක වුණා. වගා කරන පැළෑටි අතරට බත් ඇට ටිකක් දාන්න. එතකොට ඒවා කන්න එන කුරුල්ලෝ අපේ වගාවෙ ඉන කෘමීන් එහෙම කාලා යනවා. එහෙමත් නැත්තන් අතින් අරන් දාන්න තමයි වෙන්නේ. ඒත් බැරි නම් අනේ බෙල්ලන්ට දානයක් දෙනවා කියලා හිතන්න.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. වෙලාව නැති එක තමයි අවුල අටං. මම හවස පැයකට කිට්ටුවෙන්න මේ වැඩේට යෙදෙව්වා. මුලින්ම පස හදලා පාත්ති හදන්න තමයි වැඩි වෙලාවක් යන්නේ. ඒක කරගත්තාම ගොඩ. අනිත් වැඩ වලට ලොකු වෙලාවක් ඕන වෙන්නේ නෑ බං. ඒත් මල් පෝච්චිවල පොලිතීන් කවරවල ප්ලාස්ටික් භාජනවල එහෙම වගාව පටන්ගන්නවානම් තවත් පහසුයි. ගොටුකොල එහෙම කිරිහට්ටිවල හොඳින් හැදෙනවා.

      ජයවේවා!!!

      Delete
  10. මමත් බොහොම කැමති වැඩක්, ප්‍රයෝගික අපහසු කම් නම් එමටයි. එත් බැරිම වෙලාවක උනත් පළා වර්ග ටික හරි ගෙවත්තේම හදාගන්නවා.
    මං කල්පනා කලේ මේ සරල ඉදිරිපත් කිරීමකින් ඔබ කිදෙනෙක්ව දිරිමත් කරලද දුමින්ද..?? ඒ පින ඇති ඔබට
    වගාවත් කවිත්වයත් තව තවත් දියුණු වේවා..!!

    ReplyDelete
    Replies
    1. එරන්දි. මම කලින් කිව්වා වගේ ගොටුකොල එහෙම කිරිහට්ටිවල සාර්ථකව හදාගන්න පුළුවන්. ඊළඟ වතාවේ සලාද හදලා බලන්න. අපි කොහොමත් ගෙදරට ඕන ඒවානේ වගා කරන්නේ. ඉතින් ඒ ගැන සරලව හිතන තරමටම වැඩේ පහසුයි.
      පිනක් කියලා මම හිතන්නේ හිතේ සතුටයි එරන්දි. මේ ලිපිය හරහා මම වගේම වගාවට කැමති පිරිස් ඉන්නවා කියලා මම දැනගත්තා. ඉතින් මට සතුටුයි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. මටත් මෑතක ඉදලා පොඩි ඉඩං කෑල්ලක් ලැබිලා තියෙන්නේ..... ඒත් දුමියෝ ඒකේ ගෙවත්තක් කරන්න විදිහක් නැහැ. ටිකක් කරුවල වැටීගෙන එද්දි ම ඒක ඌරන්ගේ රජ දහනක් වෙනවා. ඉතින් මං පොඩියට මල් වගාවක් කරන්න ගත්තා. ඒකටත් බාධා ගොඩයි. දැන් මං හිතාගෙන ඉන්නේ සත්තුවත්තක් දාන්න කියලා...... මං හිතන්නේ ඒක ලේසි වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඌරන් එක්ක මොන වගාද කියලා හිතෙනවා නේද කුරුටු. උන්ට ඉඩමට එන්න බැරිවෙන්න ක්‍රමයක් හදාගත්තානම් වැඩේ හරිනේ බං. තමන්ගේ කියලා අමතර ඉඩමක් තියෙනවනම් ඒකේ දැනට ගෙයක් හදන්නෙත් නැත්තම් ඉඩම පාළු වෙන්න තෙයෙන එක පාඩුවක්නේ කුරුටු. ගම්මිරිස් වගාවක් එහෙම නැත්තම් බුලත් වගාවක් කරන්න පුළුවන්.( තරමක විශාල ඉඩමක් නම් ඩ්‍රැගන්ෆෘට් වුණත් හදන්න පුළුවන්. ඒවාට ඉල්ලුම වැඩියි. නඩත්තුවත් අනික් වගාවන්ට සාපේකෂව පහසුයි ). ටිකක් හිතලා බලපං.
      ඌරු සත්තුවත්තක් තමයි දාන්න වෙන්නේ. හැක්.....

      ජයවේවා!!!

      Delete
  12. නියමයිනේ දුමී..අපිත් කොයි කාලෙත් ගෙදර මේ වගේ වගාවන් කලා.. දැන් මෙහෙත් කාලෙන් කාලේට එක එක දේවල් හදනවා..මේ දවස් වල පුතාගේ ඉල්ලීමට සූරිය කාන්ත ගහක් හදන්න උත්සහ කරනවා..

    ReplyDelete
  13. ඒක තමයි වෙන්න ඔනෙ හීන දකින්නී. පාසල් කාලෙදිම පොඩ්ඩන්ට ගහකොල සතා සීපාවා ගැන ඇල්මක් ඇති කරන්න ඕනෙ. මට වඩා හොඳින් හීන දකින්නී ඒ ගැන දන්න නිසා ඒ වැඩේ හොදින් කරයි කියලා හිතනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම මීට අවුරුදු 2 ට කලින් සූරියකාන්ත ගහක් හැදුවා. පිපුණු මලත් එක්කම ගහ අඩි 7 විතර උසට ආවා. මලත් ලොකුවට හැදිලා තිබ්බා. ඒත් ගෙදරට ආව අම්මගේ යාලුවෙක්ගේ මිනිබිරියක් ගහ මැදින්ම කඩලා දාලා තිබ්බා.

      Delete
  14. නියමයිනේ දුමී..අපිත් කොයි කාලෙත් ගෙදර මේ වගේ වගාවන් කලා.. දැන් මෙහෙත් කාලෙන් කාලේට එක එක දේවල් හදනවා..මේ දවස් වල පුතාගේ ඉල්ලීමට සූරිය කාන්ත ගහක් හදන්න උත්සහ කරනවා..

    ReplyDelete
  15. අන්න නියම වැඩක්... අපේ තාත්තත් ඔහොම වගා කරනවා

    ReplyDelete
    Replies
    1. වවන්නෝ දිනන්නෝ.

      ජයවේවා!!!

      Delete