Monday, October 31, 2016

දැන්වත් මට කියා දෙන්න උඹෙ සතුටට කරුණක්........

සුදු හාමිනෙ මේ බලන්න මගේ දිහා චුට්ටක්
මේ චීත්තෙ ඔයාටමයි ඒකෙ නැහැනෙ බොරුවක්
තිබහ යන්න තිබුණෝතින් උණු උණු තේ උගුරක්
ලැබෙයි නේද හාමිනෙ අද ඇයි මෙතරම් සතුටක්

මගේ හිතේ පිරී ඇත්තෙ ලස්සන මල් උයනක්
එහි පිපෙනා තනි වූ මල ඔව් ඔව් උඹ පමණක්
උකුළු මුකුළු නොකර ඉතින් තවත් නොගෙන වරුවක්
කියන් නෝනෙ කාරණාව එය මට රස රහසක්

හෙට උදයේ අපි දෙන්නා යමු විනෝද ගමනක්
අම්ම අප්ප හමුවීලා සොයා බලමු සුව දුක්
අතරමඟදි බටලීයෙන් අරගමු කජු අහුරක්
දැන්වත් මට කියා දෙන්න උඹෙ සතුටට කරුණක්

සුදු හාමිනේ : මේ.. මේ... අපි දෙන්නට නැළවිලි ගී පුරුදු වෙන්න වෙයි කියලා මට හිතෙනවා සිතුවිල්ලක්........



- - - දුමින්ද අබේසේකර - - - -




23 comments:

  1. සුන්දර ආදරයක්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සුදු හාමිනේ ලස්සනයි තමයි බං.

      ජයවේවා!!!

      Delete
  2. හරිම සුන්දරයි දුමී...

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු.

      ජයවේවා!!!

      Delete
  3. අඩේ නැලවිලි ගී කියන්නද ලෑස්තිය.....
    අපූරුයි දූමී,කොමළත්වයයි,බොළදත්වයි අගේට තවරල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. සුදු හාමිනෙයි සුදු බංඩයි නැලවිලි ගී පුරුදුවෙනෝ.
      \\\කොමළත්වයයි බොළඳත්වයයි අගේට තවරලා තියෙනවා\\\ ඔය කියන්නේ අළුතින් නිෂ්පාදනය කරපු බටර් එකක් ගැනද ? හැක්..
      ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  4. https://www.youtube.com/channel/UCuegUX8Z2TacSNxwCjkO6fg?sub_confirmation=1

    මේක බලද්දි මතක්වුනේ මේ සිංදුව.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. සින්දුවෙන් ටිකයි ඇහැව්වේ කටුසු.

      ජයවේවා!!!

      Delete
  5. හී හී මං නැලවිලි ගී පොතක් එවන්නම්කො.....

    ReplyDelete
    Replies
    1. මිත්‍ර ආයුබෝං කියළා පිළිගන්නවා.
      මටත් වඩා 'සුදුහාමිනෙ' තමයි ඔය පොත ලැබෙනකන් බලාඉන්නේ..හැක්..

      ජයවේවා!!!

      Delete
  6. වැසි පොදක් වීය ඔබ
    කොතෙක් සිප ගත් නමුත් මිහි මඬල නොරිදවන
    මදනලක් වීය ඔබ
    හමා ගිය නමුදු මුදු සරින් සිත නොපාරන
    ඉරමඬල නුඹ ම විය
    රැස් දහර ජීවය ම මිසක ගිනියම් නොවුණ
    මතකය ද සුවඳ ම ය
    වෙන් වුවද කඳුළකට ඉඩ නොදුණ

    Jaya wewa


    ReplyDelete
    Replies
    1. ලස්සනම ලස්සන කවියක්නෙ මේක. ස්තූතියි දුශාන්.

      ජයවේවා!!!

      Delete
  7. පාන්දරම ඔන්න එළියෙ වැටෙනව මහ වැස්සක්
    මහත්තයෝ නැගිටින්නකෝ අද ලස්සන දවසක්
    අදනම් මගෙ හිත පුරාම පිපිලා මල් දහසක්
    කෝ චුට්ටක් තුරුල් වෙන්න කියන්න රස රහසක්

    ReplyDelete
  8. මේ තියෙන්නේ තවත් රහම රහ පිළිතුරු කවියක්. ලස්සනයි ශානි.

