Sunday, January 22, 2017

මුදා හුස්මපොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා............






'මගේ පිලොසොෆිය ' බ්ලොග් එකේ 2017- 1- 27 දින පළවුණා පොළොන්නරුවේ මැණිකෙ නැන්දා ගැන අපූරු සටහනක්. සංවේදී සටහනක් වූ එය කයවද්දී මට හිතුණේ ඒක කවියකටත් අපූරුයි කියළා. ඉතින් ෆිලෝගේ අවසරයත් එක්කම ඒ සටහන මට දැණුනු විදිහට කවියකින් මෙහෙම ඉදිරිපත් කරනවා.  

' මගේ පිලොසොෆිය '




ඈත දුරු රට හුදෙකලාවක දිවිය නිහඬව ගෙවෙද්දී
මෑත හිරු රැස නැගුණු මාවත කවුළු අතරින් පෙනෙද්දී
දෑත එක්කර අසිරි ලැබදුන් ඇයව සිහියට නැගෙද්දී
සීත පරදන කඳුළු මතුවෙයි එදා දින සිහි කරද්දී

සිඳී ගිය ඇළ වේලි එකතුව නියං සිතුවම හැඩට ඇන්දා
බැඳී හැම තැන දූලි සුවඳම කටුක බව තව හොඳට වින්දා
රැඳී අප සිටි ගමේ ගෙදරක මවක සෙනෙහස ලැබුණු හින්දා
රිදී පොකුණක අපට හමුවුණු තවම මතකයි මැණිකෙ නැන්දා

දිනක සැමියත් ඇයව තනිකොට ගියේ යන්නට හා මරූ
හිතක දුක්මුසු වුවද ඇගෙරුව දකින්නට හරි පියකරූ
දුරක වැඩපල කරන තිදෙනෙකි උස් මහත් වූ ඇගෙ දරූ
නෙතක කදුලක් ගලනවාමයි මතක්වනවිට නිරතුරූ

වරෙක ලැවරිය හදා අපහට දුන්නෙ ඈ හරි සන්තොසින්
රසක මහිමය කියනු කොහොමද අපි එදා හිටියේ තුටින්
ගමක පිරිසට අපව පෙන්වා හිටියෙ ඇය ආඩම්බරින්
මවක නැති මට මවක් වී සිටි තෙදින අමතක නෑ ඉතින්

එදා වැඩපල නිමා කර යළි ආවෙ අපි ගම්බිම් බලා
බදා අප තිදෙනාව නළලත හාදුවෙන් සංග්‍රහ කලා
සදා මුවගෙන් සිනහ රඳවා කඳුල ඈ යටපත් කලා
මුදා හුස්මපොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා

උන්න දින අප මැණිකෙ නැන්දේ ඔබේ ගුණ මතකෙට ගමී
එන්න බැරි වී ගියද සිත තුළ කහට නැති බව දන්නෙමී
දන්න නෑකම් වලට ඉහළින් නුඹගෙ නෑකම රඳවමී
යන්න ගිය එක දුකයි මා හට නිවන් සුව මම පතනෙමී........  






( තව 9 යි ) 

41 comments:

  1. කියන්න වචන නෑ සහෝදරයා. මගේ කඳුල අලුත් කලා දුමී. මම ලියලා හිත නිදහස් කර ගත්තා. දුමි මගේ හැගීම් මටත් වඩා හොඳින් ලිව්වා. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ආවොතින් යායුතු
      ගියෝතින් ආ හැකි
      නොතිර ගමනෙක
      අතර මැදකදී
      හමුවෙලා සමුදුන්
      වාර මතකයෙහි නැති
      සසර ගමනේ
      නිමක් නැති.....
      හිත හදාගනු බැරි
      හිත හැදෙන්නට
      කාලයට ඉඩ දෙමු...
      අපි ඉතිං හිතවත..

      Delete
    2. ෆිලෝ......

      ස්තූතියි සහෝ... ලියලා හිත නිදහස් කරගන්න පුලුවන් වගේම කඳුලක් පිට කරලා දුක තුනී කරගන්නත් පුලුවන් ෆිලෝ.
      කවිය මෙහෙම ලියවුණේ ෆිලෝගේ අපූරු සටහන මගේ හිතට තදින්ම දැණුනු හින්දයි.
      ජයවේවා!!!

      Delete
    3. එරන්දි....

