Sunday, April 16, 2017

දිරි ලබාදුන් සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා.............

නුවන් සැනහෙයි නිසා කෙත්වතු නිලට හිනැහෙන කාරණා
ගුවන් තලයෙන් දෙරණ සනහා වැටෙන වැහි බිඳු සෝබනා
නොවන්නට ඔබ ගමක සිරි නැත ගැමි කඳුළු මුතු කරවනා
එවන් තෙද ඇති සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා

කිරි මවගෙ ගැබ මෝරවා නිති ලබා දෙන සත් වාසනා
සිරි රැඳුණු මල් පොකුරු අභියස බිඟුන් නද දෙන කාරණා
පිරි ජලය මත දොළක රඟ දෙන මාළු රැළ තුටු ගායනා
දිරි ලබාදුන් සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා

බුලත් හුරුළු ගෙන මලින් පුදමින සැදැහැ සිතකින් පේවෙනා
දෙ අත් සිරසට තබා බැතියෙන ඔබේ ගුණ සිහි කරමිනා
හෙටත් ලොව වෙත කාරුණිකවී වඩින්නට ආරාධනා
මහත් බල ඇති සූර්ය දෙවියනි ඔබ නමිනි මේ වන්දනා.........

36 comments:

  1. අපූරුයි දුමී... අලුත් අවුරුදේ සූර්ය නමස්කාරය... ඉතින් ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. අලුත් අවුරුද්දෙ අපි සූර්යා ගැණත් හිතන්න ඕනෙනේ. සඳූටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      ජයවේවා!!!

      Delete
  2. අපුරුවට ලියලා... ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  3. දුමිට සුබ සූරිය සිංහල අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි. අසංගටත් නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරකට මගෙන් සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  4. අලුත් අවුරුද්දෙ සුර්‍ය දෙවි නමස්කාර්‍ය හරි අපුරුයි දුමී... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ. මේක ජනවාරි මුල දාන්න හිටියේ. ඒත් හිරු අපට වැදගත් වන්නේ බක් මාසෙ හින්දම අද දැම්මා.

      ජයවේවා!!!

      Delete
  5. හැමදාම දුමීගෙ කවි වල තියෙන රිද්මය මේ කවියෙත් තියෙනව..පද ගැලපීමත් හරිම ලස්සනයි..දක්ෂයි දුමී ඔයා..👍🌝🌞🌞

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහිබිඳු. නිර්මාණය රස දැණෙනවනම් ඒක සතුටක්.

      ජයවේවා!!!

      Delete
  6. හැමදාම දුමීගෙ කවි වල තියෙන රිද්මය මේ කවියෙත් තියෙනව..පද ගැලපීමත් හරිම ලස්සනයි..දක්ෂයි දුමී ඔයා..👍🌝🌞🌞

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ඇවිත් තියෙන්නේ කවිය ලස්සන වැඩියෙන් දැනිලාවත්ද ?

      ජයවේවා!!!

      Delete
  7. දුමීට සිරි සුබ සූර්‍ය මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානී. ඔබටත් අලුත් නිර්මාණ වැඩියෙන් ලියවෙන සතුටුදායී සාමකාමී නව වසරක් වේවා.

      ජයවේවා!!!

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    දුමී ග්‍රීන් එනර්ජි කන්සෙප්ට් එකට යන්න වගේ හදන්නේ...සෝලර් පවර් කන්වර්ෂන් එකක් කරන්නය කල්පනාව...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චෙෆ්. ඔබටත් රස පිරි කෑම ඉදෙන, හැඩ පිරි සිතුවම් ඇඳෙන, අලුත් නිවාස මෝස්තර මැවෙන, ගෙවත්ත පුරා බෝග වැවෙන ඉසුරුමත් නව වසරක් වේවා..
      චෙෆ්ටත් හිතුන දේවල්. ළඟදීම ඕවා නැතත් මොකක් හරි වෙයි වගේ...:) :)

      ජයවේවා!!!

      Delete
  9. ආවඩා ආයුබෝ වේවා! 😇

    ReplyDelete
    Replies
    1. 120 ට 220 ක්.....

      ජයවේවා!!!

      Delete
  10. නියමයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමුදු.

      ජයවේවා!!!

      Delete
  11. සුබ අලුත් අවුරුද්දක් දුමී...නිර්මාණය වෙනදා වගේම රහයි.

