Sunday, December 18, 2016

සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී..............


සඳ දිය සේල සිතුවම් බොඳ කරද්දී
ඉඳගෙන වටේ තරු තනිකම මකද්දී
විඳ විඳ වළාකුළු දුක් ගී ගයද්දී
හදවත රිදෙයි ඔයාව සිහි කරද්දී

හුළං සැරට එහෙ මෙහෙ දුව පනිද්දී
වහං වෙන්න බෑ සුවඳක් දැනෙද්දී
පතං ආව ආදරෙ කටු ඇනෙද්දී
බලං ඉන්න බෑ විරහව දැනෙද්දී

නැහැවෙන සීත උඳුවප් මහ ලබද්දී
ඇහැ පිං කෙරුවෙ ඔයාගෙ රුව දකිද්දී
බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
ඇහැ රතුවෙනව මේ හීතල දැනෙද්දී

හඳක සිරිය උඳුවප් මහ දිළෙද්දී
මතක මැවෙයි මළබෙර හඬ ඇහෙද්දී
දිනක ඉපිද හැකිනම් සැරිසරද්දී
ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී...........

24 comments:

  1. උදුවප් මහේ අදෝනාව....
    එළිවැටත් රකිමින්
    ලියා ඇත රහට.....
    හිර නැති...රීති නැති....
    නිදහස් කවියකනුත්
    වැඩ පෙන්නහන් දුමි‍යෝ
    කල් නෑර ඉතින් ළගදිම....

    ReplyDelete
    Replies
    1. කොහෙ ගියත් කැරකිලා
      නතර වෙන්නෙ එතැනමයි මා
      එහෙත් රෝමගෙ කවි කොමෙන්ටුව
      හින්ද මගෙ හිත තුටු වෙලා.....

      කවි කොමෙන්ටුව ලස්සනයි රෝමා. හතර පදය හිරවීමක් වගේ කිව්වට මට එක පහසුයි. ඒත් මම ඒකෙම හිරවෙලා නෑ. මගේ පරණ පෝස්ට්වලත් විවිධ කවි තියෙනවා බං. ඒත් හතර පදේ කවි තමයි වැඩි.
      මේ ඉල්ලීම හින්දම ඊළඟ පෝස්ට් එකවත් එහෙම කරන්න බලන්නම්. උඹෙන් ලැබෙන මේ අදහස් යෝජනා වටිනවා බං. (නරකද කවියක් ලිව්වොත් බ්ලොගේ?) ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. ඇත්ත...මන් දැකල තියෙනවා උබේ විවිධ ආරවල් වල කවි.මන් කවි ලියලා තියෙන්නෙ බොලොග් එකේ.ඉස්සහරටත් ලියන්නම්.ස්තූතියි දුමින්ද....

      Delete
    3. ඔව් ඔව්. රෝමාගේ "හෘද සාක්ෂිය." අමතක නෑ. මරු. ඒක අපූරු ලියවිල්ලක්. ඉදිරියටත් ඒ වගේ කවියක් එනකම් බලන් ඉන්නේ.

      ජයවේවා!!!

      Delete
  2. එදා මෙදා තුර..ගීය මතක් උනා දුමී....!

    ReplyDelete
    Replies
    1. ම්..... ඔව් චෙෆාකි. ඒක හරිම සංවේදී ගීතයක් තමයි. හවස ගෙදර ආවාම තේ කෝප්පෙත් අරන් ගෙට වම් පැත්තෙන් තියෙන කුඹුරු යාය දිහා බලාගෙන ඉද්දි ඔයවගේ ගීත නිතරම මතක් වෙනවා.
      වැඩ අතරේ මේ පැත්තටත් ආවට ස්තූතියි චෙෆාකි.

      ජයවේවා!!!

      Delete
  3. ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ස්තූතියි හීන දකින්නී.

      ජයවේවා!!!

      Delete
  5. දුමීගෙ කවිවලට මං ගොඩක් කැමතී.. මොකද හරි අපූරුවට ශබ්ධ රසය අන්තර්ගත වෙලා තියන නිසා...

    ලස්සන පද පෙළ...
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී. "දුමී" ආයුබෝවේවා කියලා පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  6. අමුතුවෙන් බෝල කරලා කොටු කරලා කියන්න ඕන නැහැනෙ...ලස්සනට ගළපපු කවි පෙළක්.. හොඳින් රස වින්දා මමත්...ජයෙන් ජය ! 😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කි. රහ වින්ඳනම් ඒ ඇති. ( අපරාදෙ. තව මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න තිබ්බා මට. සැර කාලවත් ඔය මහත ටිකක් අඩුකරගන්න පුලුවන්නේ ...හැක් )

      ජයවේවා!!!

      Delete
  7. හැමදාමත් වගෙ අදත් බොහොම ලස්සනට පිළිවෙලට ලියපු කවි පෙලක්.... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි. විරහව ලස්සනට ගැලපුවත් ආදරය ගලපන්න ශානි තරම් බැහැ වගේ.

      ජයවේවා!!!

      Delete
  8. හොඳ කවි පෙළක් දුමී , නිසඳැසක් වුනාට රිද්මයක් ඇතිව ලියල තියනවා. ගීතයක් වගේ කියව ගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. කවිය කියවන්න, විඳින්න හැකි වුණානම් මට සතුටුයි අජිත්. අදහසට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  9. නැහැවෙන සීත උඳුවප් මහ ලබද්දී
    ඇහැ පිං කෙරුවෙ ඔයාගෙ රුව දකිද්දී
    බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
    ඇහැ රතුවෙනව මේ හීතල දැනෙද්දී


    සීතලට මුසුවන සෙනෙහස හිත ගිය තැන
    ජය වේව මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete
  10. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete
  11. දෑ සමන් පියල්ලෙක
    තවරාපු ආදරේ මතකයක
    සුවඳ පොපියයි කඳුළක
    පාර අසා මිතුරු සුළගෙක

    ReplyDelete
    Replies
    1. සමන් සුවඳක
      රැඳුණු මතකෙක
      තාම දවනව
      හිතේ අස්සක......

      ලස්සනයි එරන්දි.

      ජයවේවා!!!

      Delete