Sunday, February 12, 2017

සලා පියපත් සොයා සෙනෙහස තුරුල්වුණු දින සතුට බෝමා.........

සරා සඳ මල නීල අහසක සිනාසේවි අප දෙස බලා
පෙරා සිසිලස හොවා කිරණක හැඟුම් පුබුදණු තුටුවෙලා
නුරා දෙනෙතක රැඳුණු මොහොතක ඔයා ළඟ මා මත්වෙලා
පුරා සසරක ළඟම ඉන්නට දෙසිත් එකවර පිංකළා

තාල තිය තිය පාන හුරතල දෙනෙත දසුනට ප්‍රියකළා
ආල උපදින නාද රැව්දෙන සවන මධු මී ඉහිරිලා
මාල ගෙලවට දාන පෙම්බර සිහින එකිනෙක හැඩවෙලා
දාල යනුබැහැ තාම තනිකඩ දෙසිත සෙනෙහෙන් නැහැවිලා

සලා පියපත් සොයා සෙනෙහස තුරුල්වුණු දින සතුට බෝමා
නෙලා රැකගත් නියා සිහිනය හැඟුම්බර බව කියණු කෝමා
වලාකුළකත් තියා සිසිලස නවම් මහ හැඩ දමන සේමා
බලා ඔය නෙත් ගියා ළතැවුල සුපෙම්බර සිත් රඟයි බෝමා....... 






(6)

30 comments:

  1. හරි හරි මට දැන් තේරුනා තව සති හයකින් පෙලවහක්වත් කර ගන්නවද දුමී ?

    ReplyDelete
    Replies
    1. සඳූ.....
      මේ යන විදිහටනම් පෙල කොහොම වුණත් වහ කන්න නම් වෙයි වගේ...හැක්..

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි බං.

      ජයවේවා!!!

      Delete
  3. 😍 අඩේ මාර ලස්සනයි ඒක නම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කියේ.

      ජයවේවා!!!

      Delete
  4. ඔයා ගෙ තවත් විෂිශ්ට කවියක් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. //දාල යනුබැහැ තාම තනිකඩ දෙසිත සෙනෙහෙන් නැහැවිලා//.....

      ජයවේවා!!!

      Delete
  7. මරු කවි පෙළ. තවම 50% ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්. ඒත් මේ 50% ?

      ජයවේවා!!!

      Delete
  8. ////තාල තිය තිය පාන හුරතල දෙනෙත දසුනට ප්‍රියකළා//////////

    සික්ස්ටි ෆොර් මායම් කොල්ලෝ :D

    ReplyDelete
    Replies
    1. හෑ.... අරූ මාමා හොඳ වෙලාවට නොවැ මතක් කෙරුවේ...:)

      ස්තූතියි අරුණ.

      ජයවේවා!!!

      Delete
  9. කෝල සුකුමළ ලදක සනහස මවන නෙක හැඩ රටා මන්මත්

    මාල ගෙල වට හීන සිතුවම සේද සථුවක වෙලෙයි පෙම්පත්

    කාල සුබ එල දෑල දෙගොඩින් ගලා ඉතිරෙයි අසිරි රන්පත්

    පාල අදහස කාර බදිනට පමා ඇයි කිම වෙලා කුල්මත්

    නෙල්ලිPrince

    ReplyDelete
    Replies
    1. තාල සසඳා අකුරු ගළපා පිළිතුරක් දී හෙමි හෙමින්
      බාල නොවනා නෙල්ලිගේ කවි නිසා මම ඉන්නේ තුටින්
      සේල ගවසා කාර බඳිනට නැකත් තිබුණත් මා නමින්
      ආල දක්වන රුවැත්තිය මට හමුවෙලා තව නෑ ඉතින්........

      ජයවේවා!!!

      Delete
    2. හිහ්.....:)

      ජයවේවා!!!

      Delete
  10. හැමදාම දුමිගේ කවි හරි රසයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ.

      ජයවේවා!!!

      Delete
  11. හදවතට බොහෝ සමීප කවි සටහන් දුමී මේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරි.

      ජයවේවා!!!

      Delete
  12. තව හයයි ලු :)

    මේ වගේ කවි වලට උත්තර ලියාගන්න අපි පින්කරලා නැ දුමී

    ReplyDelete
    Replies
    1. හයයි හයයි. :).

      එරන්දිගේ අදහස කියෙව්වම මට සතුටයි දුකයි දෙකම ඇතිවුණා. සතුට නම් මගෙ කවිවලට කැමති පිරිසක් කොහේ හරි ඉන්න එකටයි. දුක නම් එරන්දිගේ කවි මෝස්තරය මට හුරු නැති වීමයි. ඉතින් මේ දිරිගැන්වීම් වටිනවා.

      ජයවේවා!!!

      Delete
  13. ලස්සනයි දුමී, හැමදාමත් වගේ...

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පොකුරු.

      ජයවේවා!!!

      Delete
  14. සසල හැම ඇසිපියක් ගානේ
    බිඳෙන හැම සුසුම් රැළි ගානේ
    ඔබ දැවටී මගේ සිතුම් මානේ
    සිනා ඇතිරුවා මිරිඟු හීනේ

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක් අයියේ. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete