Sunday, January 1, 2017

පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී.......



පාපොඩි තබා ඇවිදින්නට වෙර දරමී
පාවඩ රතුද මල් ගල් හැම ඉවස ගමී
පාවෙන සිහින සිතුවිලි හැම සොරා ගමී
පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී....... 

නිමී තියෙන පහනෙහි ආළෝකෙ කොයින්ද
සොමී දිළෙන රෑ අහසක අඳුර කොයින්ද
නැමී ලියන පන්හිඳකට වචන කොයින්ද
දුමී බ්ලොගය ගලපන මේ මමයි දුමින්ද.......

හෙමින් හෙමින් මතක සිහින සිහි කරමී
පෙමින් බැඳුණු නව වසරෙත් තව ලියමී
නමින් නොකී හැම දෙනාම සිහි කරමී
දුමින් දබේසේකර මම තුති පුදමී.......



 ( තව සති දොළහයි ?....)

36 comments:

  1. සුබ නව වසරක් දුමින්ද...

    මොකද්ද බන් සති දොළහෙ කතාව....??????

    ReplyDelete
    Replies
    1. රෝමාටත් සුභම සුභ 2017 ක් වේවා.

      ම්..ම්....ටිකක් ඉවසපන් බං. සති දොළහනේ..

      ජයවේවා!!!

      Delete
    2. හැබැයි පුතෝ නැකත් මාස තමයි එන්නෙ ඔය කාලෙදි :-D

      Delete
    3. අප්පොච්චියේ...... හැබෑම තමයි. සුභ මාසයක් නොවැ බක් මහ.

      ජයවේවා!!!

      Delete
  2. ප්‍රතිචාරයට කවියෙන් උත්තර ලියනා
    ඒ පබැදුමත් රසබර කවියක් වෙන්නා
    මේ වසරෙත් ඒ ලෙස කවියෙන් එන්නා
    දුමී ඔබට සුභ නව වසරක් වෙන්නා

    ReplyDelete
    Replies
    1. කවකින් පිළිතුරක් අරගෙන මෙහි පැමිණා
      පවනක් ලෙසින් සටහන් කර ගියෙ තුටිනා
      කවදත් වගේ ඔය අදහස් මට වටිනා
      නැවතත් නුඹට නව වසරේ සුභ පතනා.....

      ජයවේවා!!!

      Delete
  3. තව සති දොළහක් බලා ඉන්ඩ එපැය

    ReplyDelete
    Replies
    1. ඒක නෙව අටං. බොලාට ඒක වැටහිලා නොවැ.

      ජයවේවා!!!

      Delete
  4. මල් පාවඩ නැත ඇවිදින්නට මල්ලි දුමී
    ගල් ඇතිරුනු මාවත් දිග යන්න දුමී
    ගල් මුල් අහුලගෙන යන මග යසයි දුමී
    මන් පතනවා දිගුකල් මෙහි ඉන්න දුමී

    ජය වේවා මලයා..

    ReplyDelete
    Replies
    1. මල් පාවඩය වටිනා බව දන්න දුමී
      ගල් මුල් නැගෙන්නට හැකි බව දන්න දුමී
      රැල් රැල් නැගෙන බාධක ජය ගනියි දුමී
      මල් සුවඳකින් ස්තූතිය පිරිනමයි දුමී......

      ස්තූතියි අයියෙ.

      ජයවේවා!!!

      Delete
  5. කවි කම් වැඩිපුර සිතට නැගෙන වාසනාවන්ත නිරෝගී සුබ නව වසරක් වේවා. ඔන්න මමත් මේ පැත්තට ආවා. ඔයාට තව තවත් හිතට දැනෙන නිර්මාන වල යෙදෙන්න ෂක්තිය ලැබේවා කියල මම හදවතින්ම සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා! අලුත් අවුරුද්දෙ අලුත් සහෝදරියක්. කටකාරීටත් නව අදහස් පහලවන වාසනාවන්ත 2017 වේවා.

      ජයවේවා!!!

      Delete
  6. නව වසරේ කවි සිතුවිලි තව බෝ වේවා....

    ReplyDelete
    Replies
    1. එම රෝගයම ඔබෙ හිතටත් වැළඳේවා.
      ස්තූතියි ශානි.

      ජයවේවා!!!

      Delete
  7. වසරක් ගෙවී වසරක් තව එලඹෙන්නේ
    යහපත් පැතුම් එලෙසින්මය ඉටු වන්නේ
    සුභ පතමින් ම යලි එන්න ට සමු ගන්නේ
    තුන් මාසයක් පෙරමග බලමින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පන්හිඳ මවන දේ බ්ලොගයේ හැඩවෙන්නේ
      ඉන් සතිපතා ඉදිරියටත් ලියවෙන්නේ
      තුන් මස ඉකුත් වූ දිනයෙත් යළි එන්නේ
      ළං වී බලනු එදිනට මොනවද වෙන්නේ......

      ජයවේවා!!!

      Delete
    2. මේ බ්ලොග් එක හොඳට බැලුවොත් තුන් මාසෙකින් වෙන දේ පැහැදිලියි.

