Sunday, May 21, 2017

කැලේ කොළේ දෙලේ බලේ.......

කැලේ
කොළේ
දෙලේ
බලේ
මලේ
තොලේ
පැලේ
බොලේ........



.

52 comments:

  1. ඇලේ
    දොලේ
    රැලේ
    බලේ
    පැලේ
    වැලේ
    නොවේ
    මලේ

    !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික. ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
  2. මේ දවස් වල දෙල් නම් බලය පතුරවනව යසට. අපේ ගෙදරත් තියෙන්නෙ දෙල්ගහක් ලඟ. ඉතින් මේ දවස් වල අපේ තොල් පැලිල තියෙන්නෙ දෙල් කාල.
    හරිම ලස්සන නිර්මානයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කටකාරි. දෙල් කියන්නෙ උශ්ණ කෑමක්ලුනේ. තොල් පැලීම්, ඇස් රතුවීම්, වගේ අතුරුපල මටත් තියෙනවා. ඒ හින්දම දෙල් කන එක මම නම් සීමා කරලා තියෙන්නේ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දෙල් ගහේ අතුනම් එච්චර හයිය නෑ වැටවල් බඳින්න. ...:)
      ස්තූතියි ප්‍රා ජේ.

      ජයවේවා!!!

      Delete
  4. හැබැයි දෙල් පොල් කිරි දාලා ඉව්වොත් සැර අඩු වෙනවාලුනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්. ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා. සතුටුයි මේ පැත්තට ආවට.
      දෙල් උයන්නෙ පොල් කිරි දාලා තමයි. දෙල් තම්බද්දි ගාපු පොල් එක්ක කන්නෙත් ඒ සැර අඩු කරන්න කියලා අපේ අම්මා කියනවා. ඒ වගේම තමයි මුරුංගා කොල, නිවිති එහෙමත් දානවා.
      ස්තූතියි මනෝජ්.

      ජයවේවා!!!

      Delete
  5. +++++++++
    උයන ටෙක්නික් වෙනස් කරගත්තොත් තොල බේර ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බක්කරේ. ඒක ඇත්ත. මනෝජ්ට කිව්වා වගේ ඒ දාන දේවල්වලින් දෙල්වල සැර බාල වෙනවා කියලා අපේ වැඩිහිටියො දැනන් හිටියා.
      ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
    2. කෝ මේ චෙෆාකී හිටියනම් මේ ගැන කියලා දෙයි අපූරුවට.

      Delete
  6. හිනියට කපලා තෙලේ බැදපු දෙල් වලට මිරිස් ලුණු එකතුකරලා කන්න ආසයි කාලෙකින් එහෙම කන්න ලැබුනේ නෑ. කටට දැනුත් කෙල උනනවා.

    කවිය නියමයි දුමියෝ. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම කෑමක්. ඒත් කන්නෙ පොඩ්ඩයි. අසංග කිව්වා වගේ ඒ මිශ්‍රණයට දෙහි බිඳු ටිකකුත් එක්කරගත්තම....ම්ම්ම් තියෙන රස...
      ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  7. තව ලියමු අයියේ.කෙටී.ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ලියන්න පුලුවන් කාලයක් වෙනකම්ම ලියමු ලියමු.

      ජයවේවා!!!

      Delete
  8. තව ලියමු අයියේ.කෙටී.ලස්සනයි

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියන එකේ ලියනවාමයි.

      ජයවේවා!!!

      Delete
  9. ම්ම්ම් දෙලේ බලේ මරු.... මමනම් ආසම දෙල් බැදලා පැනි දාලා කන්න

    ReplyDelete
    Replies
    1. ඔව්. බැදපු දෙල්වලට පැණිදාලත් හදනවා. ඒවත් රසයි.
      ස්තූතියි සඳූ..

      ජයවේවා!!!

      Delete
  10. රෑට කමු අපි දෙල් ටික දෙල් ටික දෙල් ටික තෙල් දාලා.

    ReplyDelete
    Replies
    1. ඊට නරකද ඇඹුලට ඇඹුලට ඇඹුලට දෙහි දාලා......

      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  11. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඔක්කොම උඩ කියලානේ... මාත් ගොඩක් කැමති දෙල් හීනියට ලියලා වේලලා පැණි දාලා කන්න... කියනකොටත් කටට කෙල උනනවා...
    පද පෙළ අගෙයි දුමී...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මම පැනි දාපු දෙල් කාලා නෑ, නිර්මාණී. එතකොට හීනියට කපපු දෙල් වේලපුවාම කන්න පුලුවන්ද? බදින්න ඕනෙ නැද්ද?
      ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
    2. ආ ඒක ලියන්න බැරි වෙලානේ.... බදින්න් ඕනේ තමයි....

      Delete
  12. //මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඔක්කොම උඩ කියලානේ... මාත් ගොඩක් කැමති දෙල් හීනියට ලියලා වේලලා බැදලා පැණි දාලා කන්න... කියනකොටත් කටට කෙල උනනවා...//

    දුමීගෙ කවියත් පැනි දාල ගත්ත දෙල් වගේමයි. හරි රසයි බොලේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  13. පෙරේත කමට කාගෙන කාගෙන ගියාම ඔහොම වෙනව දුමී, අපේ පැත්තෙ නම් හැදිල කාල මාස දෙකක් වෙනව.. දැන් නෑ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද තරිඳු. කට පරිස්සම් කරගන්න එක එච්චර ලේසි නෑනේ....

      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  15. අපේ දෙලේ කපල ගැහුව බිල්ඩින් එකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න. මම මේ බලං හිටියේ මේ පැත්තට එනකන්. "දුමී" ට වසරක් ගතවෙද්දි හරි ආව එක සතුටක්. ආයුබෝවේවා කියලා පිළිගන්නවා.
      අපෙ පැත්තේ ගෙයක් හදලා තියෙනවා දෙල් ගහක් වටකරලා. හැබැයි දෙල් මුල්වලින් හානියක් වෙනවද කියන එක ගැටළුවක්.
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
    2. දැං ඉතිං
      දිගටම එමි
      කියවමි
      කොමෙන්ට් දමමි.

      ජයවේවා !!

      Delete
    3. සතුටු වන්නෙමි
      කමෙන්ට් කියවමි
      කියව බැලුමට
      තවත් ලියනෙමි.....

      ජයවේවා!!!

      Delete
  16. මට දැන් හැමදාම ලස්සනයි අයියෙ කියල ඇති වෙලා ඇත්තමයි..හී හී වෙන මොනව කියන්නද ඉතින්..එලකිරි අයිය..!
    සුන්දරයි අහිංසකයි
    කෑවොත් කට පැලෙයි
    දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරෙයි
    මගෙ හිතේ පිරී තියෙන හැඟුම් කෝටියයි
    දෙල්,
    මං ඔබට තවම එයින් කිව්වෙ බාගයයි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි.
      දැන් ඉතින් තවත් ඉතිරි කෝටි භාගෙ කියනකන් බලන් ඉන්න බැරියෝ...:)....

      ජයවේවා!!!

      Delete
    2. Anee kiynna bariunane mn වැහිබිඳූ

      Delete
  17. කවිය නියමයි .ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete
  18. සින්බෑඩ්ගෙත් ප්‍රියතම කෑමක් තමයි දෙල්.... ඌෂ්ණේ කියලා තොල් පැලුනත්, ගෙඩි දැම්මත් කන එක නවත්තන්න බැරි කෑමක්...
    .
    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. කට වටකර වැට බඳින්න බෑනේ.
      ස්තූතියි සින්බෑඩ්.

      ජයවේවා!!!

      Delete
  19. Replies
    1. හි හී...
      ස්තූතියි රෝමෝ..

      ජයවේවා!!!

      Delete
  20. දෙල් නම් උයලා තම්බලා ඕනම විදිහකට මරු

    ඒ වගේ තමයි මෙකත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  21. දෙල් නම් උයලා තම්බලා ඕනම විදිහකට මරු

    ඒ වගේ තමයි මෙකත්

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියපු නිසා පිළිගන්නම වෙනවා.

      ජයවේවා!!!

      Delete
  22. කවි පෙලේ කෙටි අනුප්‍රාසය හරි අගෙයි.
    මාත් කලකට පසු කවි ලියන්නට පටන් ගත්තේ දුමිගේ කවි පිළිතුරු නිසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාවී මහත්මා. ආයුබෝවේවා කියළා "දුමී" ට පිළිගන්නවා සතුටින්.

      ජයවේවා!!!

      Delete
  23. දෙලුත් -පොලුත් එක්ක
    අනා ගනිමු බල මාළුව මලේ
    විසේ නැසේ
    රසේ වැඩේ

    ReplyDelete
    Replies
    1. ඔව් ජයසිරි. දෙල්වල සැර පොල්වලින් අඩුවෙනවලු.
      ස්තූතියි මේ පැත්තට ආවාට.

      ජයවේවා!!!

      Delete