Monday, March 27, 2017

"දුමී" ගේ ප්‍රථම උපන්දිනය, නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සහ උපන්දින තෑගි.....


සති ගණන් බලා සිටි ඒ දිනය අද උදා වී ඇත. එය 'දුමී' ට සුවිශේෂී දිනයකි. 'මොකද්ද මේ සති ගණන් බලාඉන්නේ ? ' ඒ බොහෝ දෙනෙක්ට ඇතිවූ ගැටළුවයි. ඉතින් තවත් ඔබ සැමව වෙහෙස නොකර ඒ කාරණාව මෙසේ ලියමි.

අද 'දුමී' ගේ පළමු උපන්දිනයයි. එය සමරණ මේ මොහොතේ 'දුමී'ට හිතැති සියළු දෙනාම සතුටින් සිහිකරමි.

රස්තියාදුකාරයාත් අහසෙන් එන කසුනුත් මේ පිළිබඳව දැන සිටි බව දන්නෙමි. ඒ අතරේ මිතිල ( වාසිතය ) ඇසුවේ තවත් ප්‍රශ්ණයකි. 'අයියගේ නෝනගේ දරුපැටියා ඉපදෙන්න තියෙන සති ගණන නේද මේ ? ( මිතිල හිතලා තියෙන දුර...... ) මිතිල මලේ උඹේ ජයග්‍රහනයටත් මගේ සුභ පැතුම්!!!

මිතිල මෙසේ ඇසුවේ 2017- 03- 25 සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති 2016 නෙලුම්යාය සම්මාන උළෙලේ තේ පැන් සංග්‍රහය අතරතුරේදීය.

විසිතුරු වූ නෙලුම්යාය සම්මාන උළෙල සංවිධානය කර තිබූ සියළු දෙනාටම මේ මොහොතේදී "දුමී"ගේ ස්තූතිය පුදකර සිටිමි. 


මෙවර නෙලුම් යාය 'දුමී' ටද විශේෂිත වේ. 'දුමී' ට වසරක් සපිරෙන මේ මොහොතේ නෙලුම් යායෙන් සම්මානයක් ලැබුණොත් ? ඔව්. 2016 නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් ලිපිය - "කාව්‍ය නිර්මාණ" අංශයේ ප්‍රථම ස්ථානය ලෙස 'දුමී' ට ලැබෙන මේ සම්මානය උපන්දින තෑග්ගක් ලෙස පිළිගැනීමට 'දුමී' කැමතිය.


නෙලුම් යායෙදී මම පළමුව මුණගැසුණේ කළණ මිත්‍රවය. " උඹ එනකම් තමයි හිටියේ " ඔහුගේ සුහද පිළිගැනීමෙන් පසු රෝමාවත් විසිරි සිහිනවත් හමුවිය.

නෙලුම් යාය අතරේ මා අසළට පැමිණි එරන්දීට පොකුරු වැහි ලෙස ඇමතීමෙන් ඈ කළබල වූවාය. නෑ නෑ මං එරන්දී. අපොයි...ඇගෙන් ටොක්කක් නොකාපු ටික විතරය. එරන්දී... සතුටුයි, ඔබව හමුවීම.

එක ළඟ දිනයන්වල බ්ලොග් ළොවට පිවිස, තමන් මුළින්ම මුහුණදෙන උළෙලකට තම නිර්මාණ නිර්දේශිතවී, එයිනුත් ප්‍රථම ස්ථානයන් ලබා ගැනීමත්, ඒ මොහොතේදී එක ළඟ ආසන දෙකකට වී ඒ සතුට විඳගැනීමට ලැබීමත් දෙදෙනෙක්ට ලැබෙන අපූරු අවස්ථාවක්. ඒ අවස්ථාව මටත් සහෝදර රස්තියාදුකාරයාටත් මෙවර නෙළුම් යායෙන් උදාවුණා. රෝමෝ... උඹටත් මගේ සුභ පැතුම්!!...

උළෙල නිමාවී මිතිලත් ඔහුගේ සීයත් මමත් බෑගයක් ගැනීමට පිටකොටුවේ කඩේකට ගොඩවූවිට එතැනින් මතුවූයේ තවත් සහෝදර බ්ලොග්කරුවෙකුවන 'වැව් ඉස්මත්ත' ය. වැව්... උඹේ ජයග්‍රහණයන්ටත් මගේ සුභ පැතුම්!!.....

කොළොම්පුර අසංග, අජිත් ධර්ම, ඉයන්, ප්‍රා ජේ, කළ්‍යාණ මිත්‍ර,.. වැඩිපුර කතාබහ කිරීමට ඉඩක් නොලැබුණත් හැමදෙනාවම හදුනාගන්න ලැබීම සතුටක්.

එසේම තරුරසී, බෝදිනී, තරිඳු, සොඳුරු සිත, විසිරි සිහින, තිලක සිත, මහේෂ්, හංසි, කඩඉමේ ධනුවා, කසුන්, නිර්මාණී , ටෙක් සයුර සහ තවත් කිහිප දෙනෙක්ම හඳුනාගන්න ලැබීමත් සතුටක්. 


ඉතින්, දුමීට මෙදාපාර ලැබුණු මේ තෑගි සියල්ලක්ම අමතක නොවණු ඇත. 'දුමී' ගේ යම් සාර්ථකත්වයක් තිබේනම් ඒ සහෝදර ඔබ සැමගේ දිරිගැන්වීම් නිසා බව සතුටින් ලියමි.

හරි... එවන් සතුටු මොහොතකදී එක් පුද්ගලයෙකු පිළිබඳව විශේෂයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඔහු නම් "රසිකයා" බ්ලොග් එක ඉදිරිපත් කරන කුරුණෑගල රසික ගුණවර්ධණයි. මම ලියා තිබූ කවි, කෙටි කථා ආදිය කියවූ ඔහු "බ්ලොග්" පිළිබඳව මාව දැණුවත් කෙරුවා පමණක් නොව "දුමී" ලෙසින් නව බ්ලොගයක් පිළියෙළ කරදීමටද නිහතමානී වුයේය. ඔහු නොමැතිනම් "දුමී" බ්ලොගයක් නැත. ඉතින් රසික මල්ලියේ, උඹට මගේ හද පිරි ස්තූතිය.  

වසරක් පුරා ආ ගමන් මගේ 'දුමී' ට පාර කියූ මේ පිරිස සිහිපත් නොකරන්නේනම් එය අඩුවක්ය.
 ඔව්. "දුමී" මේ සොයා යන අතරේ පාර කියාදුන් පිරිසත් අමතක කරන්නේ නැත. ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වුවත් එය "දුමී" ට වටිනා බව කිව යුතුමය.

ඔවුන් අතර,

අහසෙන් එන්න (කසුන්), අට්ම්පහුර, අජිත් ධර්ම, අරුණ පෙරේරා, අසංක ආසිරි
ඉන්ද්‍රජිත්, ඉවාන් පවුලූෂා, ඉයන්, ඉෂානි ප්‍රදීපිකා,ඉසුරු සංකල්ප,
උපේකෂා නුවන්ශ්‍රීණි, උදුවා,
කුරුටු ගෑ ගී පවුර, කටුසු හදවත, කළ්‍යාණ මිත්‍ර, කඩඉමේ ධනුවා, කොච්චි මිරිස්, කටකාරී, කොළොම්පුරේ, කළුලෑල්ල්,
චෙෆාකී.,
ජීවිතේ යාත්‍රාව,
නිම්නයක තනිවී හීන දකින්නී, නිර්මාණී, නෙරංජන් ජයකොඩි, නිලූක කදුරුගමුව,
තරිඳු ලක්ෂාන්,
දේෂකයා, දිනේශ්, දුකා, දුශාන් ජයරත්න, දිල්ෂාන්,
පොකුරු වැහි, ප්‍රභාත් චින්තක, ප්‍රාජේ, පැණිකු, ප්‍රියන්ති හංසමාලි,
බුද්ධිකා එරන්දි, බොස්,
මාතලන්, මනෝ මන්දිර, මහේෂ් රත්නායක, මිතිල, මිත්‍ර වර්ණ, මගේ පිලොසොෆිය, මෙඩුසා,
රෝමාන්තික රස්තියාදුකාරයා, රතීගේ දිනපොත, රන්වන් මකරා, රසිකොලොජිස්ට්, රන්සිරිමල්, රවී,රයිටර්,
ලේ පාට හීන, ලලිත් පෙරේරා,
විභීෂණ, වැව් ඉස්මත්ත, විසිරි සිහින,
සංකල්ප, සොමියා, සීමා මායිම් ඉක්මවා, සාරස, සරදියෙල්, සුමුදු චාමිකර, සමරසේකර, සොඳුරු සිත, සොඳුරු සඳවතී, සාලිත රාජමුණි,
හංසි.     

