Sunday, February 5, 2017

සතුටු වෙන්න පවුල් පිටින් නැවත දිනෙක ඇවිත් යන්න අපගෙ දෙනෙත් බලන් ඉන්නවා..........

රැල්ලෙ වැදෙන වැල්ලෙ හැපෙන මුහුදු හුළඟෙ ඔමරි බැල්ම
බලන් යන්න ඔබත් එන්නකෝ
ගතට සිතට සුවය සතුට නෙතට දැනෙන සිසිල් මිහිර
නොවිඳ ඔබත් යන්නෙ කොහොමදෝ
වැල්ලෙ පැදුර දිගට දමලා ළඟින් ළඟින් එකට ඉඳන්
කියන සින්දු අහන් ඉන්නකෝ
අතින් පයින් අඟර දමලා නටන පුංචි එවුන් දැකලා
සල්ලි නොදුන් අයත් ඉන්නෙදෝ

සිසිල් සුළං දැවටි දැවටි අඳුර සිසිල් කරන විටදි
සිරුරෙ ඔබගෙ නැතිද හිරිගඩූ
කොටන් ටිකක් කිට්ටු කරලා හොඳින් පත්තු කරපු විටදි
සිසිල දුවයි වෙමින් බියගුළු
ලුණත් එක්ක පදම් කරලා මිරිස් කුඩුත් ටිකක් දමපු
ඉරිඟු කරල් නටයි පුච්චපූ
රස්නෙ පිටින් දෙකක් තිහයි ඇවිත් ගන්න මුදල පොඩියි
නමුත් අපිට වගෙයි කහවනූ

ඔබගෙ හිතට දුකක් දුන්නු වැරදි දෙයක් අපෙන් වුණොත්
සිරස නමල වැඳලා කියනවා
නගරෙ ඉඳන් මෙහෙට ඇවිත් අපට මුදල් උපයා දුන්නු
ඔබට තුතිය මෙලෙස පුදනවා
යනෙන තැනක බලය තිබෙන ත්‍රිවිධ රත්නෙ පිහිට ඔබට
සැකක් නැතුව නිතර ලැබෙනවා
සතුටු වෙන්න පවුල් පිටින් නැවත දිනෙක ඇවිත් යන්න
අපගෙ දෙනෙත් බලන් ඉන්නවා..........





( තව 7 යි....)

28 comments:

  1. සිංදුවක් වගේ නේ බන්...හොදයි හොදයි....
    මේ පාර බොලොග් එකට ඇවිල්ලා අර තව 7 කේස් එක පොඩ්ඩක් විමර්ෂණය කරන්න හිතුවා. දුමීගේ මුල්ම පෝස්ට් එකෙන් මට හෝඩුවාවක් හම්බුණා :-) හරිද මන්දා...ඉවසලා ඉන්නම් තව සති 7 යිනෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමෝ.
      හ්ම්... අනිවාර්යෙන්ම කියනවා තව සති හතකින්.

      ජයවේවා

      Delete
  2. Replies
    1. ස්තූතියි කොච්චි.

      ජයවේවා!!!

      Delete
    2. වැල්ලෙ හැපෙන රැල්ල වගේ අමුතුම ශබ්ධ රසයක් තියනවා පද පෙළේ...
      අපූරුයි දුමී... වෙනද වගේමයි ඉතින්...

      Delete
    3. ගොඩක් ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  3. සින්දුවක හැඩයි හෙන කික් එකේ මම කියවගෙන ගිය එක හුස්මට

    ReplyDelete
    Replies
    1. සතුටුයි නෙරංජන්. ගොඩක් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. සිරාවට..."වැල්ල සිඹින රැල්ල"

      Delete
    3. //වැල්ල සිඹින රැල්ල//
      ඒක පැරණි ලස්සන කණ්ඩායම් සින්දුවක් නේද කොච්චි.

      ජයවේවා!!!

      Delete


  4. නියමයි දුමී.... වෙනස්ම ආරෙකට ලියූවක්. මේක දැක්කම මට මතක් උනේ ඉස්කෝලෙ කොන්සට් එකකට නටපු හවායි නැටුමක්. ඔයා මාව ඒ අතීතෙටත් අරන් ගියා.

    ReplyDelete
    Replies
    1. ඔ. ඕ....
      ඒ කියන්නේ සඳූ ඔයා නැටුමටත් සමතෙක් නේද? මමත් බලන්න කැමතිම නැටුමක් තමයි හවායි නැටුම්.
      ගොඩක් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  5. අඩේ ඒක මරු අනේ....👏👏👏

    ReplyDelete
    Replies
    1. අඩේ. මගේ ස්තූතියි දෙනවා අනේ. ලොක්කි මොකද මේ ටිකේ නිහඬ ? පෝස්ටුවක් දැක්කෙ නෑ කාලෙකින්.

      ජයවේවා!!!

      Delete
  6. දුමී... මේක Tragedy එකක් , ඒ උනාට මාරම Positive Energy එකක් දැනෙන Style එකක්. භාෂාවේ රස පිරුණු කවි නම් ඉතිං එන්නම ඕනේ දුමිව හොයාගෙන..!

    ReplyDelete
    Replies
    1. එරන්දී.. තමන්ගේ එදිනෙදා වියහියදම් සරි කර ගන්න දුක් විඳින දුක්විඳින පිරිස් කොච්චරනම් ඉන්නවාද ?
      මෙතනදි මම උත්සහ කෙරුවේ ඒ ඔවුන්ගේ කඳුල වගේම ඔවුන් තුළ තිබෙන යහපත්කම හිතවාදීකම දකින්නයි. භාෂාවේ රසය මතු කරන්න එරන්දි තරම්ම දක්ෂයෙක් නෙවෙයි මම. ගොඩාක් ස්තූතියි එරන්දි මේ ඇගයීම්වලට.

      ජයවේවා!!!

      Delete
    2. සහතික ඇත්ත එරන්දි..

      Delete
    3. ස්තූතියි පිලෝ.

      ජයවේවා!!!

      Delete
  7. මරුනේ දුමි. සින්දුවක් ලියලා වගේ කියවද්දී දැනුනේ. කලින් කියවලා නැති අලුත්ම ආරක් දැනුනා. පොඩි 6/8 කැලිප්සෝ ගතියක් මට දැනුනා. එකෙන්ම ජයවේවා... !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පිලෝ.
      එහෙට මෙහෙට විසිරිච්ච් පන් තොප්පියක් දාගෙන ඉර බැහැගෙන යන වෙලාවක ගිණි මැලයක් ගහගෙන මුහුදු වෙරලක ඉඳන් ඔය කියන රිද්මයට නටන, සින්දු කියන පිරිසක් හිතින් මවාගෙනයි මම මේක ලිව්වේ. නිර්මාණය වින්ඳනම් ඒක සතුටක් පිලෝ.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  9. වෙනස්ම ආරෙකට ලියවෙච්ච මේ වගේ නිර්මාණයක් කියවන්න වුනේ හුඟ කාලෙකට පස්සේ. නාට්‍යමය ගතියක් තියෙනවා. හොඳ තේමාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුණ. හැමදාමත් මේ කරන ඇගයීම් ගොඩාක් වටිනවා.

      ජයවේවා!!!

      Delete
  10. //ලුණත් එක්ක පදම් කරලා මිරිස් කුඩුත් ටිකක් දමපු
    ඉරිඟු කරල් නටයි පුච්චපූ
    රස්නෙ පිටින් දෙකක් තිහයි ඇවිත් ගන්න මුදල පොඩියි
    නමුත් අපිට වගෙයි කහවනූ// මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්. මාත් කවියේ කැමතිම තැන ඔතනයි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. අමුතුම රසයක් ගෙන ආ පද වැල්
    ජය වේවා මල්ලි
    ගොඩ කාලෙකින් එබුන ආයෙත් බ්ලොගයට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ වැඩ අස්සේ මේ පැත්තට ආවට.

      ජයවේවා!!!

      Delete