Monday, December 26, 2016

ඈ යන්න ගියා.......

ඈ යන්න ගියා......
මොනා කියන්නද
මොනා ලියන්නද.....
හිටිහැටියෙම
සුළඟ වගේ හීතල වෙච්චි හදවතත්
ගස් වැල් වගේ එහෙ මෙහෙ සෙලවෙන වචන ටිකත්
කුරුල්ලන් වගේ නිදහසේ පියාඹන සිතුවිලිත් අරන්
ඒ විතරක් නෙමෙයි......
අමාරුවෙන්ම
හොයාගත්ත මගේ....
කවිකාර හිතත් අරන්
මට හොරෙන්ම
ඈ යන්න ගියා........
ඔව්,
ඈ යන්න ගියා.......

24 comments:

  1. ආදරය අහිමිවීමේ හිස් බව හොඳටම දැනුනා... ජයවේවා දුමී !!!

    ReplyDelete
    Replies
    1. දැනෙන්න තරම් දෙයක් මා අතින් ලියවුණානම් මට සතුටක්. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  2. ඕනැම කවියක හැඩතල සුමට
    විමසා ලියයි දුමියා රහට
    සතර පදත් හිර නැත කිසි කලට
    රහයි දුමියෝ කවිය උපරිම හොදට

    උඹ වගේ මන් දක්ස නැතත් සතර පද කොමෙන්ටුවක් මුල්ම
    වතාවට දාන්නෙ. එහෙම නොදා බැරි නිසා. නියමයි දුමින්ද නිසැදැස....

    ReplyDelete
    Replies
    1. හුරු නැතිවුණත් හතර පදේ කවියකට
      මරු වට ගොතා ඇත රෝමා අද රහට
      දැරු උත්සාහෙ උඹෙ ගැලපෙනවා තිතට
      බොරු නොව කියන්නේ හරි සතුටුයි මෙමට....

      ඇගයීමට ස්තූතියි රොමානිස්. ඒ වගේම උඹ හතර පද කොමෙන්ටුවක් මුල්ම වතාවට ලිවීම ගැනත් සතුටුයි. අපිට බැරි නෑ කවි ලියන්න. උත්සාහයයි ඕන. (ගිය වතාවේ කිව්වා වගේ ඔන්න මම හතර පදයක් නැතුව ලිව්වා.)

      ජයවේවා!!!

      Delete
    2. තැන්ක් යු වෙව්වා...උබට ඕන පදයක් එකවගේ උපරිම රහයි...

      Delete
    3. ස්තුති වේවා. ස්තුති වේවා රෝමානිස් උඹටත්.

      ජයවේවා!!!

      Delete
  3. යන්න ගිය එකත් හොඳයි...නැත්නම් කොහෙන්ද මට කියවන්න මෙහෙම කවියක්...👀

    ReplyDelete
    Replies
    1. අනේ.... වියෝ දුකෙන් ඉන්න හිතකට කියන දෙයක්. දුක නැද්ද? හැක්.....

      අදහසට ස්තූතියි ලොක්කියේ.

      ජයවේවා!!!

      Delete
  4. ම්ම්ම්... මොනා කියන්නද...මොනා ලියන්නද...දුක දන්නෙ දුක විඳින හිතම මිස

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. ඒකනේ. තමන්ගෙ දුක දන්නේ තමන්මනේ....

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි පොකුරු වැහි.

      ජයවේවා!!!

      Delete
  6. දුකේ ස්වරූප .... එක් එක් හදවත් වලට බලපාන්නෙ වෙනස් ව... විරහව අපෙන් අරන් ය දේවල් එකිනෙකාගෙන් වෙනස්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කොච්චි. විරහවෙන් එක එක හදවත්වලට එක එක දේවල් අඩු වැඩි වශයෙන් නැතිවෙනවා. ආයුබෝවේවා!!! ස්තූතියි මේ පැත්තට ආවට.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. එහෙමද චෙෆාකි. බලමු. එහෙම වෙනවනම් කොච්චර හොඳද ?

      ජයවේවා!!!

      Delete
  8. දුමියෝ හොදයි, නියමයි, කදිමයි රස පංකාදුයි
    ඇය අරගෙන ගියේ ඔබගේ කවිකාර හිතයි
    හැකිනම් ‍රැගෙන එය ඔබ අද හෙටම හොරෙන්
    තව තව ලියනු කවි ගෙත්තම් සොදුරු හදින්....

    ජය බෝලී නාත් !

    ReplyDelete
    Replies
    1. මෙයවන් රසය පිරි පිළිතුරු ලැබෙන විට
      සතුටින් පිරුන හදවතෙ ඉඩ නෑ දුකට
      හිඳිමින් තවත් ලියු කවි නුඹ බලන විට
      රන්වන් මකරුණේ තූති මල් දෙමි නුඹට.......

      ජයවේවා!!!

      Delete
  9. යනවානං අනේ මං අරං
    යන තැනකට යන්න රත්තරං

    ReplyDelete
    Replies
    1. හිඟා කකා කොලපතක් අරං
      ලුණුයි බතුයි කමුද රත්තරං.......

      බාසිගෙ බ්ලොග් එක පැත්තෙනම් ගියා. ඒත් අරූගේ බ්ලොග් එක ෆලෝ කරන්න බරි වුනා. ඉක්මනින්ම ඒ පැත්තෙත් එන්නම්.

      ජයවේවා!!!

      Delete
  10. සොඳුරු කවි හිතකට අමාරු ඇති
    ඒත් තව ලියපන් මලේ
    දුක තුනී වෙන්නම
    ඈ නොව සොඳුරු හදවතකට
    ඉඩක් ඇති සෙවනක් ලැබෙන්නට

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ. කවියක් කතාවක් ලියද්දී හෝ චිත්‍රයක් අඳිද්දී හෝ දුක තුනී වෙනවා. ඒ වගේම තමයි කරපු නිර්මාණ ආයිත් බලද්දී හිත සතුටෙන් පිරෙනවා. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. ඈ යන්න ගියා මැකිලා

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් ඒකත්.

      ජයවේවා!!!

      Delete