      සසරෙ තැනෙක
      අපට හමුවන
      නෑකමක් හෝ හැඳුනුමක් නැති
      සංසාරගත බැඳීමක්
      මේ තරම් හිතකට
      වද දෙන්නේ ඇයිද
      එයද ආදරය
      එයද ජීවිතය

      එරන්දිගේ පදපෙල ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
    4. සසරේ
      හුරුපුරුදු නිසාම ද
      ලෙංගතු කමින්
      හිත බැදෙන නිසාම ද
      මා ද ඔබ ද නොදන්නා
      නන්නාඳුනනා මුත්
      හැඟෙන්නේ ලෙංගතු කම්
      මනුසත් කමෙක මහිමයම
      නිසා නොවේ ද සොයුරේ..?

      Delete
    5. දුරක හිටියත්
      නොදැන හිටියත්
      කිසිම දිනයක
      නොදැක හිටියත්
      සසරෙ දිනයක
      අහඹු හමුවක
      සොයුරු පෙම නිති
      නැගෙයි දෙහදක.....

      ජයවේවා!!!

      Delete
  2. සමහර ම්නිස්සු පට්ට විදියට හිත් වලට ලන් වෙනවා බන්....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෝමෝ.....
      එහෙම ළංවුණාම දැනෙන සතුටට වදා දෙගුණ තෙගුණ වෙලා දුකක් දැනෙනවා ආයිත් දවසක අපෙන් වෙන්වෙද්දි. ඒ වෙලාවට කෑගහලා කියන්න හිතෙනවා ඇයි මෙහෙම දුකක් දෙන්නේ කියළා...

      ජයවේවා!!!

      Delete
  3. සංවේදී පද පෙළක්.... සිදුවීම අපූරුවට කවියට නගලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී.
      නිර්මාණී මේ කවියට උඩින් තියෙන් ලින්ක් එකෙන් ෆිලෝගේ සටහන බැලුවද? ඒක කියවද්දි මට දැණුනු හැඟීම තමයි මේ විදිහට කවියක් වුණේ.

      ජයවේවා!!!

      Delete
    2. ඔව් දුමී.. ඔයාට ස්තුතී ෆිලෝසොෆියට මග පෙන්නුවට...

      Delete
    3. සතුටුයි සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  4. මං කියවලා තියෙන තරමට දුමී කියන්නේ හරිම සුන්දර නිහතමානී නිර්මාණකරුවෙක්.. මේ ඊට හොඳම නිදසුන...

    ReplyDelete
    Replies
    1. මං අහන්නමයි හිටියේ සති කියද කියලා දුමී :) 9යයි නේ ?

      Delete
    2. හා ඔව් බන් සති ගාන හරියට දාහන් මන් මේ කැලැන්ඩරෙ කොටුත් කපනවා

      Delete
    3. එරන්දි.
      ස්තූතියි. බ්ලොග් ළෝකේ සුන්දර සහෝදරයන් සහෝදරියන් එක්ක වැඩකරද්දී ඒ ගතිගුණ බෝවෙනවා එරන්දී.
      ඔව් ඔව්. තව සති 9 යයි.

      ජයවේවා!!!

      Delete
    4. රෝමෝ.
      හරි හරි බං. හරියට තමයි දාලා තියෙන්නේ. අම්මාගෙන් බැනුම් ඇති නේද කැලැන්ඩරේ කොටුකපනවට...හැක්.

      ජයවේවා!!!

      Delete
    5. දුමි, රෝමා ඉස්සර ඉඳන්ම කැලැන්ඩරේ කොටු කපනවා. හික්..

      Delete
  5. උඹේ කවි නම් නියමයි කොල්ලො...හෙහ්,හෙහ්..

    මැණිකෙ නැන්දගෙ ගම ගැන මාත් දන්නව...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවියෝ...
      මම මග බලාගෙන හිටියේ මේ පැත්තට ඉර පායන්නේ කවද්ද කියලා. අද තදින්ම වැස්සේ ඇයිද කියලා බැලුවාමයි දැක්කේ ඉර (රවී) හා හා පුරා කියලා මේ පැත්තට ඇවිත් තියෙනවා කියළා. සතුටුයි. සතුටුයි.
      "රන් පොකුණ" ගම ෆිලෝගේ සටහනට අනුවනම් දුෂ්කර සුන්දර පැත්තක් කියලා හිතෙනවා.
      ඒ ගැන ලිව්වොත් හොඳයි නේද රවියෝ...

      ජයවේවා!!!

      Delete
  6. සොඳුරු සංවේදී පද පෙළක් දුමි...

    පිලොසොෆිය කියවන්න ඕනේ...පොස්ට් එක දැක්කට කියවන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු.
      ඒ පැත්තේ ගිහින් එන්න. හිතට දැනෙන ලියමනක් ඒක.

      ජයවේවා!!!

      Delete
  7. හරිම ලස්සන සංෙව්දී පද ෙපලක් ඔබට ජෙයන් ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, උපේක්ෂා.

      ජයවේවා!!!

      Delete
  8. විශිෂ්ටයි දුමින්ද...කවදත් වගේම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොච්චි.

      ජයවේවා!!!

      Delete
  9. ////සිඳී ගිය ඇළ වේලි එකතුව නියං සිතුවම හැඩට ඇන්දා/////

    මේක කවියේ තියන චිත්‍රය. මේ තමයි චිත්‍රය ඉස්මතු වෙන තැන. ඒ මට වදින තැන.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ. ඕක තමයි මාත් මාතෘකාවට දාන්න හිටියේ. ඒත් එතකොට මාතෘකාව බලපු හැටියේ කෙනෙක්ට මේ කවිය නියගයක් ගැන කියනවදෝ කියල හිතෙන්න පුලුවන් නිසයි මාතෘකාව වෙනස් කෙරුවේ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  10. ඔයාගේ කවිකම් ගැන ඉතින් කවර කතාද.. මේක ඉස්තරම්. කවියේ නිධාන කතාවත් කියවන්න යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සඳූ. ඔයාගේ කවිකම් ගැනත් මම නොදන්නවයැ....:)
      ඔව් ඒ පැත්තෙත් වෙලාවක ගිහින් එන්න.

      ජයවේවා!!!

      Delete
  11. නියමයි දුමින්ද සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල සහෝ...

      ජයවේවා!!!

      Delete
  12. කතාවත් ඔබේ කවියත් ඇස්දෙක බොදකරන්නට සමත්වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග,
      ලියපු දේකින් කෙනෙක් සංවේදී වුණා කියන්නේ එය ඔහුට හෝ ඇයට දැණුනු නිසයි. සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  13. හිතට දැනුනා ඒක නම් ... අද තමයි මේ පැත්තට ආවේ .. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතට දැණුනානම් ඒක මට සතුටක් ධනු.
      ආයුබෝවේවා කියලා පිළිගන්නවා. මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැක්වූවාට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  14. සමීපතමයෙක්ගෙන් වෙන්වීම..විශේශයෙන්ම මරණ්ය කියන දෙයින් සදාකාලිකවම වෙන්වීම..හිතේ ජනිත කරන්නේ...ඉමහත් ශෝකී බවක්...කවි පෙලින් එය අපූරුවට ගෙන හැර පානවා ඔබ....

    ReplyDelete
    Replies
    1. ඔව් විසිරී. මරණය කියන වෙන්වීම අපිට දරාගන්න අසීරු දෙයක්. ස්තූතියි බොහෝම.

      ජයවේවා!!!

      Delete
  15. සිතක ගැඹුරුම පතුලෙ ඇළලුන සෙනෙහයක සුව වැනුම කෙරුමයි

    මතක මංපෙත් පුබුදුවා සුන්දර අතීතය එලිය කෙරුමයි

    කතක ගම්බද ගුණක මහිමය සියලු දන හට සපථ කෙරුමයි

    නෙතක කදුලක අගය පුදදී ඇයට නුබ කල කවිය අරුමයි

    නෙල්ලිPrince..

    ReplyDelete
    Replies
    1. දුරක සිටි නුඹ කොච්චි සමගින් අහඹු ලෙස මුණ ගැහුන කිව්වයි
      නවක මිතුරෙකු ලෙසට බ්ලොග් ලොව රැඳෙන බව ඔහු කිව්ව මතකයි
      දුරක යන්නට අසිරි සමගින් තුතිය දෙන මේ සුභම මොහොතයි
      කවක නුඹ දුන් පිළිතුරෙන් මගෙ හදවතේ පිබිදෙන්නෙ සතුටයි........

      ජයවේවා!!!

      Delete