    ජයවේවා!!!

    ReplyDelete
  9. දුමිටම පුලුවන් වෙයි අලුතෙන්ම නැලවිළි ගී ටිකක් ලියන්න..:) අර ඉයන් ලිපියක් ලියලා තිබ්බේ බිස්නස් ගැන . ඒක හොඳ අදහසක් කියලත් හිතුනා..:) :)

    ReplyDelete
    Replies
    1. හීන දකින්නී. නැලවිළි ගී නැතත් මගේම කියළා පොඩි කවි පොතක් කරන්න අදහසක් තියෙනවා. බලමු ඉදිරියේදී...
      ඒ වගේම තමයි. ඉයන්ගේ "බිස්නස්" ගැන ලියපු ලිපිය බැලුවට පස්සෙ මටත් හිතුණා චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ දවස්වල ඒකටත් පොඩි වෙලාවක් වෙන්කර ගෙනයි ඉන්නේ...

      ජයවේවා!!!

      Delete
  10. දුමිටම පුලුවන් වෙයි අලුතෙන්ම නැලවිළි ගී ටිකක් ලියන්න..:) අර ඉයන් ලිපියක් ලියලා තිබ්බේ බිස්නස් ගැන . ඒක හොඳ අදහසක් කියලත් හිතුනා..:) :)

    ReplyDelete
  11. කන්ද උඩින් හඳ පායපු එක ලස්සන දවසක්
    අම්ම එක්ක පන්සල් ගිය දවසෙ කියූ රහසක්
    පින්න මලක් අතේ තියල මට හිනැහුනු හැටියක්
    ගත්තු විදිහ මගේ හිතම පුදුම හිතෙන සතුටක්

    කැන්ද යන්න එක්ක ඇවිත් සුර ලෝකෙට පමණක්
    දුන්න සතුට මට අනගියි මිය යන තුරු විතරක්
    නින්ද නැතුව කවි ලියු හැටි ඒ කාලේ සහසක්
    මෙන්න මෙහම ලඟට වෙලා ගයමුද අපි කවියක්

    ලන්ද දිගේ ඇවිදන් ගොස් තවත් එකම සැරයක්
    ඉල්ල ගමුද දෙව්ලෙන් යැද පඬුරු පුදා වරයක්
    සින්නක්කර ගත්ත හිතට පායා තව තරුවක්
    ඉන්න හැඩැයි ඉඩ දෙමු අපි දායි එයා නඩුවක්






    ReplyDelete
  12. කන්ද උඩින් හඳ පායපු එක ලස්සන දවසක්
    අම්ම එක්ක පන්සල් ගිය දවසෙ කියූ රහසක්
    පින්න මලක් අතේ තියල මට හිනැහුනු හැටියක්
    ගත්තු විදිහ මගේ හිතම පුදුම හිතෙන සතුටක්

    කැන්ද යන්න එක්ක ඇවිත් සුර ලෝකෙට පමණක්
    දුන්න සතුට මට අනගියි මිය යන තුරු විතරක්
    නින්ද නැතුව කවි ලියු හැටි ඒ කාලේ සහසක්
    මෙන්න මෙහම ලඟට වෙලා ගයමුද අපි කවියක්

    ලන්ද දිගේ ඇවිදන් ගොස් තවත් එකම සැරයක්
    ඉල්ල ගමුද දෙව්ලෙන් යැද පඬුරු පුදා වරයක්
    සින්නක්කර ගත්ත හිතට පායා තව තරුවක්
    ඉන්න හැඩැයි ඉඩ දෙමු අපි දායි එයා නඩුවක්






    ReplyDelete
    Replies
    1. මන්ද මටත් අමතක නෑ එය සුන්දර දවසක්
      නින්ද නොයා හැම තිස්සෙම දකින නුඹේ දසුනක්
      කැන්ද ආව දවසේ මෙන් අදත් දැනෙයි සතුටක්
      කන්ද දෙවොල ඉටු කරාවි අපෙ ආදර පැතුමක්.....

      අපූරු පිළිතුරු කවිය.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete