Tuesday, November 15, 2016

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා...........

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා
මල් පාවඩ දිගේ හෙමිහිට අඩිය තියා
ඉමක් නිමක් නොපෙනෙන ජීවිතය සොයා
ඔබත් මමත් නිරතුරු මෙහි ආව ගියා

දෙනෝදහක් දෙන ගැවසෙන නුවර පුරා
නිසසල බිඳී පාවෙයි ඝෝෂාව දරා
රොබරොසියා තුරු ගොමුවේ දවස පුරා
දොඩමළු වුණා අපගේ හිත් ලොවට හොරා

ආදර ඔබේ සුසුමන් දෙව් ලොව වැඩියා
දුටුව සිහින කඳුළු බිඳෙන් බොඳව ගියා
නිරතුරු අප දෙදෙන හමුවූ රොබරොසියා
මලේ සුවඳ මට දී ඔබ යන්න ගියා........

30 comments:

  1. මලේ සුවද දී ඇය යන්න ගියාද දෙව් ලොවට :-)

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව් බං රෝමා. එහෙම හිතනවා.

      ජයවේවා!!!

      Delete
  2. ලස්සනම ලස්සනයි දුමී ...
    රොබරෝසියා කියවද්දී මට මගේ යාළුවා වර්ණ මකත් උනා....
    මට බ්ලොග් ලියන්න කියාදුන්නු උන්දෑ අද බ්ලොග් ලෝකෙන් කාටවත්ම නොකියා යන්න ගිහින්...
    මේ වර්ණයා ලියපු කවියක්

    හීන මතකේ තියා
    නීල දෙනෙතේ ලියා
    ඈත ඉගිලී ගියා
    රෝස රෝබරෝසියා

    සරසවි දොරටුවේ
    පෙති මටසිලුටුවේ
    ඇයි නෙත නොදුටුවේ
    කඳුළු රොබරෝසියා

    මුදු පෙති මිලින වී
    වැසි මල් තුහින වී
    අද මුනිවත රකී
    සුවඳ රොබරෝසියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර.
      ඇත්තමයි "වර්ණයා" ගේ කවි ටිකත් ලස්සනයි.
      හැම අවුරුද්දකම පාර පුරාවට ලාදම් පාටින් පාවඩ දමන රොබරොසියා දැක්කාම ඒ අතීතේ මතක්වෙලා හැඟුම්බර වෙනවා මිත්‍ර.
      මීර අවුරුදු කීපයකට කලින් ලියපු කවියක් මේ.

      ජයවේවා!!!

      Delete
  3. කඳුලකට තනිරකි
    පරවුණු හිතක්
    නුඹ පමනමයි පිලිසරන
    දැන දැන ඇයි පමාවක්
    එන්න නවතින්න මොහොතකට
    කල්පයක් සේ දැනෙන්නට

    ( නිරතුරු අප දෙදෙන හමුවූ රොබරොසියා
    මලේ සුවඳ මට දී ඔබ යන්න ගියා........ )
    ලස්සනයි දුමී
    අත් දැකීමක් වෙන්න ඕන
    මම ඔයාට පිලිතුරක් දුන්න මගේ බ්ලොග් එකේ.මන් ටික කලකට විදෙස් ගත උනා.
    ඉරිදට කෝල්.එකක් දෙන්නම්
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුශාන්.
      ඔව්. අත්දැකීමක් කිව්වොත් හරි. (අවුරුදු කීපයකට කලින්) ඒත් තාමත් ලා දම් පාට රොබරොසියා මල් පිපෙනවා. ඉතින් ඒ අතීතය මතක් නොවී කොහොමද ?
      දුශාන්ගේ කවිවල මම කිව්වා වගේ සමාජයේ කටුකබව පෙනෙනවා. මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්ණ ගැන ලියවෙනවා. මාත් එහෙම කවි ලියලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම දුශාන්ගෙන් ඇහැව්වේ. කොයි වෙලාවක කතා කලත් ගැටලුවක් නැහැ. රැකියාව හොඳින් කරගෙන යන්න ලැබේවා.

      ජයවේවා!!!

      Delete
  4. ඉතින් දැන් අර ආයෙමත්
    පිපෙනවා රොබරෝසියා
    ගිනි ගන්න මහ නගර මැද්දෙත්
    හිනැහෙනා රොබරෝසියා

    නොපාගා බිම වැටුණු මල් පෙති
    එන්න අපි දැන් ඇවිද යමු නිති
    මේ තමා අපෙ ආදරේ
    සෙමෙර සලනා මල් වනේ

    නෙලන්නට බැරි තරම් දුර පිපි
    සුවඳ හමනා ආදරේ මල් ඉති
    අවාරෙත් පීදිලා මුදුනේ
    සුවඳ කල මැන ජීවිතේ

    ආදරේ මල රෝස මල නොව
    ඔබයි මගෙ රොබරෝසියා
    වැටෙන මේ මල් පියලි ගානේ
    ආදරෙයි රොබරෝසියා...

    ReplyDelete
    Replies
    1. අතු අග තනිව පැද්දීයයි රොබරොසියා
      නෙතු මත කඳුල බොඳවීයයි රොබරොසියා
      පැතු පෙම නිතර සිහිකරවයි රොබරොසියා
      පතුලෙම හදක මා හඬවයි රොබරොසියා.....

      ශානිත් ලස්සන අපූරු කවියක් ලියලා.
      //වැටෙන මේ මල් පියළි ගානේ ආදරෙයි රොබරෝසියා// දැනෙන පේළියක්.

      ජයවේවා!!!

      Delete
    2. බොහොම ස්තූතී මේක මාස හය හතකට කලින් ලියපු එකක් ගැලපෙන නිසා මෙතන ඇලෙව්වා

      Delete
    3. බලන් යනකොට කාගෙ කාගෙත් හිත්වල ලස්සන හැඟුම් කවි කරන්න සමත්වෙලා මේ " රොබරෝසියා".....

      ජයවේවා!!!

      Delete
  5. ඔන්න අපිත් ආවා ජය බෝලි නාත් ! :D

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා කියලා පිළිගන්නවා.
      චීන මකරු අහලා තිබ්බට හින්දි මකරෙක් මේ දැක්කමයි. හැක්... නමස්තේ...

      ජයවේවා!!!

      Delete
    2. අපූරුයි දුමින්ද.
      ආයෙත් රොබරෝසියා මල් අැතිරිල්ලක අැවිද යන්න හිතෙන තරම්..
      ජය !

      Delete
    3. ස්තූතිය් ප්‍රභාත්. ඇත්තටම අපේ ගෙදරත් රොබරොසියා ගහක් තියෙනවා. මල් පිපෙන කාලෙට බිම රෝස පාටයි.

      ජයවේවා!!!

      Delete
    4. දුමින්ද, ඔබගේ බ්ලොගයේ පසුබිමේ රූපයට අැස යොමුවෙනවා වැඩියි. එය ඔබේ කවි හා ඊට අදාළ පින්තූරය බැලීමට තරමක බාධාවක් වගේ. පෝස්ට් එක වඩාත් මතුවී පෙනෙන වෙනස් නිර්මාණ සැලසුමක් බ්ලොගයට යොදාගත්තොත් හොඳයි කියා හිතෙනවා. පොඩි යෝජනාවක් විතරයි. ජය !

      Delete
    5. ස්තූතියි. පොඩි පොඩි යෝජනා වුණත් වටිනවා ප්‍රභාත්. උත්සාහ කරලා බලන්නම්. නැවතත් ස්තූතියි අදහසට.

      ජයවේවා !!!

      Delete
  6. මල් පිපුනත් දම් පාටට රොබෝසියා
    හැමදාමත් අහනව කෝ ඔබේ ප්‍රියා

    ReplyDelete
    Replies
    1. සුවඳ මතකෙ තැවරූ මා රොබරොසියා
      නිබඳ හඬයි පෙර වූ මතකයන් සොයා.......

      ජයවේවා!!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි පොකුරු වැඩ රාජකාරි මැද්දේ මේ පැත්තට ආවට.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි මාලි.

      ජයවේවා!!!

      Delete
  9. හැමදාම වගෙ ලස්සනයි දුමී.. ඔබ කොමෙන්ටු ලෙස ලියන කවිත් ඔබ ලඟ එකතුවක් තියා ගන්න.. ඒවත් හරිම අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන දකින්නී. ඇත්තටම බ්ලොග් ලෝකෙ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් මේ ලැබෙන ඇගයීම් මට බොහොම වටිනවා. කවියක් කොහොම හරි ගලපලා ලිව්වත් හීන දකින්නිට වගේ දැනුම බෙදන දෙයක් ගලපන්න අමාරුයි මට. ( ඒ වගේම තමයි මම ලියපු කවි දැකලා බලෙන්ම මට බ්ලොග් එකක් හදලා දීල මාව බ්ලොග් ලෝකෙට එක් කරපු ' රසිකයා' බ්ලොග් එක කරන කුරුණෑගල රසික මල්ලිවත් මතක් කරන්න ඕනෙමයි)
      ඔව් ඔව් ඒ අදහසත් හොදයි තමයි.

      ජයවේවා!!!

      Delete
    2. දුමී.. මට ඔබේ අලුත් පෝස්ට් දෙක දැකපු වෙලේ හිතට ආපු අදහස ලියලම යන්නම්.. අලුතින් ලියන්න ආව ඔබේ බ්ලොගයේ කමෙන්ට් ගාන වැඩි වෙනවා දකින එක මට සතුටක්.. හැකියාව තියාගෙන පස්සට යන්න එපා..

      Delete
    3. මේ තරම් ඉදිරියට ලිපි ලියාගෙන ආවේ ඔය හැමදෙනාගෙන්ම ලැබෙන සහයෝගයෙන් හීන දකින්නී. ස්තූතියි බොහෝ....

      ජයවේවා!!!

      Delete
  10. රොබරෝසියා මල් ඇතිරූ සුවඳ සිතක් දුමිට තියෙන්නේ එහෙනම්? ජයවේව !!!

    ReplyDelete
    Replies
    1. හැම මිනිස් හිතකම අඩු වැඩි වශයෙන් සුවඳක් තියෙනවා පිලෝ..

      ජයවේවා!!!

      Delete
  11. පේරාදෙණිය සරසවිය !
    අපේ තිප්පොල !

    ReplyDelete
    Replies
    1. එහෙත් රොබරොසියා ගහක් තියෙනවාලු නේද ?

      ජයවේවා!!!

      Delete