Sunday, April 2, 2017

සොඳුරු වසරක ගෙවා ආ මග......


වසරක් සපිරීම වෙනුවෙන් 'දුමී' ට සුභ පැතූ ඔබ සැමට ස්තූතියි.

ඉතින් ආරම්භයේ සිට මේ දක්වා 'දුමී' හා එක්ව සිටි සියළු දෙනාටත් එසේම වසරක් සපිරුණු මොහොතේ 'දුමී' ව හඳුනා ගත් ඔබ සැම දෙනාටත් 'දුමී' වසරක් පුරා ලිව්ව, ඇන්ද ලිපි අතරින් තොරාගත් කිහිපයක් නැවත වරක් මෙසේ ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි. 


1. හඳුනාගත්තොත් ඔබ මා....

2.පියා නියා......

3.දානෙ දෙන්න නැන්ද නැද්ද......

4.සුසුමකවත් නැවතුණිනම්......

5.රිද්දණු ඇයිද මේ කිරි හිත හඬයි නිතී......

6.මැයි දින පණිවිඩය ගෙන යමු නව ලෙසකින්.......

7.මුදා හුස්ම පොද ඇගේ මළගම නෙතට කඳුලක් එක්කලා....

8.මරණ මගේ පදවැල් වැළපෙයි දුකසේ......

9.සීත අඳුරෙ පලයන් මා හැර දමලා.....

10.සරා සඳ මල නීල අහසක සිනාසේවි අප දෙස බලා......

 ජයවේවා!!!

42 comments:

  1. තවත් බොහෝ නිර්මාණ බ්ලොග් අවකාශයට මුදා හරින්නට උඹට ශක්තිය ලැබේවා....නිදුක් නිරෝගි සුව ලැබේවා....සිතන පතන දේ ඉෂ්ඨ සිද්ධ වේවා....සියලු දේ කරන්නට නිදහස ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වැව්. උඹේ ලියමන්වලට පෙරේත මට උඹව හඳුනාගන්න ලැබුණු එකත් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  2. හුගක් ඒවට ගිහින් ඇති.මන් ආයෙත් ගිහින් බලන්නම්

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට රෝමා කියවන්න නැත්තේ මුල් කීපයක් විතරයි. ඒ කාලේ ඉදන්ම "දුමී" බලන්න ආවනේ.

      ජයවේවා!!!

      Delete
  3. දුමී ලිව්ව ගොඩක් ඒවා කියවලා තියෙනවා... අකුරු දෙකේ කවි නම් මරු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල. ඇත්තටම මේ විදිහට පරණ ලිපි ටිකක් ආයිත් දැම්මේ මිතිල කලින් ලිපියක් දෙකක් බැලුවෙ නෑ කිව්ව හින්දමයි.

      ජයවේවා!!!

      Delete
  4. කියවන්න බැරිවුණු කිහිපයක්ම තියනවා.. කියවන්න ඕනි...
    සුභපැතුම් දුමී.. තව තවත් රසවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණී. පැරණි ලිපි ටික නිර්මාණී කලින් කියවලා නැතුව ඇති. නිවාඩු වෙලාවක බලන්නකෝ.

      ජයවේවා!!!

      Delete
  5. සුභ පැතුම් දුමී. පරණ ඒවාත් බැළුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. මගේ කවියට කැමති ඔබ වැන්නෙක් හිඳීමත් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  6. කියවන්න බැරි වුන ඒවත් ඔන්න මම ඔක්කෝම කියෙව්වා. ජයවේවා දුමී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  7. ජයවේවා දුමි!!! කියවන්න බැරිවුන ලිපි ඔක්කොම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිලෝ.....

      ජයවේවා!!!

      Delete
  8. ජයවේවා දුමී...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චෙෆ්.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ටෙකා ලා බලනකන් ලියනවා.

      ජයවේවා!!!

      Delete
  10. මට මඟඇරුණු ඒව ගොඩක් තියෙනව , මුල ඉදලම බලන්න ඕන.. එල දුමී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. "දුමී" ගේ අවුරුද්දක් දිග ගමනේ තරිඳු මුණගැහුනේ ළගඳිනේ.
      ස්තූතියි තරිඳූ.

      ජයවේවා!!!

      Delete
  11. ජය වේවා ...!!!!
    ලබනාවුරුද්දටත් එක්ක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමුදු.

      ජයවේවා!!!

      Delete
  12. දුමී පෝස්‍ටුවක් ලියන්න කම්මැලි කමට පරණ එව්ව ටික ආයෙත් දාලා...

    - ජය බෝලී නාත් -

    ReplyDelete
    Replies
    1. හිහ් හී.... මකරාට විතරයි නොවැ ඒක වැටහුණේ....

      ජයවේවා!!!

      Delete
  13. දෙක තුනක්ම තියෙනවනෙ බොලේ මඟහැරුණු ඒවත් බලන්න්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සඳූටත් මගහැරුණු ඒවා ගොඩක් තියෙන්න බෑ. නිවාඩු වෙලාවක බලන්නකෝ...

      ජයවේවා!!!

      Delete
  14. දුමී කවි වලට හරි හරි වැඩ කෑලිනෙ දාන්නෙ..
    හරිම දක්ෂයෙක්..

    ඉදිරියටම යමු

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානී. මේ අදහස් ලැබෙනකන් ඉදිරියට ලියවේවී තවත් කවි.

      ජයවේවා!!!

      Delete
  15. උඹේ කවි ලිවීමේ හැකියාව නම් සුපිරි මචෝ.
    සමහර වෙලාවට ගොඩක් පෝස්ට් මඟ හැරෙනවා කියවන්න, කොමෙන්ට් කරන්න වෙලාවක් නැති කම නිසාම.
    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං. උඹේ වැඩත් එක්ක මෙහෙම හරි ඔලුව දාලා යන්න එන එකත් ළොකු දෙයක්.

      ජයවේවා!!!

      Delete
  16. මේ වැඩේ නියමයි. පරන පොස්ට් කියවන්න පුලුවන් මේ දේ නිසා.. දුමී එසේ මෙසේ කෙනෙක් නෙවේ කියලා දැන ගත්තේ අද... ඔබට ජයෙන් ජය දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ. දුමී "දුමී' ම තමයි.

      ජයවේවා!!!

      Delete
  17. සුභ පැතුම් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩබ්. කේ. නෙලුම් යායෙදි "කැලේ පිපුණු මල්" කියද්දි මතකෙට ආවෙ නැත්තේ මට හුරු ඔබව "ඩබ්. කේ." විදිහටයි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  18. පලමු කොමෙන්ටුවයි මගේ
    දුමි අයියගෙ කවි බ්ලොගයේ
    කවි රසයෙන් අන්ධ වුනේ
    කවි සිතෙ කවි ලියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. අගෙ කරන්න කවිය වටී
      මගෙ බ්ලොගයට ආව හැටී
      මුගෙ නෑනේ පුල්ලි වැටී
      මගෙ අම්මෝ මෙන්න කොටී.......

      ආයුබෝවේවා කියලා කොටි මල්ලිව ""දුමී"" ට පිළිගන්නවා. ස්තූතියි ආවට වගේම. මේ කවියටත්.

      ජයවේවා!!!

      Delete
    2. කොටියා වුනත් නෑ මම නපුරු
      කා එක්කත් වෙනවා මම මිතුරු
      පෙර ලියු කවි සිහි වෙයි සොදුරු
      කවිකාරේ මතකෙට එනවා මිතුරු

      ස්තූතියි දුමී අයියා...ඔයාගෙ බ්ලොග් එක කියවලම මටත් දැන් කවි පිස්සුව ගහගෙන එනවා...

      Delete
    3. අවි අත දරාගෙන ඇතැමෙක් වෙයි නපුරූ
      දිවියම එයින් වැනසී යයි වී අඳුරූ
      කවියෙන් සිතක් සැනසේනම් එය සොඳුරූ
      සවියකි සතුටු හැඟුමකි පිස්සුව මිතුරූ....

      මලේ. මගේ කවියක් කියවා හෝ කවි ළෝකෙට තවත් කවියෙක් එකතුවෙනවනම් එය සතුටක්.

      ජයවේවා!!!

      Delete
  19. සුබ පැතුම් සොයුර අදයි කියවන්න ඉස්පාසුවක් ලැබුනේ...
    වසරින් වසර පිටු වැඩියෙන් ලියැවේවා
    අකුරින් අකුර රස කවි පද පබැඳේවා
    දවසින් දවස තුටු සොම්නස ඉතිරේවා
    මොහොතින් මොහොත හිත සැනසුම වැඩිවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොයුරිය ඔබට.

      වසරින් වසර තව ලියන්න හිතට ගමී
      අකුරින් අකුර කවි හැඩ කරනට බලමී
      සතුටින් බ්ලොග් ලොවේ දුර යන්නට සිතමී
      නමමින් සිරස ස්තූතිය ඔබ හට පුදමී....

      ජයවේවා!!!

      Delete
  20. ආයෙත් බලන්න ඕනේ මුල ඉදලා ම

    ReplyDelete
    Replies
    1. වෙලාවක බලන්නකෝ..

      ජයවේවා!!!

      Delete