    මටනම් බැක්ග්‍රවුන්ඩ් එක අවුල් පේජ් එකේ. අකුරු කියවන්න හෙන ගේමක් දෙන්නවුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කටුසුටත් සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා.
      හොදයි කටුසු. ඒ තරම් අපහසුද? ඉදිරියේදී ඒ ගැන බලන්නම්.

      ජයවේවා!!!

      Delete
  12. පද ගැලපීම් ටිකනම් හොදටම තියෙනවා බන්
    සුභ සුර්ය මංගල්‍යක් වේවා.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමා.
      ලිපි වැඩි වැඩියෙන් ලියවෙන සල්ලි සතුට උතුරන සුභම නව වසරක් වේවා!!!

      ජයවේවා!!!

      Delete
  13. පරක්කු වෙලා තමයි සුබ පතන්නේ
    සුබ අලුත් අවුරුද්දක් වේවා දුමී
    කියන්න ම ඕනේ මේ නිර්මාණය අගෙයි අලුත් අවුරුද්ද වෙනුවෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
      ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  14. බක් මාසෙදි සූර්යා ගොඩක් වැදගත් නේද... ඒ නිසාම වෙන්න ඕනෙහිරු මගුල, සූර්ය මංගල්ලෙ කියලත් කියන්නෙ...


    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණී. සූර්යා තමයි වැදගත්ම සාධකය, ඔබ කිව්වා වගේම.
      බක් මහ වගේම අනික් කාලවලටත් ගහ කොල හැදෙන්න, පාටවෙන්න, මල් පිපෙන්න, වගේම ජීවි ලෝකේ හැම දේකටම මුල් වන්නේ සූර්යාම නේද?
      ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  15. සුභම සුභ සූර්ය මංගල්යයක් වේවා දුමී , අපූරු පද ටික

    ReplyDelete
    Replies
    1. තරිඳුටත් සුභම සුභ නව වසරක් වේවා.
      ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  16. Replies
    1. වැටට උඩින් හිරු පායයි
      හැමට කළින් වැඩ අරභයි.....

      ස්තූතියි. ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  17. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  18. සුර්ය වන්දනාව පිලිබඳ අපේ ඉතිහාසය ශ්‍රී පාද පද්ම වන්දනාව දක්වාම දිවෙන බව මගේ දැනීමයි. කලගුණ දන්නා ජාතියක් ලෙස හෙළයේ වැසියෝ වන අපේ සංස්කෘතිය හා බද්දව ඇති සිංහල අවුරුද්ද පවා අරමුණු කරගන්නේ සුර්යා ඇතුළු මුළුමහත් විශ්වයේ ම ශක්තිය හා බද්ද වන පරිද්දෙනි. අද බටහිරින් අපවෙත එන "Positive Thinking" Visualizing මේ හැම සංකල්පයක්ම අපේ ජිවිත වලට බද්දවෙලා තිබුන දේවල්. මුල නොපෙනෙනා ගසක අතු පතර සෙවන යට සිට ඇද පළුදු සොයනා මිනිසුන් අතර "දුමී" ගේ සංකල්පනා මට වටින්නේ ගවේෂණයට හේතූ සපයනා බැවිනි.
    "කවි ලියන්නට සියල්ලට හැකිය , මානව දයාවෙන් පිරි තම දේශය ද එහි සියළු වැසියන්ගේ මනෝභාවය කෙරෙහි අවබෝධයෙන් ද අද්ධ්‍යනයෙන් ද සිය නිර්මාණ කිරීමට සමත් නුතන කවීන් අතලොස්සක් අතර දුමී කියන්නේ කවි ලකුණක්... කවදා කෙසේ ඔබව අගය කළ ද නිර්මාණයෙන් නිර්මාණයට ඔබේ දක්‍ෂකම් සේ ම උතුම් මනුසත් ගුණ ද පැතිරෙන්නේ නිරායාසයෙන්... ඉතිං දුමී ලැබුවා සුබ අළුත් අවුරුද්දේ ඔබේ දක්ෂතාවයන් තව තවත් ඔබ නැගෙන වසරක් වේවා..!
    සමාවෙන්න දුමී බොහොමයක් වටින කියන නිර්මාණ මගේ අවිවේකී කම නිසාම මඟ ඇරිලා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දී. මේ කියන තරම් සුදුසුකමක් මට තියෙනවද කියලා හිතන්න අමාරියි. ඒත් ඔබේ ඇගයීම බොහොම වටිනවා.
      ස්තූතියි, ස්තූතියි.

      ජයවේවා!!!

      Delete