Sunday, February 19, 2017

නරුම උන්ව මැරුවත් සැනසුමක් නැතී......

අව්ව වැස්ස වෙනසක් විඳගන්න නැතී
සෙව්ව සොච්චමෙන් වේලක් පිරෙණු ඇතී
ගව්ව ගව්ව දුක් මල් වැල් පිරී ඇතී
දිව්ව රටේ අප තාමත් පයින් යතී

ඇතිදා විරිය ගෙන මැරි මැරි වැඩ කරතී
මස්දා පිරුණු සිරුරම දැන් ගෙවී ඇතී
සිඳදා සිහින පැතුමන් බොඳ වෙලා ඇතී
කවදාකවත් හිරු පායා එන්නෙ නැතී

දුහුවිලි සුවඳ මල් සුවඳක් සේ දැනෙතී
ගෙරවිලි රැවුම් නිතරම අප දෙස ඇදෙතී
රැවටිලිවලින් තොර එතුමන් දැක නොමැතී
සැරසිලි කරන්නට මින් මතු අපිත් නැතී

කරුම අපිද අපි මිනිසුන් නොවණු ඇතී
උරුම නොමැති සිහිනය එළිවෙන්නෙ නැතී
හොරුම ඇවිත් ඡන්දෙට බොරු හිත් පුදතී
නරුම උන්ව මැරුවත් සැනසුමක් නැතී......


'ඇපල් වත්ත'
2017- 02- 26



(5)

35 comments:

  1. මේ මිනිස්සු ගැන කිසිම එකෙක් හිතන් නෑ බන්..itn එකේ ගිය වෙනස කියන වැඩසටහනේ ඔය මිනිහෙක් එක්ක පොඩි ඉන්ටර්විව් එකක් ගියා. අහම්බෙන් සෙට් කරගත්ත එකෙක් උනත් ඌ දුන්නා බන් මාර උත්තර ටිකක්. මෑන්ස්ට ක්‍රමික අධ්‍යාපණයක් හම්බුනානම් ඉන්න තැනවත් හොයාගන්න බෑ බන්

    ReplyDelete
    Replies
    1. ඔය කියන වැඩසටහනනම් බලන්න බැරිවුණා බං. නගරෙ මිනිස්සු අතරේ මේ මහන්සිවෙලා වැඩ කරන ජනතාව දැක්කම දුකක් එක්කම පහළවෙච්ච අදහසක් තමයි කවියකට පෙරළුවේ. අදහසට ස්තූතියි රෝමෝ..

      ජයවේවා!!!

      Delete
  2. කවිය ලස්සනයි... කියල වැඩක් නෑ....
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  3. කවිය ලස්සනයි....මිනිස්සු මේ තත්වෙට වැටෙන්න, දේශපාලනේම විතරක් නෙවේ දුමි, තව ගොඩක් කරුණු හේතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු.
      ඔව්. මාත් පිළිගන්නවා මේ තත්වයට හේතුවෙන එකම කරුණ දේශපාලනය නෙවෙයි කියලා. ඒත් හැම ප්‍රශ්ණයක් අස්සෙම කොතනක හරි දේශපාලනයක මුලක් තියෙනවා නේද, පොකුරු.
      ඇත්තටම ඒ ජනතාව දැක්කම ඇතිවෙන්නෙ අනුකම්පාවක්.

      ජයවේවා!!!

      Delete
  4. ලස්සනට කවි ලියලා තියෙනවා... තව පහයි නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල.
      ඔව්. ඔව්...

      ජයවේවා!!!

      Delete
  5. දුමී...අපි හැමෝටම එක එක තරාතිරමට ජිවිතය විඳවන ප්‍රශ්න නැතුව නෙවෙයි නේද අපි ජීවිතය විඳින්නේ...සුට්ටං සතුටක් ඔය ඔක්කොම ප්‍රශ්න ඇතුලේ අපි විඳිනවා නේද..හොඳට හිතන්න..ගහකට මුල්, කඳ. අතු, කොළ, දළු, මල්, ඵල ඔක්කොම ඕනි නේද පරිපූර්ණ වෙන්න..ඒ වගේ තමයි ජීවිත වලටත්...අපි ඉන්න තැන ඉඳන් අනිකුත් ජීවිත දැකීම වැරැද්දක් මට නං..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චෙෆාකි. සතුට දුක කියන්නේ පුද්ගල තරාතිරම නොබලා කඩාපාත්වෙන දෙයක්. මෙතනදි මම කෙරුවේ ඒ පුද්ගලයා දැක්කහම මට හැඟුණු ඔවුන්ගේ කඳුල කවිකරණයක් කිරීම මිසක් ඔවුන්ව හෑල්ලුවකට ලක් කිරීමක් නොවන බව කියන්න ඕනෙමයි.
      ඉතින් චෙෆාකිගේ මේ අදහසට නැවතත් මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  6. කවි නිමිත්තනම් දුකයි.. ඒත් නිර්මාණයනම් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ....

      ජයවේවා!!!

      Delete
  7. //සැරසිලි කරන්නට මින් මතු අපිත් නැතී//

    ඕක අමු බොරු කතාවක් දුමියා. ප්‍රශ්නයක් ආවහම ඔහොම හිතෙනවා.ඒත් පස්සේ චන්දේ ලංවුනහම ඔය ඔක්කොම අමතකයි. ඒකයි තාමත් ගල් භාගෙටයි රුපියල් 500 ටයි මිනිස්සු එන්නේ, රැස්වීම් වලට.

    හරක් නොමැතිව එඬරු බිහි නොවෙති

    කවිය පට්ට හොඳේ....

    ReplyDelete
    Replies
    1. කටුසු කාලෙකින් දැක්කේ..
      //ඕක අමු බොරු කතාවක් දුමියා. ප්‍රශ්නයක් ආවහම ඔහොම හිතෙනවා.ඒත් පස්සේ චන්දේ ලංවුනහම ඔය ඔක්කොම අමතකයි. ඒකයි තාමත් ගල් භාගෙටයි රුපියල් 500 ටයි මිනිස්සු එන්නේ, රැස්වීම් වලට//
      එකඟයි බං. ඔතනට බත් පැකට් එකත් එකතුවෙන්න ඕනෙ. ඒත් ඡන්දෙන් පස්සෙ එන සිතුවිල්ලක් තමයි මේ කවියක් වුණේ, කටුසු.

      ජයවේවා!!!

      Delete
  8. අර්ථාන්විතයි මේ කව් පෙල....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරී...

      ජයවේවා!!!

      Delete
  9. මහා දාගැබ් වැව් අමුනු සෑදු රජවරුන් ගැන කියවුනත් එවාට දාඩිය මුගුරු හෙලුව කම්කරුවන් මිනිසුන් ගැන ඉතිහාසයේවත් ලියවිලා නෑ. උන් තම ශ‍්‍රමය ලේ කදුලු දහඩිය සියල්ල කැපකරලා අප‍්‍රසිද්දියේම මිය යනවා. මේ මිනිසුන් හරියට දැහැටි දඩු වගේ පාවිච්චි කලා විසිකලා.

    ReplyDelete
    Replies
    1. අසංග "අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ" කියන ගීතය අහළා තියෙනවද ? අසංගගේ අදහස ඒ ගීතයේ තියෙනවා. රටට නිහඬව සේවයක් කරන මොවුන් ගැන කතා කරනවා අඩුයි කියලයි මටත් හිතෙන්නේ. අදහසට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  10. //ඇතිදා විරිය ගෙන මැරි මැරි වැඩ කරතී
    මස්දා පිරුණු සිරුරම දැන් ගෙවී ඇතී
    සිඳදා සිහින පැතුමන් බොඳ වෙලා ඇතී
    කවදාකවත් හිරු පායා එන්නෙ නැතී //

    ජීවිතේ හොඳම කාලේ කඹුරලා සොච්චමක් හම්බකරලා, වාරු නැති කාලේ නිදහසෙන් සහල්ලුවෙන් ඉන්න මේ මිනිස්සුනට අයිතියක් නෑ. දුක හිතුනත් ඕක තමයි ඇත්ත දුමී. සුපිරියට ලියවෙලා තියෙනවා. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පිලෝ, අදහසට.

      ජයවේවා!!!

      Delete
  11. ජීවිත සුරක්ෂිතභාවය ගොඩනගා දීම සහ ඒ වෙනුවෙන් ක්‍රම සම්පාදනය වෙන එකක් නැහැ අප රටේ. සමහර රටවල් දිහා බැලුවාම පාලකයින් රටේ ජනතාවට කොපමන වගකියනවද කියන එක පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ. ඉදිරියේදිවත් එවැනි තත්වයක් අප රටේ ඇතිවෙයිද කියන එක ගැටළුවක්. අදහසට ස්තූතියි අරුණ.

      ජයවේවා!!!

      Delete
  12. නිමිතිය හොදයි
    රසයත් හොදයි
    දුමිත් හොදයි
    දුමීගෙ බ්ලොගත් හොදයි,

    ජය බෝලී නාත් ! ජය මහ කාලී ජිනේ ජිනේ !

    ReplyDelete
    Replies
    1. රන්වන් මකරා
      දුන් පද කොඳුරා
      ඉන් තුටු පඬුරා
      පින් දෙමි මිතුරා......

      ජයවේවා!!!

      Delete
  13. අපූරු කවි පෙළ. ඔබට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිලුක. ආයුබෝවේවා කියලා පිළිගන්නවා "දුමී" ට.

      ජයවේවා!!!

      Delete
  14. ඇත්තටම පද වල රසයට වඩා බරපතල ⁣⁣⁣ෙත්රුමක් තියෙනව..👍👍👍. Me minissu genat balanna ona aniwaryen..


    මාව දවසක් වැරදිල කෙනෙක්ගෙ ඇගෙ හැපුන ⁣ෙකාටුවෙදි බැනපු බැනිල්ල නම් මට තාමත් මතකයි 😂😂😂

    ReplyDelete
  15. ඇත්තටම පද වල රසයට වඩා බරපතල ⁣⁣⁣ෙත්රුමක් තියෙනව..👍👍👍. Me minissu genat balanna ona aniwaryen..


    මාව දවසක් වැරදිල කෙනෙක්ගෙ ඇගෙ හැපුන ⁣ෙකාටුවෙදි බැනපු බැනිල්ල නම් මට තාමත් මතකයි 😂😂😂

    ReplyDelete
    Replies
    1. අද තවත් සාමාජිකයෙක් මෙහෙ ඇවිත්. ආයුබෝවේවා කියලා තරිඳුවත් පිළිගන්නවා.
      මටත් පාරෙ යද්දි ඒ මිනිසුන්ගේ කටේ සැර ඇහිලා තියෙනවා තරිඳු. අව්වෙ, දූවිල්ලෙ බර වැඩ කරනකොට ඒ මිනිස්සු එහෙම හැසිරෙන එක සාමාන්‍ය දෙයක්දෝ කියළත් හිතෙනවා.
      ස්තූතියි තරිඳු මේ පැත්තට ආව එකටත් අදහසක් ලියලා ගියාටත්.

      ජයවේවා!!!

      Delete
  16. ආ මග කෙටිය යා යුතු මග දිගය
    ඒ මේ ජීවිතේ නැව පැදවෙන හැටිය
    වදිනා තැන හබල විසිරෙන පෙන කැටිය
    තව ටික දුරක්වත් පැදෙන යනු තොටිය

    පනාව විසිකරන මුහුනු ඇති දෙසපාලුවන්ගේ පාලන ක්‍රමේ මේවට මුල
    ජය වේව මලය

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි අයියේ. මේ කවිය අයියගෙ පෝස්ට් එකකින් කියවලා තියෙනවා වගෙ මතකයි.
      ප්‍රශ්ණ බොහොමයකට හේතුව ඕක නේද ?

      ජයවේවා!!!

      Delete
  17. දුමීගේ කවි ගැන නම් කියන්න තියෙන්නේ විශිෂ්ඨයි කියලා , මේ කවියෙන් ගොඩනැගෙන මතය නම් මගේ මතයට වෙනස් දුමී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දි. ඔව්. ගැළපෙන මත අතරේ වෙනසකටත් එක්ක නොගැළපීමක් තිබීමත් හොඳයි කියළා හිතෙනවා.

      ජයවේවා!!!

      Delete
  18. අපූරුයි දුමී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුදිත. සතුටුයි මෙහෙ ආවට.

      ජයවේවා!!!

      Delete