ඔබ හැමදෙනාටම "දුමී" ගේ ආචාරය සහ ස්තූතිය මේ මොහොතේ පුදකර සිටිමි.

එසේම "දුමී" ට අත දුන් සින්ඩි සියල්ලටත් මගේ ස්තූතිය පුදකර සිටිමි.

පා පොඩි තබා ඇවිදින්නට වෙර දරමී
පා වඩ රතුද මල් ගල් හැම ඉවස ගමී
පා වෙන සිහින සිතුවිලි හැම සොරා ගමී
පා න  සුහදතාවෙට හරි ප්‍රියයි දුමී

නිමී තියෙන පහනට ආළෝක දෙමින්ද
සොමී දිළෙන රෑ අහසට සිසිල වෙමින්ද
නැමී ලියන පන්හිඳකට වචන දෙමින්ද
දුමී බ්ලොගය ගළපන මේ මමයි දුමින්ද

හෙමින් හෙමින් මතක සිහින සිහි කරමී
පෙමින් බැඳුණු නව වසරෙත් තව ලියමී
නමින් නොකී හැම දෙනාම සිහි කරමී
දුමින් දබේසේකර මම තුති පුදමී............

ජයවේවා!!!

81 comments:

  1. ඉතා හොදයි ඉස්කෝතුයි ඔබට දුමී
    ලබන සැරේ එන්නට මං ගතිමි විරී
    මාවත් මතක් කලා මට හරිම සොමී
    දුමී ඔබට ජය වෙවා පතමි දිරී

    - ජය බෝලී නාත් ජය මහ කාලී ජිනේ දිනේ -

    ReplyDelete
    Replies
    1. මිතුරා දකින්නට උළෙලෙදි මග බැලුමී
      මකරා නැතිව හිත ඇතුළේ කොහෙද සොමී
      පතුරා ගිණි වළලු සුභ පැතු හින්දාම දුමී
      මකරා වෙතට මගෙ ස්තූතිය මෙලෙස දෙමී....

      ඊළඟ වතාවේ බෙල්ලෙන්ම අල්ලා ගැනීමට මග බලා ඉමී..

      ජයවේවා!!!

      Delete
    2. බෙල්ලෙන් අල්ල ගත්තොත් මේ මකරාගේ
      වල්ගෙන් වනමි එහෙ මෙහෙ අත මකරාගේ
      බැල්මෙන් දුමී හම්බුනොතින් අතට මගේ
      ගන්නෙමි කවියකින් අත්සන් දෙකක් වගේ

      ජය මා කලී .....

      Delete
    3. ඉඩක් ආ විටදි යළි එන්නට බලමී
      ඇහැක් ලෙසට නෙලුමේ හැඩ වැඩ බලමී
      රුවක් නොදුටු ගිණි මකරව හිර කරමී
      දෙකක් මොකටැ ඇඟ පුරාම බලි අඳිමී.......

      ජයවේවා!!!

      Delete
  2. සුබ උපන් දිනයක් දුමීගෙ අඩවියට...හොඳම දේට හොඳම තෑග්ග...සතුටුයි ඇවිල්ලා කතා කල එක ගැන...ජයම වේවා...මල්ලී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරී අක්කේ. කළණ මිත්‍ර මට රෝමාව හඳුන්වලා දුන්නට පස්සේ අපි දෙන්නා මුළින්ම ආවේ අක්කාට කතා කරන්නයි. මම කැමතිම ලිපි වර්ගයක් ලියන අක්කාව හඳුන ගන්න ලැබුණු එකත් සතුටක්. අක්කේ ඔය ලිපි ටිකනම් වටිනවා.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. මාව බ්ලොග් ලොවට අතෑරපු රසික මල්ලී, එදා හිටිය නැති එක ගැනනම් දුකයි. මේ ජයග්‍රහණය වැඩි බර රසිකටයි. ස්තූතියි ස්තූතියි....

      ජයවේවා!!!

      Delete
  4. ජයග‍්‍රහණයට උනුසුම් සුබ පැතුම් දුමියෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. හඳුනගන්න ලැබීම සතුටක්. කොළොම්පුරේ ජයග්‍රහණයටත් සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  5. සුභ පැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. අන්තිම මොහොතේ හෝ හඳුනා ගන්න ලැබීම සතුටක්.

      ජයවේවා!!!

      Delete
  6. සුබ පැතුම් දුමී... ඇත්තටම මට අර සති ගනන් ගැන හිතුනේ ඒකමයිනේ... ඔයාලව හමුවෙන්න ලැබුන එක මටනන් ලොකුම ලොකු සතුටක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල. ඒකනේ... සිතුවිලි ගලායන පැති නේදැ ? ඔව් මල්ලී. මටත් සතුටක් හඳුනාගන්න ලැබීම. ඒත් ලියවිල්ල අත්හරින්නේ නැතිවෙයි කියලා හිතනවා.

      ජයවේවා!!!

      Delete
  7. මගෙන් උනුසුම් සුබපැතුම් දුමී. මගේ ප්‍රාර්තනාව තමයි ඔබේ කවි වලින් ඉදිරියටත් මේ මුලු රටේම හදවත් අමතන්න ලැබේවා කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී, මේ දිරිගැන්වීම් බොහොම වටිනවා. ඊළඟ වතාවේ හෝ දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      ජයවේවා!!!

      Delete
  8. මටත් එක වෙලාවක උදව්වක් කරන්න උත්සාහ කළා..
    ස්තූතියි. සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, උඩුවෝ...
      මුණගැහිලා කතා කරන්නම බලන් හිටිය චරිතයක්, උඹ. ඒත් මොකද්දෝ හේතුවකට බැරිවුණා. ඊළඟ වතාවේ එන්න පුළුවන් වුණොත් බලමු....

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. හම්මේ... කොච්චී...
      ඊළඟ වතාවේ එන්න ලැබුණොත් උඹවත් අල්ලගන්නවා. ස්තූතියි කරන දිරිගැන්වීමවලට.

      ජයවේවා!!!

      Delete
  10. Happy Birthday & Best Wishes Dumee...:)

    ReplyDelete
  11. ජයග්‍රාහී පළමු වසර සම්පූර්ණ වූ සතුට මමත් ඔබ සමග බෙදාගන්නෙමි....!
    දුමීගේ බ්ලොගයට දීර්ඝායු පතන්නෙමි...!
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චෙෆ්, මේ දිරිගැන්වීම වටිනවා.

      ජයවේවා!!!

      Delete
  12. ඊයේ බලන් හිටියට දැක්කේ නැනේ.... නැත්තන් මකර පැටියට කලින් මං එරන්දී නේ Wish කරන්නේ. කෙසේ වෙතත් සුබ උපන්දිනයක් දුමී ගේ බ්ලොග් එකට.... ලබන වසරේත් ඔය සම්මානය ම හිත හොඳ නිහතමානී දක්ෂ දුමී ට ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ටොක්කක් නො'ඇන්නට මගෙන් ගුටියක් නම් ලැබුනා දුමිට. :) :)

    ReplyDelete
    Replies
    1. ඊයේ පෝස්ට් එක දාන්න පරක්කු වුණා එරන්දී. සෙනසුරාදා නෙලුම් යායට එන්න ඕන හින්දා නිවාඩු දාලා ආවේ. ඉතින් සදුදා යද්දි හැරෙන්න බැරි වෙන්න වැඩ පිරිලා. ඒකයි ටිකක් පරක්කුවුණේ.
      ස්තූතියි එරන්දී, ඔබේ නිහතමානී කමට ගරු කරනවා.
      ඒකනේ.. ඒ ගුටිය වගේද අප්පා ටොක්කක් කන්න වුණානම්.

      ජයවේවා!!!

      Delete
  13. සුභපැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා, ඩබ්. කේ.
      ස්තූතියි බොහොම. ජයග්‍රහනයට සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  14. සුභ පැතුම් දුමී උපන්දිනයටත් ජයග්‍රහණයටත්.....
    සමකාලීනව බොලොග් ලියන්න ඇවිල්ලා. ඇගයීම් වගේම,වැරැදි තැනුත් නොපැකිළව පෙන්වාදෙමින් අදුනනොගත්ත බොලොග් ලොව තුළත් හොද බැදීමකින් සිටි එකෙකු හා
    බොලොග් සම්මාන උළේලෙ පටන්ගැනීමෙ සිට අවසානය දක්වා නොයෙකුත් දේ කතාබස් කොට සිටීමට හැකිවීම සතුටක්.

    උපන්දිනේ අනාවැකිය කියන්න මුල්ම හෝඩුවාව මන් ගත්තේ එරන්දි අක්කගෙන්.එයා දන්නෙ නැද්ද එතකොට උපන්දිනේ කතාව????

    ReplyDelete
    Replies
    1. මං හිතන් හිටියේ දුමීගේ උපන්දිනේ කියලා :) :)

      Delete
    2. රෝමෝ.. ස්තූතියි බං. ඒ සතුට ඒ විදිහටම මටත් දැණුනා.

      එරන්දී... දුමින්දගේ උපන්දිනේ නෙමෙයි. "දුමී" ගේ උපන්දිනේ තමයි.

      ජයවේවා!!!

      Delete
  15. සුභ පැතුම්.... දිගටම බ්ලොග් ලෝකේ රැඳිලා ඉන්න....

    පැතුමක් එක් කරමි දුමියගේ බ්ලොග් මලට
    අවුරුද්දක් පුරා ඔබ ලිව් කවි වලට
    තව තව සිහින පුරවනු කවි කොළ වලට
    එමඟින් පණ ලැබේ ගහ කොළ ඇළ දොලට

    ReplyDelete
    Replies
    1. අසංක,
      වසරක් පුරාවට "දුමි" යේ ලිව්ව කවී
      රසයක් ලැබුවදෝ කියවා මගේ කවී
      තුතියක් මෙසේ දෙන්නේ සමගින්ම කවී
      සතුටක් දැනේ ඔබ ලිව් පිළිතුරක කවී......

      අසංක ආසිරි, ආවාද නෙලුම් යායට ?

      ජයවේවා!!!

      Delete
    2. නෑ මං දැනුවත නෑ ඒක තියෙනවා කියලා

      Delete
    3. ඊළඟ වතාවේ තිබුණොත් අපි මුණගැහෙමු. කවිකාරයෙක්නේ මේත්.

      ජයවේවා!!!

      Delete
  16. සුභපැතුම් දුමී.. සොඳුරු නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,
      කසුණ් සහ නිර්මාණීව හඳුනාගන්න ලැබීම ලොකුම සතුටක් සහ වාසනාවක් කියළයි මම හිතන්නේ. මම ගරු කරන චරිත දෙකක්. ඔබේ දක්ෂතාවය ඉහළයි.
      ( අර උත්සවේට මටත් ආරාධනා කරනවා කියලා පොරොන්දු වුණානේ. ඔන්න පොරොන්දු මතක තියාගෙන ඉන්නේ...:)

      ජයවේවා!!!

      Delete
  17. Double සුභ පැතුම් !
    කාව්‍යාබාධිත මට තේරෙන කවි ලිවීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රාජේ.
      ( කාව්‍යාබාධිත ? හිනා..... ) මම කවියක් ලියන්නෙත් පස්සෙ ඒක බ්ලොගයට එක් කරන්නෙත් මට හිතට දැණුනනම් හෝ වැටහුණානම් විතරයි, ප්‍රාජේ.
      කවියට ප්‍රිය ඉයන් සමග ප්‍රාජේවත් එක්වරම මුණගැහුණේ නෙලුම යායේ අවසන් හරියේ. කොහොම නමුත් හඳුනාගන්න ලැබීම සතුටක්.

      ජයවේවා!!!

      Delete
  18. අනේ දෙයියනේ සති 12ක් තිස්සේ මේක කියන්නනේ මුන්දෑ තලුමරලා තියෙන්නේ.කොහොම උනත් දුමී උපන්දිනයට වටිනාම තෑග්ගක් ලැබිල තියෙන්නෙ ඔයාට.බ්ලොග් එකකට අවුරුද්දකින් සම්මානයක් ලැබෙනව කියන්නෙම මොන තරම් දෙයක්ද.. ඉතින් ඔන්න මගෙනුත් සුබ පැතුම් සම්මනෙටයි උපන්දිනයටයි දෙකටම

    ReplyDelete
    Replies
    1. හිහ් හී....ඔය උන්දැත් මේ පැත්තේ එනකම් තමයි හිටියේ. කෝ ආවේ නෑ නොවැ නෙලුම් යායට ?

      බොහොම ස්තූතියි සඳූ. ඇත්තටම මම හිතුවා සඳූ එදාට එයි කියලා. හරි. ඔන්න ඊළඟ වතාවේනම් මග හරිනු බැරිය !

      ජයවේවා!!!

      Delete
    2. එන්න ආසාවෙන් සහ එන්න සිහින මව මව හිටියේ ඒත් කොහෙද එදාම වෙන උත්සවයකට යන්න උනා ඒක ඉවර වෙනකොටත් හවස 3 පහුවෙලා. ඊ ළඟ පාරවත් කට්ටිය හමුවෙන්න හීන මවනවා

      Delete
    3. හීන මවලා විතරක් හරියන්නෑ සඳූ... ඒවා හැබෑකරගන්නත් ඕනේ. මොනා වුණත් සඳූ නැතිව අඩුවක් දැණුනද මන්දා....

      ජයවේවා!!!

      Delete
  19. මටත් සතුටුයි දුමී... සුභ උපන් දිනයක්... උපන්දිනයට හොඳ තිලිණයක් ලැබුනට හුඟක් සතුටුයි... සුභ පැතුම්.. තවත් ඉදිරියට යන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ... ඉන්නකන් ලියන්න බලනවා. ඇත්තටම මටත් සතුටුයි ජයග්‍රහණයට වගේම හොඳ සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනගන්න ලැබුණු එකටත්. දිනයක අරූත් හුමුවේවි.

      ජයවේවා!!!

      Delete
    2. ඔව්... ලබන සම්මාන උලෙලට මාත් එන්න ඕනා. මං තව පටන් ගත්තා විතරයිනෙ...

      Delete
    3. ඔව්. ආරම්භයක් ගත්තා වගේම නිතර නිතර නිර්මාණයේ යෙදෙන්න.

      ජයවේවා!!!

      Delete
  20. සුබ උපන් දිනයක්... පරක්කුයි ටිකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ළොකූ... පරක්කුවෙලා හරි සුභ පැතූ එකට සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  21. දුමී සිරාවටම කියන්නේ
    උඹත් ඒ සම්මානයට ඩිසර්ව්.
    උඹ කවි ඇත්තෙන්ම හරිම නිර්මාණශීලීයි.
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. දුකාව දැක්ක කාලයක්.
      මම නම් හිතුවේ දුකා එයි කියලා.
      උඹේ ජයග්‍රහණයටත් සුභ පැතුම්.
      ස්තූතියි බොහෝම.

      ජයවේවා!!!

      Delete
  22. හරිම සතුටුයි දුමි. උපන් දිනයටත්, ලැබුණු සම්මානයටත් සුභපැතුම්... !!! ජයවේවා දුමි... !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිලෝ.. සතුටුයි සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  23. හමුවීම ලොකු සතුටක් දූමී අයියේ... ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්!
    ආහ්..! බ්ලොග් එකට සුබ උපන් දිනයක්.. තව තවත් ලස්සන කවි ලියමු...
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටෙක් මලේ. මම ඊයේ මිතිල මල්ලිගෙන් ටෙක් සයුරේ අඩවිය ගැන අහගත්තා. ඒත් අංකයක් නම් හොයාගන්න බැරිවුණා. මේ වැඩ අස්සේ තාම යන්න බැරිවුණා. වෙලාවක එන්නම්. මල්ලිටත් සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  24. වැඩිපුර කවි කියෙවුවට කමෙන්ට් දැම්මෙ නම් හරිම අඩුවෙන්. ඒත් මාවත් අමතක කරල නෑ නේද දුමී. කවි අතරට දුමී තේරිලා කියල මට කිවුවෙ නිර්මානි. ඒ වෙලාවෙ ලොකු සතුටක් දැනුනා. ඒ තරමටම දුමීගෙ කවි මම හරිම ආසාවෙන් රසවිඳින නිසා..

    නොනැවතී ඉදිරියටම යන්න..
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩුවෙන් හරි කමෙන්ට් කරලා තිබ්බ ඉෂානිව කොහොම අමතක කරන්නද ? ස්තූතියි ඉෂානී. නෙලුම් යායට ආවද?
      නිර්මාණී කියන්නේ නිර්මාණකරණයේ දක්ෂ නිහතමානී කෙනෙක්. නිර්මාණීටත් ඉෂානීටත් ස්තූතියි. ආ.... ඉෂානී බ්ලොග් එකක් ලියනවද ?

      ජයවේවා!!!

      Delete
    2. සම්මාන උලෙලට නම් එන්න බැරි වුනා දුමී...

      ඒත් සම්මාන ගත්ත ඔයා ඇතුළු හැමදෙනාටම හදවතින්මයි සුබ පතන්නෙ..

      බ්ලෝග් ලෝකයට නම් තාම මං අලුත් මෙතනින් යන්නකෝ මගේ සෙවන බලල එන්න

      සරතැසට සෙවනක්

      Delete
    3. ඔන්න මමත් ඒ පැත්තට ගිහින් ආවේ. එතනත් ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
    4. කවි ලියන ගමන් ඒ පැත්තෙ ඇවිත් යන්න අමතක කරන්නත් එපා

      Delete
    5. දිගටම එනවා ඉශානී. එතනත් මට හිතෙන විදිහට සංවේදී ලිපි ලියවෙන තැනක් වගෙයි.
      ඉශානිගේ කවියත් ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
  25. ගොඩ දවසකින් එබුනෙ බ්ලොග් එකට..ඇරපු ගමන් ඔයාගෙ සොදුරු ලිපිය කියෙව්වෙ
    හරිම සතුටුයි මල්ලි.
    ඇත්තටම අලුත් කවි කලාවක් ගෙනාව බ්ලොග් ලෝකෙට
    සුබම සුබ අනාගතයක් ඔයාට

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ. ඇත්තටම මම ලියන කවිවලට මේ තරම් පිරිසක් කැමතියි කියලා කීයටවත් මට හිතිලා නෑ. ඒ වගේම සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  26. ආවෙමි... බොහෝ කල් නොහඳුනා සිටිය නමුත් දැන් දැක ගත්තෙමි. ස්තූතියි දුමී... කවි තව බොහෝ ලියන්නට දිරිය ශක්තිය !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි බොහෝ. ඔබ වැනි පිරිසක් හඳුනාගන්න ලැබිමත් සතුටක්. ඕබේ නිහතමානීකමට ගරු කරමි.

      ජයවේවා!!!

      Delete
  27. සමාවෙන්ට ඕනැ.. හැමතැනම කවි දකිනවා. ඒ නිසාම නමත් කට පාඩමේ තිබුණා. ඒත් අද පළමු වතාවට මේ පැත්තෙ ආවෙ...

    මුලින්ම සුබ පැතුම් දුමී පළමු උපන්දිනයටත්, ජයග්‍රහණයටත්... දිනෙන් දින කවි සිත වැඩේවා!!! සොඳුරු කවි උල්පත් පෑදේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබත් ආ එකට සතුටුයි තරුරසී. ඒ වගේම ස්තූතියි මේ කරන දිරිගැන්වීම්වලට.
      කලින් නොආවත් මගේ නමත් කට පාඩම් කියන්නේ මගේ පිළිතුරු කවි කියවා ඇති නිසා විය යුතුයි.

      ජයවේවා!!!

      Delete
  28. සොදුරුම සිතක ඇති සිතුවිලි කවි කරන
    අදුරුම රැයට පායන පුන් සද ලෙසින
    කෙදුරුම වගෙයි ඉමිහිරි සත් සර සවන
    නොදුරුම දිනක යලි පතනෙමි සම්මාන

    නෙල්ලිPrince

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත් ගොඩක් එදවස මුණගැසුණ
      සොඳුරු රැයක ඇගයුම සිත් සතුටුවෙන
      සොඳුරු නෙල්ලි එදවස මට මතක්වුණ
      සොඳුරු දිනක හමුවෙන්නට මග බලන.....

      බොහොම ස්තූතියි නෙල්ලී... සහෝදර බ්ලොග්කරුවන් සමග දිනයක හමුවෙමු.

      ජයවේවා!!!

      Delete
  29. Replies
    1. ස්තූතියි යාත්‍රා. යාත්‍රාවට මේ පැත්ත අමතකවෙලා නෑ එහෙනම්.

      ජයවේවා!!!

      Delete
  30. එන්නට පුළුවන් කමක් තිබ්බ නම් ඇවිත් නැගිටලා විසිල් එකක් ගහනවා මං....සතුටුයි ඇත්තටම​...😊

    ReplyDelete
    Replies
    1. ඒක මම දන්නවා ලොක්කියේ. ඒකම තමයි මම ලොක්කි ආවාද කියලා ඇහැව්වේ. හිටියනම් එදා අනිවාර්යෙන්ම කතා කරනවා නොවැ.

      ජයවේවා!!!

      Delete
  31. නෙට්වර්ක් අවුලක් නිසා එන්න බැරිවුන , දැන් ලෙඩේ හරි ආපහු පරණ විදිහටම නෙට් එතෑකි..

    දුමී අයිය මම හිතුවට වඩා ටිකක් කෙට්ටු ඩයල් එකක්නෙ.. මම මිතිල දාපු පොටෝ වලින් තමා හරියටම දැක්කෙ.. ඡයග්‍රහණයට සුභම සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. තරිඳු මල්ලිට එදා පන්තියක් කියලා මිතිල කිව්වා. ආයිත් දවසක හමුවෙමු.
      හිහ් හී.... දුමියා අලියා වගේ ඇති කියලද හිතුවේ..
      ස්තූතියි මලේ ගොඩාක්..

      ජයවේවා!!!

      Delete
  32. තව බොහො කලක් නුඹේ අකුරු ලියවෙන්න
    හිත සනසනා කවි පද තව ගැලපෙන්න
    මිතුදම් තව තවත් යහමින් වැඩිවෙන්න
    සතුටුයි දුමී ආයෙත් නුඹ හමුවන්න..

    ජයවෙවා!!

    ReplyDelete
    Replies
    1. සතු ටුයි මෙසේ කවි කෙරු පද කියවන්න
      අතු ඉති වැඩෙන කවි ලොව හැම දැකගන්න
      මිතු දම් සුන්දරයි බ්ලොග් ලොව දැනගන්න
      පැතු ලෙස යළිත් හැකිවෙයි අප හමුවන්න.....

      ස්තූතියි මලේ. ඒ වගේම සතුටුයි මේ කවියට. දවසක මුනගැහෙමු.

      ජයවේවා!!!

      Delete
  33. http://makarablogkiyawanaya.blogspot.com/p/ranwanmakaragmail.html

    දුමියෝ මේකත් බ්ලොගියේ එල්ල ගන්නකෝ

    ReplyDelete
  34. සිංඩි දාන්න කියලාදෙන්න පුළුවන්ද අයියේ..
    selfiekaviya.blogspot.com

    ReplyDelete
  35. සිංඩි දාන්න කියලාදෙන්න පුළුවන්ද අයියේ..
    selfiekaviya.blogspot.com

    ReplyDelete