Sunday, January 8, 2017

උමා ඔය ගලනවා...............




උමා ඔය ගලනවා
අපේ ජීවිතය ගිලෙනවා
හිතේ ගිණි නිව නිවා
අපි දුටුවා අපේ සිහිනයෙත්
ජයක් දෙන බව උමා

රළු පොළොව හා ගැටී
අස්වැන්න හොදටම වටී
නැගිට යළි වැටි වැටී
අපි හිටියා අපේ දහිරියෙන්
කා ළඟත් නොවැටී

දුක් ගැහැට නැත නිමා
අනාගතයම ගිල දමා
කඳුළු පිස දම දමා
අපි හිතුවා අපේ ජීවිතෙත්
බේරා දේදෝ උමා...........


 ( තව සති එකොළහයි....... )

34 comments:

  1. ගනින හැම දිනෙකම
    ලියැවෙනා හැම කවෙකම
    නොකියනා ඒ රහසම
    පනී එළියට නොදැනිම...

    ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. අනේ මට නොදැනිම
      කිව්වදෝ ඒ රහසම
      එරන්දිගේ මේ කවියම
      හින්දා තුටු වෙමි මම......

      ලස්සන පිළිතුරක් එරන්දී. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. එරන්දි ගේ කවියත් දුමිගේ කවි පෙළත් ලස්සනයි කියමුකෝ.

      Delete
    3. හෙහ් හේ... අජිත් අයියටත් ස්තූතියි කියමුකෝ..

      ජයවේවා!!!

      Delete
  2. උමා නෙවෙයි දුමී මෙමාට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඔය සති එකොළහ.
    හා...කමක් නෑ එක්කො තව සති එකොළහයිනෙ...
    කවිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. තව එකොළහයිනේ... ඒත් ඒක මහළොකු කාරණයක් නෙවෙයි බං.
      ඇගයීමට ස්තූතියි රොමානිස්. ආ...
      ඇත්තටම " රෝමාන්තිකයා" කියන්නේ කතෝලික වචනයක්ද බං ?

      ජයවේවා!!!

      Delete
    2. ඇයි බන් මේම කරන්නෙ?සිරටමද අහන්නෙ

      Delete
    3. සිරාවටම අහන්නේ. නැතුව උඹව අසරන කරන්න නෙමෙයි, රෝමා.

      ජයවේවා!!!

      Delete
    4. :-) romantic කියන එකේ සිංහල තේරුම බන්. කතෝලික ආගමත් එක්ක සම්බන්ධයක් නෑ බන්

      Delete
    5. ස්තූතියි රෝමා. මටත් එහෙම හිතුණා. හරියටම දැනගන්න ඇහැව්වේ.

      ජයවේවා!!!

      Delete
  3. වෙනද වගේමයි.. ලස්සන පද පෙළ.. වෙනදට වඩා ටිකක් වෙනස් වෙලා...

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසක් තියෙනවා නේද නිර්මාණී. කෙටි කථා, හතරපද කවි, කෙටි කවි, චිත්‍ර වගේ පොඩි වෙනසක් කරන්න හිතුවා. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  4. හරිම ලස්සනයි. මට ඔයා ගෙ කවි බලනකොට හිතෙන්නෙ එදා “රජෙක් හදනවට වැඩිය කවියෙක් රටට බිහි කරන එක හොඳයි" කියල අතීත කියමනක් තියනවනේ. ඒක ඇත්ත කියල ජයවේවා දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී. කාලෙක ඉදන් හිතේ තිබ්බ අදහසක් මේ කවියකට පෙරලුවේ.

      ජයවේවා!!!

      Delete
  5. උමා ඔය වගේද අප්පා මේ සති එකොළහ ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්පා. මේ "දුමී" යගේ පිස්සු වැඩනේ.

      ජයවේවා!!!

      Delete
  6. ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා.....(අහලා තියෙනවද )

    මොකක්ද මේ සති, මාස කතාව දුමී.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අරුන. කැමතිම සින්දුවක්නේ "උමා".

      තව සති 11 න් ඒක කියනවාමයි. පොඩි කරුණක්. මහ ලොකු දෙයක් නෙමෙයි අරුන.

      ජයවේවා!!!

      Delete
    2. ඒක තමා.මටත් කුතුහලේ...

      Delete
    3. අරුණ බ්ලොග් එකක් ලියනවැයි. කියවනව , කමෙන්ටු කොටනව විතරෙයි ?

      Delete
    4. සොදුරු සිත, තව සති 11න් බලන්නකෝ..

      අරුණගේ බ්ලොග් එකක් තියෙනවා. මාත් ලගදී දැනගත්තේ. " අරූගේ අඩවිය " තමයි ඒකෙ නම. වැඩි විස්තර අරුණගෙන්ම තමයි දැනගන්න වෙන්නේ.

      ජයවේවා!!!

      Delete
    5. සොසිට නිවාඩු පාඩුවෙලාවක අරූගේ අඩවිය වර්ඩ්ප්‍රෙස් කියලා ගහලා බලන්න. මම ලියන දේවල් වගේම, ඒ කමෙන්ට්ස් කියවන්න. මාව කියවන එවුනුයි, මායි හෙන පිස්සුවක් නටනවා. බ්ලොග් එක කොහොම වුනත්, කමෙන්ට් කරන එවුන් මරු. වෙන මක්ක කියන්නද :D..තේරුනැයි ඔහෙට :D

      Delete
  7. මට මේ කවිය කියෙව්වහම මතක් වෙන්නේ,

    තුමුල නමුණුකුළ ගිරි හිස ගීය. ඒකෙත් උමා ඔය ගැන සදහන් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. මාත් කැමතිම ගීතයක්.
      උමා ඔය ව්‍යාපෘතිය නිසා ඒ මිනිසුන්ට ඇතිවුණු අපහසුතා ගැන මට හිතුනු අදහසක් තමයි මේ.

      ජයවේවා!!!

      Delete
  8. උමා! හ්ම්ම් හ්ම්ම්ම්...කියෙව්වා මං ඇස් බැම උඩ දම දමා....හැක්..😉

    ReplyDelete
    Replies
    1. ඇස් බැම උඩ දම දමා බලන්න තරම් භයානකද, උමා? .....

      ජයවේවා!!!

      Delete
  9. තව සති දහයයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ....ලබන සදුදට එහෙම තමයි දාන්න වෙන්නේ....

      ජයවේවා!!!

      Delete
  10. ලස්සනයි වෙනදා වගේම...

    මගේ බ්ලොග් එකේ අන්තිම පෝස්ට් එක මකන්න වුනා දුමී, ඔයාගේ කමෙන්ටුවත් එක්කම, බ්ලොග් එකේ පොඩි පටලැවිල්ලක් වෙලා තිබුනා, බ්ලොග් එක සින්ඩි වල අප්ඩේට් වෙලා තිබුනේ නැහැ...ඒකට සමාවෙන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු.

      ඔව්. පොකුරුගේ ලිපි තුනකින් මට කියවන්න ලැබුනේ" මුබාරක්" ගේ ලිපිය. ඒක ආයිත් දානවනම් හොඳයි පොකුරු.

      ජයවේවා!!!

      Delete
  11. අපි රටවල් හදන්නය, ඉකොනොමිය දියුණු කරන්නය කිය කියා එක එක වියාපෘති කරනව. අන්තිමට ඒවයින් ලාභෙකට වඩා වෙලා තියෙන්නෙ ලොකු පාඩුවක්. අස්වාන් වේල්ලෙන් ඊජිප්තුවට උණු පාඩුව ගැන ලස්සන කතන්දරයක් කියනවා 'ජුරාසික් පාර්ක්' ෆිල්ම් එකේ. මතකද මන්ද දුමියට?

    එච්චර ඈත යන්නෝනේ නෑ. කඩිනම් මහවැලි ප්‍රොජෙක්ට් එක ගමු. මිනිස්සුන්ට ඇත්තටම වටින්නේ න්‍යෂ්ටික බලය වත්, සෙනසුරු වලට යන එකවත් නොවේය කාල ඇඳල හිතේ සන්තෝසෙන් මැරිල යන එකය කියල අපිව පාලනේ කරන උදවියට කවද තේරුම් යයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. සරදි. මීට මාස ගණනාවකට කළින් ටීවි එකේ පෙන්නුවා උමා ඔය ආශ්‍රිතව ඉන්න මිනිසුන්ගේ ගැටළු. එක් ගොවි මහතෙක් කතා කරමින් කිව්වා ඔවුන් ගොවිතැන් කරමින් සතුටින් එදා සිටිය බව. ඒත් අදවනවිට ජල උල්පත් සිඳිලා. ගොවිතැන් කරන්න තියා බීමට පවා ජලය සොයාගන්නේ අසීරුවෙන්. නිවාස ඉරි තැලිලා. ජන ජීවිතය මුලුමණින්ම අඩාල වෙලා. අපි කා ළඟවත් වැටෙන්නේ නැතිව සතුටින් හිටිය ගොවියො කියලා කිව්වේ ඇහේ කඳුලු පුරෝගෙන. මේක තමයි කවියට මුල්වුණේ. බලධාරින් ගැන කතාකර වැඩක් නැත. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  12. උමා ඔය අඬනවා
    කඳුළු වැක් කෙරෙනවා
    කොක්සණින් හිනාවී
    මල් පොකුරු විසිරවූ
    උමා ඔය අඬනවා....!

    ReplyDelete
    Replies
    1. උමා ඔය හඬනවා
      අසරණයින්ගේ
      සුසුම කඳුල දැක
      උමා ඔය හඬනවා....

      ස්තූතියි රන්සිරිමල්. සතුටුයි මේ පැත්තට ආ එකට.

      ජයවේවා!!!

      Delete