      Delete
    3. ම්..ම්... ඔය ගැන දුරට හිතන්න එපා. ඒක පොඩිම පොඩි කාරණාක්, කසුන්.

      ජයවේවා!!!

      Delete
  8. දුමී දුමී දුමී දුමී දුමී දුමී
    දුමී දුමී දුමී දුමී දුමී දුමී....හැක්....සුභම සුභ අලුත් අවුරුද්දක්...ආවඩා ආයුබෝ වේවා 😇

    ReplyDelete
    Replies
    1. කමී බොමී සුවසේ නිති හිඳිමී
      එමී යමී රෑ වුණු තැන නිදමී.......හැක්...

      ලොක්කිටත් ජොලිබර හිනාබර 2017 වේවා.

      ජයවේවා!!!

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා... මාස තුනක් මොකටැයි....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී. ඔයාටත් සුභම සුභ 2017 ක් ප්‍රර්ථනා කරනවා.
      මාස තුනක්..ම්......ඒක දැනගන්නනම් මාස තුනක් ඉන්නම වෙනෝ......

      ජයවේවා!!!

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා දුමි...ඔබේ කවි කම තව තවත් ඔප මට්ටම් වේවා කියල පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. පොකුරුටත් අලුත් රැකියාව හොඳින් සතුටින් කරගෙන යන්න හැකි වෙන වාසනාවන්ත 2017 ක් වේවා.

      ජයවේවා!!!

      Delete
  11. දුමීට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකිටත් කෑම රස වැඩියෙන් ඉදෙන ලස්සන වැඩි සැළසුම් ඇඳෙන ලස්සන අදහස් මැවෙන සුභ 2017 ක් වේවා.

      ජයවේවා!!!

      Delete
  12. නව අවුරුද්දේ ජය පාටයි මම සිතුවේ
    තව සති දොළහාකින් කියනා බව කිව්වේ
    ආසිරි මංගලම් ජය බෙර හඬ වැයුවේ
    කියපන් දුමි බොරුවක් දැයි මම කිව්වේ

    ReplyDelete
    Replies
    1. භවයන් පුරා තවමත් ඇගෙ රුව සොයමී
      රුව මන් දුටු විගස කරකාරෙට ගනිමී
      කවකින් සුවඳ නව වසරට ජය පතමී
      ඉවසන් ෆිලෝ සති දොළහෙන් පසු කියමී.......

      ජයවේවා!!!

      Delete
  13. මං ඉතිං සුපුරුදු පරිදි late commer.. ඒ උනාට සති දොළහේ කතාව මං දන්නවා... ඒ උනාට කියන්නේ නැ :) :)
    අපේ බ්ලොග් වලට ත් එක්කම ලස්සන කවිලියවෙන සුබම සුබ වසරක් වේවා දුමී..!!

    ReplyDelete
    Replies
    1. වෙලාව නෙමෙයි මේ පැත්තට ආව එකයි වටින්නේ.
      නොකියා ඉන්න එක හොඳයි එරන්දි. එක පොඩි කාරණාවක්.
      නිදහසේ වචන ගලන ලස්සන නිර්මාණ තවත් වැඩියෙන් ලියවෙන ලස්සනම 2017 ක් එරන්දිටත් අත්වේවා.

      ජයවේවා!!!

      Delete
  14. දුමී කියා තවත් බ්ලොග් ලියන්නෙකු ඉන්නවා, දැන් නම් ඔහු ගේ ලිවිල්ල අඩුවෙලා!

    ReplyDelete
    Replies
    1. එක නම තියෙන පුද්ගලයන් කොච්චර ඇද්ද ? මම බ්ලොග එක හදලා ටික කාලයක් ගියාට පස්සේ තමයි දැනගත්තේ දුමී කියලා තවකෙනෙක් ඉන්නා බව. ඒත් ඒ බ්ලොග් එක ' දුමීගේ කථා ' වගේ තමයි මට මතක. මගේ බ්ලොග් එක ' දුමී '. එතකොට ලියන මම දුමින්ද අබේසේකර. රසිකට කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. මගේ බ්ලොග් එක මට හදලා දුන්නෙත් බ්ලොග් ලෝකය ගැන මාව දැනුවත් කරෙත් ' රසික ' කෙනෙක්. ඒ තමයි 'රසිකයා' බ්ලොග් එක ලියන කුරුණෑගල රසික මල්ලි. බලන් යනකොට රසිකලත් හැම තැනම. පැමිණීමට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  15. ලස්සන කවි සිතුවිල්ලක්.... මට නම් කවි ලියන්ඩ බෑ...
    ඒක නෙමේ මේ මොකද්ද මේ සති දොලහා ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      බැහැ කියලා නෑ. උත්සහයක් ගත්තොත් කවි ලියන එක අසීරු නෑ.
      හෙහ් හේ....සති 12 න් පස්සේ කියන්නම්.

      ජයවේවා!!!

      Delete
  16. ඒ දුමී හා මේ දුමී හැර වෙනත් දුමීලා සිටිත් ද ?

    ReplyDelete
    Replies
    1. එසේය. එසේය. ඒ දුමීත් මේ දුමීත් හැර තවත් දුමීලා බොහෝ ඇතිය.

      ජයවේවා!!!

      Delete