Sunday, March 12, 2017

සිනහ පොහොට්ටුව මිලින වුණී........


කදුළු බිංදු පිපි
පුංචි දෙනෙත්වල
සුපිපුණු සෙනෙහස මට දැණුනා
රැයෙහි බොඳව ගිය
මතක සිහිනයන්
අතරින් ඔබ ඒදැයි සිතුණා

පිපුණු පැතුම් මල
පපුවෙ තුරුළුකර
බලාපොරොත්තුව රාව දිදී
මසිත හැඩුව දින
ඔබගෙ මුවග තුළ
සිනහ පොහොට්ටුව මිලින වුණී

ගලන ගඟක් මත
සුවඳ මලක් ලෙස
සිතිජ දනව්වට දෑස සලා
මිහිදුම් සළුවක
දැවටෙන ඔය රුව
බලා හිඳිමි මම දෙනෙත පුරා....... 






(2)

32 comments:

  1. තව සති දෙකයි...

    ලස්සනට ලියලා තියෙනවා අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔව්, දෙකයි.
      ස්තූතියි මල්ලී....

      ජයවේවා!!!

      Delete
  2. ඔඅබ ගියාම දුක මට දී....
    දුක දරගන්න නොහැකිද...???

    ReplyDelete
    Replies
    1. //දුක දරගන්න නොහැකිද...???//
      අනේ මන්දා රෝමෝ. දරගන්න එක (...:)......) කොහොම වුණත් දරාගන්න එකනම් ටිකක් අසීරුයි වගේ...

      ජයවේවා!!!

      Delete
  3. සිත ලග දැවටෙන
    මන් මත් කරවන
    ඔය රුව දවසක
    හිමිකර ගන්නෙමි

    ගනින් මාමේ කෙල්ල ගෙට කිව්වලු
    බලාපොරොත්තු සඵල වේවා
    ජයවේව මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete
  4. හරිම ලස්සනයි දුමි ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, කටකාරී...

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. Thanks kochchii.....

      ජයවේවා!!!

      Delete
  6. මේකටනම් පිලිතුරු කවක් ලියන්නම හිත කියනවා ඒත් මේ වෙලාව කලබලයි කියවන්න පෝස්ට් ගොඩයි මට බලමු හිමිහිට කවියක් ලියන්න

    ReplyDelete
    Replies
    1. කලබලේ අඩු වෙලාවක ලස්සන පිළිතුරක් එනකම් බලා ඉන්නවා.
      ( කවියට පිළිතුරක්. )

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි තරිඳූ...

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ආයුබෝවේවා......සතුටුයි මේ පැත්තට ආව එක ගැන. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
    2. :) එකතු වෙලා යාත්‍රා කරමු

      Delete
    3. සැබෑවටම.....:)

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ආහ්.. කෝ මේ රතු පලස දාලා පිළිගන්න. ..:).
      ස්තූතියි රසික.

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි....

      ජයවේවා!!!

      Delete
  11. අපුරුයි දුමි ගීතවත් බවකින් පිරිලා.
    මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා. හිත බොහොම කලබලයි දුමි. ලිපියක් කවියක් තියා කොමෙන්ටුවක් කොටාගන්න වත් කිසිම දෙයක් හිතට එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. ගොඩ ගැහුණු වැඩ අස්සේ හරි මේ පැත්තට ආව එකට සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  12. බොහොම අගෙයි දුමී , පොඩ්ඩක් වැඩ වගේකට යටවෙලා හිටියා පමාවට කමාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නෙරංජන්.

      වැඩ අධිකවම හැම දෙන සිටී
      පමාවී වී හෝ ආ එක වටී.....

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ආයුබෝවේවා....
      ස්තූතියි අසංක.

      ජයවේවා!!!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. කවිය ගලාගෙන යන රිද්මෙ නම් මරු අයිය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහි බිඳු. ඒ රිද්මය දැණුනනම් සතුටක්.

      ජයවේවා!!!

      Delete