Sunday, February 26, 2017

නගේ තිගේ ඉඟේ රඟේ මගේ ඇඟේ නැගේ දඟේ.......

නගේ     
තිගේ      
ඉඟේ     
රඟේ     
මගේ     
ඇඟේ   
නැගේ   
දඟේ.......





(4)

68 comments:

  1. +++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, ප්‍රාජේ. කිසිම වැට කඩුල්ලක් නෑ. කඩාගෙන බිඳගෙන යන්නයි තියෙන්නේ...:)

      ජයවේවා!!!

      Delete
  2. හෙහ්,හෙහ්, උඹ මාර බඩුවක්නෙ දුමී නියමයි ඈ...:)

    මට උඹේ කවිය දුටු සැණින් මතක් වුනේ අර කුමාරතුංග මුනිදාස මහත්මය කිව්වයි කියන හිටිවන කවියක්...එක පාරක් ඔය කවි සමුළුවකදි හොඳ මහත දෙහෙත කාන්තාවක් නැඟිටල එතුමාට අභියෝගයක් කලාලු. "හරි ඔය මහත්තය හොඳ කවියෙක් කියනවනෙ. එහෙනම් මිනිත්තුවක් ඇතුලත මම ගැන හිටිවන කවියක් කියන්නකො" කියල.

    ඒ නෝනා ඇඳල හිටියෙ කර පළල් හැට්ටයක්ලු. මුනිදාස මහත්තය නෝන දිහා බලල කිව්වලු "මට මිනිත්තුවක් ඕන නෑ නෝනො. දැන්මම කියන්නං" එහෙම කියල මෙහෙම කවියක් කිව්වලු.

    අනේ
    පණේ
    තනේ
    පෙනේ

    ReplyDelete
    Replies
    1. හිහ් හී..... මාත් ඔය කතාව අහළා තියෙනවා රවී. ස්තූතියි අදහසට. රවී මේ පහළින් තියෙන්නේ මම ලියපු තවත් ඒ වගේ පොඩි කවි ටිකක්. නිවාඩු වෙලාවක ඒවත් බලලා ඒවායේ රහ ගුණ විඳියි කියලා මම හිතනවා.

      http://dumimda.blogspot.com/2016/10/blog-post.html
      http://dumimda.blogspot.com/2016/09/blog-post_26.html
      http://dumimda.blogspot.com/2017/01/blog-post_29.html

      http://dumimda.blogspot.com/2016/11/blog-post.html


      ජයවේවා!!!

      Delete
    2. ඔන්න ඕකනෙ බං රවි අයියෙ බැරි.... කුමාරතුංග මහත්තයගෙ කවියෙ තේරුම මේකයි
      අනේ - අනේක විධ
      පණේ - ප්‍රාණීහු
      තනේ - තණ්හාවෙහි
      වැනේ - වැනසෙත්.... අන්තිම පදේ පෙනේ නෙවෙයි වැනේ...

      Delete
    3. හෑ... මේ තේරුම් ගැන නම් දැනන් හිටියේ නෑ, මම. ස්තූතියි දිල්ශාන්.

      Delete
    4. දිල්ෂාන්,

      අඩේ එහෙමත් එකක්ද? මම එහෙම තේරුමක් ගැන දැනගෙන හිටියෙ නෑ..ස්තූතියි මල්ලි...:)

      Delete
    5. කුමාරතුංග මහතාට ඉස්කෝලෙක විදුහල්පති කාන්තාවක් අභියෝග කරනවා අකුරු දෙකේ පද හතරකින් කාව්‍යාලංකාර තියෙන කවියක් කියන්න කියලා ... එතකොට තමා ඕක කියන්නේ... අනේක ප්‍රානීහු තෘෂ්නාවේ වැනසෙත් තමා තේරුම... මම මේ සිද්ධිය ගැන කාලෙකට කලින් ලිපියක් ලිව්වා...

      Delete
  3. Replies
    1. ඇයි අයියෝ ?.....

      ජයවේවා!!!

      Delete
    2. ඇපල් පත්තර ඔයාගේ කවියක් තිබුනා දුමී දැක්ක ගමන් ඔත්තුව දෙන්න ඔයාව හෙව්වා බුකියේ මේ නමින් කෙනෙක් නෑනේ

      Delete
    3. සඳූ....
      මීට සති 4ට කලින් ඇපල් එකට දැම්මේ. ඒත් සති තුන හතරක්ම පත්තරේ ගත්තා කවිය තිබ්බෙ නෑ. ඉතින් ඉට පස්සෙ පත්තරෙ කඩෙ තිබ්බෙ නෑ. සඳූ කියනකම් දැනන් හිටියෙ නෑ. කවද පත්තරේද තිබ්බේ සඳූ. ආරන්චියට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    4. 26 වෙනිදා එකේ මේ ලින්ක් එකෙන් ඔන්ලයින් බලන්න පුලුවන්

      http://sundayapple.lk/epaper-2017-02-26/

      Delete
    5. මේ ආරන්චිය ගෙනාවට ස්තූතියි සඳූ. ඒත් මම හිතුවෙ නෑ කවිය පත්තරේ පළවෙයි කියලා. සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ගඟේ
      දිගේ
      අගේ
      අගේ.....

      ජයවේවා!!!

      Delete
  5. හම්මේ ඉතින් ඉග පෙදෙස කියන්නෙ ශෘංගාරය වෑහෙන තැනක් නොවැ

    ReplyDelete
    Replies
    1. හම්මේ..... රෝමාට අර කෝච්චියේ දැකපු මුස්ලිම් ආන්ටිව මතක්වුණාවත්ද ?....:)

      ජයවේවා!!!

      Delete
    2. මට මතක නෑනෙ....(කොටියම කාහන් උඹ)

      Delete
    3. අනේ මන් නොදන්න උඹේ මතකෙ ?......:)

      Delete
  6. Replies
    1. කාලෙකට පස්සෙ ප්‍රාජේ, ඉවාන් වගේම වැව් ඉස්මත්තත් මේ පැත්තට ඇවිත්. ඒත් මේ "කූ" ?

      ජයවේවා!!!

      Delete
    2. දුමී කවියට වඩා දර්ශනය ඉස්මතු වුණා..ඒකයි එහෙම ලියැවුනේ..

      Delete
    3. හොඳයි හොඳයි වැව් ඉස්මත්ත. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  7. ඉඟ සහ ශෘංගාරය පට්ට සමීපයි... දුමී අකුරු කීපෙකින් හෙන කුණුහරුපයක් කිව්වා එහෙනම්

    ReplyDelete
    Replies
    1. කොච්චි. ඔහොමත් අපහාස කරනවැයි. මේක ජීව විද්‍යාත්මක ක්‍රියාවක් නොවැ. හිහ්......

      ජයවේවා!!!

      Delete
    2. කොච්චි මම තරහයි ඔයා එක්ක

      Delete
    3. ඒ මොකෝ තරහා වෙලා ? සාමාන්‍යයෙන් ගෑණු ළමයි මාත් එක්ක තරහා වෙන්නෙ නැහැ ලේසියෙන්

      Delete
  8. සින්හල භාෂාව මොන තරම් අපූරුද කියන්න මීට එහා දෙයක් තව කොහෙද....දුමී...නියමම නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරි. විසිරිටත් පුලුවන් නිවාඩු වෙලාවක මම රවීට දුන්නු හෝඩුවාව දිගේ ගිහින් මම මීට කලින් ලිව්ව මේ වගේ උත්සහයන් ටික කියවන්න.

      ජයවේවා!!!

      Delete
    2. ඔව් කියවන්නම ඕන ඒක

      Delete
    3. හොඳයි විසිරී... කියවලා අඩුපාඩු තියෙනවනම් ඒවත් කියයි කියළා හිතනවා.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ආයුබෝවේවා!

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. අනේ..
      චූටි
      චෙෆාකී.....!
      :) :)

      ජයවේවා!!!

      Delete

  11. නගේ
    මගේ
    තිගේ
    රගේ
    අගේ
    උගේ
    ඇගේ









    ජය වේවා

    මලයා

    ..වයිබර් මේ ටිකේ ආවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අගේ
      අගේ....

      ස්තූතියි අයියේ.
      ඔව්. අයියා කිව්ව පණිවිඩේට තාම කෙනෙක්ව හොයනවා. දැනගත්ත ගමන්ම කියන්නම්කෝ...

      ජයවේවා!!!

      Delete
  12. දුමී , මාත් ඇතුළුව බොහොමයක් දෙනා බොහෝවිට කවි කියලා ලියන්නේ අර්ථවත් වැකි, කවියක් කවියක් වෙන්න සපිරිය යුතු ලකුණු බොහොමයි. තාක්ෂණික ව සාර්ථක කවියක් ලියන්න හැදෑරීම පමණක් සෑහේ, නමුත් සංවේදනා දනවන කවියක් ලියන්න භාෂාව කෙරෙහි විශේෂ සංවේදී කමක් තිබිය යුතුමයි. අන්න ඒ නිසයි ඔබ අපිට ආදර්ශයක් වෙන්නෙ. විශිෂ්ඨයි දුමී.

    ReplyDelete
    Replies
    1. එරන්දි. ගොඩාක් ස්තූතියි මේ දිරිගැන්වීමවලට. මම එරන්දිගේ ලිපියකදී කියපු දෙයක් මෙතනත් කියනවා. සිංහල භෂාවට මම කැමතියි. ඒ වගේම තමයි භාෂාව මම විඳිනවා. මේ හැම දෙයක්ම කරන්නේ දන්න කියන වචන කීපයකින්. මොකද විද්‍යා විෂයන් කරපු මට තාමත් හොයාගන්න බැරිවුණු ලස්සන සිංහල වචන ගොඩක් තියෙන හින්දා. බලමු ඉදිරියටත් අලුත් දෙයක් ලියන්න.

      ඔව්, ඔව්. තව හතරයි....:).

      ජයවේවා!!!

      Delete
  13. මගේ ඇගත් මක්කද වෙලා ගියා....

    ReplyDelete
    Replies
    1. මක්කක් වෙලා හරි ගියා නම් එච්චරයි මාතේ.....:)

      ජයවේවා!!!

      Delete
  14. කාට මේ ගැන කියන්නෙම්
    කාට මේ ගැන කියන්නෙම් මම
    බිරින්දෑ ටවුමට ගොහින් ..........

    ReplyDelete
    Replies
    1. පිලට වී මග දෙස බලන්
      පිලට වී මග දෙස බලන් ඇය
      එනතුරා වැහි පොද යටින්......

      අරුණ කවි හැකියාවක් තියෙන එකේ නරකද කවියක් ලිව්වොත්..?

      ජයවේවා!!!

      Delete
  15. නංගිය කෙලෙස හදුනාගත්තද නොදනී
    ඇයගේ රස රහස් හදුනන වග හැගිනී
    ඉග සුග ස්වර නැතුව තාලයකට වැනිනී
    රග සුව සොබා විදි හැටියක් මට හැගුනී

    ReplyDelete
  16. රග සුව සොබා විදි හැටියක් මට දැනුනී

    ReplyDelete
  17. නැහැ නැහැ

    රග සුව සොබා දුමියා විද ඇත සොදිනී

    ReplyDelete
    Replies
    1. සැංගී තිබුණු හිත් රහසක් සොරාගෙන
      පෙම්ගී ස්වරය මා ගතටම පෙරාදෙන
      හැංගී දිනදසුනේ රූපෙක රැඳීගෙන
      නංගී හිනාවෙයි මා දෙස බලාගෙන.....

      තේරුනාද මන්දා.
      ස්තූතියි නෙරන්ජන්.

      ජයවේවා!!!

      Delete
    2. Thanks Kochchii.....

      jayaweawaa!!!

      Delete
  18. හම්මේ... හම්මේ හම්මේ...

    ReplyDelete
    Replies
    1. පළමුවත්, දෙවනුවත් නෑ නෑ තෙවනුවත් හම්මේ........:)

      ජයවේවා!!!

      Delete
  19. නැගී
    දඟේ
    බඩේ
    වැදේ
    පිලේ
    ඉඩේ
    සුවේ
    හැඟේ

    ReplyDelete
    Replies
    1. ගඟේ
      වගේ
      මුගේ
      දගේ
      අගේ
      අගේ.....

      ජයවේවා!!!

      Delete
  20. සරලයි... සුන්දරයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ශාන්. ආයුබෝවේවා !

      ජයවේවා!!!

      Delete
  21. Replies
    1. ස්තූතියි අටං.

      ජයවේවා!!!

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඇගේ
    තොගේ
    දඟේ
    රඟේ


    පණේ
    මගේ
    හදේ
    කොනේ


    අනේ
    ඇනේ
    වණේ
    වැනේ....😂🔫ඩිෂ්කෑව්

    ReplyDelete
    Replies
    1. මගේ
      ඳගේ ...
      මුගේ
      වගේ...

      ස්තූතියි ලොක්කියේ.
      ජයවේවා!!!

      Delete
  24. හපොයි - එළ නිසඳැසක් කිව්වම ඇතිද ?

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකිව්වත් මේක කියවපු එකත් ඇතිනෙ. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete