Friday, April 7, 2017

දිය විය සිහිය ඇය ළය කය නිදිනැතිය........


තිය  තිය  අඩිය  ගිය  ගිය  පය  බරඇතිය
දිය  විය  සිහිය  ඇය  ළය  කය  නිදිනැතිය
නිය  ඟය  ළඟය  ප්‍රිය  දිය  ණිය  ළඟනැතිය
සොය  සොය  දුකය මිය  ගිය  ඇය  එන්නැතිය.......
.

.

51 comments:

  1. අගෙයි දුමී මේ වෙනස් වෙනස් හැඩ සොයා යාම

    ReplyDelete
    Replies
    1. ස්තූතියො රෝමා මේ දිරිගැන්වීම්වලට හැමදාමත්.

      ජයවේවා!!!

      Delete
    2. ඇත්තමයි රස්ති මේකට කියන්නේ කවිකමට වඩා හපන්කම :)

      Delete
    3. ඔය හපන්කම බ්ලොග් ලෝකයේ හැමෝටම තියෙනවා. ඒකනේ හැමදාමත් අලුත් ලිපි ලියන්නෙ.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. දුකින් පිරි සත්‍යයක්.

      ජයවේවා!!!

      Delete
  3. කවියෙන් පාන විස්කම් අපූරුයි දුමී
    යවහන් දෝෂයත් හදා ගත්තොත් හරියටම හරි නේද?
    සමහර විට දන්නවත් ඇති..


    අවසානයට ය ව හ න් කියන අකුරු වලින් ඉවර වෙනව නම් ඊට කලින් එන අකුර එකම අකුර වෙන්න ඕනි හැම පදයකම...
    හරියට මේ කවියෙ අවසාන 'ය' අකුරට කලින් 'පා' අකුර යෙදිල තියනව වගේ.

    ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
    රනේ යටග සැවුළිඳු දද ගළපාය
    අනේ ලකර කළ පුර අප නර පාය
    පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂානිට

      Delete
    2. ඉශානී. ඔබට බොහොම ස්තූතියි. ඔය කියන කවි රීති මම දැන්න හිටියෙ නෑ. ඒ ගැන දැණුවත් කිරීම ගැන යළිත් ස්තූතියි. මම නිවැරදි කරන්න බලන්නම්.
      කවියක රීති හෝ සම්මතයන් ගැන ලියැවුණු පොතක් මිළදීගන්න තියෙනවද ?

      ජයවේවා!!!

      Delete
    3. වැව්. උඹටත් බොහොම ස්තූතියි බං ය ව හ න් ගැන දීර්ඝ විස්තරයකින් දැණුවත් කෙරුවට. කවිය නිවැරදි කෙරුවා.
      ඉශානිටත් වැව්ටත් නැවතත් ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
    4. මටත් ඒ ගැන වැඩිපුර දැන ගන්න අවශ්‍යයි... හැකි කෙනෙක් ලිපියක් එහෙම තියනවා නම් ලින්කුව එවන්න... ස්තූතියි ඉෂානි...

      Delete
    5. ඉෂාණිට ස්තූතියි නොදන්න දෙයක් කියලා දුන්නාට

      Delete
  4. උඹේ සිතිවිල්ල ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. උඹටත් මගේ ස්තූතිය, වැව්.

      ජයවේවා!!!

      Delete
  5. මේ පින්තූරෙ දැක්කම දුක හිතුනා... කවියත් ඊට නොදෙවෙනියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ මේ ඇගයීමට.

      ජයවේවා!!!

      Delete
  6. හොඳට තේරෙන.. ලොකු තේරුමක් තියෙන ලස්සන කවියක්
    ජය වේවා දුමී අයියේ!!

    ReplyDelete
    Replies
    1. කවිය දැනෙනවානම් සතුටක් ටෙක් මලේ. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  7. 😢හිත් පසාරු වෙන කවි.......

    ReplyDelete
    Replies
    1. කෝ මේ බෙහෙත් කොල. කොටලා තුවාලෙට තියන්න. හිහ් හී.....
      ස්තූතියි ලොක්කියේ...

      ජයවේවා!!!

      Delete
  8. ලස්සන කවියක් දුමී අයිය...ඔයා මේකෙන් හිතුව තේරුම මොකක්ද කියන්නකො..මං හිතුව හරිද බලාගන්න මට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහි නංගි. ආයුබෝවේවා කියළා "දුමී" ට පිළිගන්නවා.
      අතුරුදන්වීමකට ලක්වූ යුවතියක් වෙනුවෙන් ජීවිතය පුරාවට කඳුල, සුසුම වගුරුවන සෙනෙහෙබර මවක් ගැනයි මේ කවිකම්. මෙහිදී අතුරුදන්වීමට හේතු විවිධ වෙන්න පුලුවන්.

      ජයවේවා!!!

      Delete
    2. අහ් තේරුනා අයියෙ..ඔයාගෙ බ්ලොග් එක ආසාවෙන් කියවනව මම..මං ඔය ප්ලේන්ටියක් බොන ගමන් වගේ කවියක් දෙකක් ලියාලා කියාලා හිටපු කෙල්ලෙක් නොවැ..හැක්..☺️ඒ නිසා තේරුම් ගන්න ටිකක් අමාරුයිලු ඉතින්..ඉදිරියට තේරුම් අහ අහ ඉන්නෙ නෑ හරිද අයිය..බලන්නකෝ මං හැදෙනව සුටුස් ගාල..👊හී හී
      කවියනම් පස්ට අයිය..තවත් හොඳට ලියන්න(පිළිගැනීමට වැල්කම් පානයක්වත් දුන්නනම් බොහොම වටී..හැක් හැක්😉😁)

      ජය වේවා..

      Delete
    3. ඔයාගේ නිර්මාණත් අපූරුයි වැහි බිඳු.
      නැවතත් මගේ ස්තූතිය.
      (ළඟදිම බලමු වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්න. එතකන් සීතල වතුර එකක් බීම යහපත්...:).

      ජයවේවා!!!

      Delete
  9. ලස්සන කවියක් දුමී අයිය...ඔයා මේකෙන් හිතුව තේරුම මොකක්ද කියන්නකො..මං හිතුව හරිද බලාගන්න මට..

    ReplyDelete
    Replies
    1. නංගි. වැහිබිඳුත් සුන්දර අඩවියක්. ඒත් ෆලෝ කරන්න බැහැ. ඒක හදාගන්න.

      ජයවේවා!!!

      Delete
    2. මේ මං දන්නේ නෑනෙ අප්ප ඒක හදාගන්න හැටි..😐🙁

      Delete
  10. කවිය නියමයි මචෝ.....
    නොදන්නා දෙයක් අපිටත් උගන්නපු ඉශානිටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.
      ඔව් අසංග. මේ වගේ පැහැදිලි කිරීමක් කෙරුව ඉශානිට ගොඩක් ස්තූතියි. ඒ වගේම වැව් ඉස්මත්තත් මට කතා කරලා මේ ගැණ දිග පැහැදිලි කිරීමක් කෙරුවා. වැව්ටත් මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  11. අහ් ඔය තියෙන්නෙ කවිය නියමෙට
    නියමයි දුමී

    මේ පොත් දෙක අරන් බලන්න... ගොඩක් වැදගත් වේවි..

    හරියටම කවි හදන හැටි : ගුරු මුෂ්ටි
    අම්බලන්ගොඩ සේන

    සඳැසට එලියක්
    අනුර ගුනතිලක
    සරසවි ප්රකාශකයෝ


    ජයවේවා!!!ඉ

    ReplyDelete
    Replies
    1. ඉශානී. බොහොම ස්තූතියි. මේ වගේ දිරිගැන්වීම් වටිනවා. ඒ පොත් ගන්නම්. මේ වගේ දැණුමක් උපදෙසක් බෙදාහදා ගන්න තරම් බ්ලොග් ළෝකයේ සහෝදර සහෝදරියන් ඉන්න එකත් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  12. අපූරු කවියක් දුමී ,, ඇත්තටම කවි වලට එළිසමය wage එකක් තියෙනව කියල දැනන් හිටියට මෙච්චර තියෙනව කියල අද දැනගත්තෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු. ඔව්. කවි ලිව්වට මාත් නොදන්න රීතියක් ඒක.

      ජයවේවා!!!

      Delete
  13. මේ වචන හරඹය නම් හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.

      ජයවේවා!!!

      Delete
  14. නොඑනා දියණි සොයනා මව් තුමිය මගේ
    කියනා දුකම දැනුනා හදවතට මගේ
    හඬනා ලඳුන් සොයනා මේ නුඹම වගේ
    පරෙස්සමින් NGO හතර දිගේ

    ReplyDelete
    Replies
    1. නොඑනා දියණි සෙව් මව්වරු දුටු හින්දා
      මැවුණා අදහසක් කවියක් තුළ රන්දා
      දැණුනා සතුට නුඹෙ කවියත් රස හින්දා
      දුන්නා තුතිය ඇනෝට මෙහි ආ හින්දා.....

      ජයවේවා!!!

      Delete
  15. Follow gadget එක හදාගත්ත අයිය..ස්තූතියි මතක් කලාට

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ඒ පැත්තට ගිහින් ආවා.

      ජයවේවා!!!

      Delete
  16. මේ කවිය හරිම අපුරුයි දුමි. හැඟිම්බරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete

  17. ලස්සන කවිය දුමී... ශබ්ධ රසය තියන නිසා තමයි මං දුමීගෙ කවිවලට ගොඩක් කැමති..

    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී. ඒ වගේම ඔබ ඉශානිටත් "දුමී" ගැන කියළා තියෙනවා. ඊටත් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  18. දුමී . .
    හරිම සංවේදී කවියක් මචං.
    අම්මෙක්ගේ කඳුලු වලට ජාතියක් නෑ
    සුලු ජාතීන්ගේ දුකට කඳුලට සංවේදී වෙන්න බෑ එන්.ජී.ඕ. කාරයෝ ඩොලර් කාක්කෝ කියනවා.
    ඒත් මිනිසත් කම ඇති හදවත් රහසේ වැලපෙනවා බන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා.
      අම්මෙක්ගේ කඳුළකට ජාතියක් ආගමක් නෑ කියන එක සත්‍යයක්. අපිට දැණෙන දුකමයි ඔවුන්ටත් දැණෙන්නේ. කවිය දැණෙනවනම් සතුටක්. මේ පින්තූරෙ දැක්කම මට කියාගන්න බැරි තරම් කම්පාවක් ඇතිවුණා. ඒ කම්පාව තමයි මෙහෙම පදවලට පෙරළුණේ.

      ජයවේවා!!!

      Delete
  19. මේ කවිය වගේ උතුරේ වැසියෝ ගැන හිත කීරි ගස්සන කවි පොතක් තියෙනවා.

    කුමාරි කුමාරගමගේ - ඔරොප්පු සාප්පාඩ (කට දන කෑම)

    පොතේ නම ඇත්තේ උරෙප්පු සාප්පඩ කියලා හැබැයි

    පුලුවන් නම් අරගෙන කියවපන්

    ReplyDelete
    Replies
    1. හෝඩුවාවට ස්තූතියි, දුකා. පොත් කීපයක්ම ගන්න තියෙනවා. ඒ අතරට මේකත් දාගන්න ඕනේ. "කටදන කෑම" සැරට ඇති කියළා හිතනවා.

      ජයවේවා!!!

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් දුමී අයියටත්..සුභ සිහින සඵල වේවා..!!🌼🌼🌹🌹🌞🌞

      Delete
    3. වැහි බිඳු. සුභම සුභ නව වසරක් ඔබටත් ප්‍රර්ථනා කරනවා.

      ජයවේවා!!!

      Delete
  20. දුමී තරම් සරල වචනයකින් විහිදෙන ශබ්ද රසය වගේ ම අර්ථ රසය ගැන පර්යේෂණාත්මක නිර්මාණ කළ කවියකු මම මැතක දැක නැති තරම් දුමී. මේ දායකත්වය සොඳුරු සිංහල බසෙහි නවමන් සොයා යන්නට අවශ්‍යම කාලයයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දී. හැමදාමත් මේ කරන දිරිගැන්වීම්වලට. තවත් නිර්මාණ කිරීමට මේ දිරිගැන්වීම් වටිනවා.

      ජයවේවා!!!

      Delete