Monday, May 29, 2017

අහසින් විත් නව කැදැල්ලකට පිවිසෙනා කසුන් හා නිර්මාණී නම් වූ සොඳුරු සහෝදර දෙපළට "දුමී" ගේ සුභ පැතුම්, මෙලෙස පිළගන්වමී.....


හිනා නැහැවුණු හඬම දෙහදක උණුහුමින් නිති එක්වෙලා
ගෙනා සෙනෙහස දළු දමා යළි දිනෙන් දින ලස්සනවෙලා
මනා වට විඳි සසරෙ ජීවන සුවඳකට හද ප්‍රියවෙලා
හිනා අතරින් තවත් දෙසිතක් එකතුවන්නට පිංවෙලා

රැඳේ දස දෙස සීත මීදුම තුරු අතර හිඳ හැංගිලා
ඇදේ මල් වැහි නීල අහසින් දිවි මගට ආසිරි සලා
බැඳේ සිතුවිලි ලෙංගතුය අද ආත්මයටම පැතිරිලා
සිඳේ දුක් ගංගාව වැළලී අසිරි මල් එයි පිබිදිලා

පැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
සිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා
ගෙතුම් මල් වැල් සුවඳ වේවා නව කැදැල්ලම හැඩවෙලා
උතුම් සෙනෙහස අරුත් වේවා මංගලම් සිරි ජයවෙලා........

48 comments:

  1. Replies
    1. වැටෙන් එහා නව කැදැල්ල දෙදෙනාටම සුභ වේවා!
      ස්තූතියි ප්‍රා ජේ.

      ජයවේවා!!!

      Delete
  2. //පැතුම් දියුණුව ළඟා වේවා කසුන් නිර්මාණිය බලා
    සිතුම් අදහස් නැවුම් වේවා යුවතිපති හට සෙත්වෙලා//

    ලස්සන කවිය දුමියෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  3. සුභම සුභ පැතුම් දෙන්නටම....

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙනුත් සුභ පැතුම්.
      ස්තූතියි රෝමෝ.

      ජයවේවා!!!

      Delete
    2. අපි දෙන්නටම මිස් වුණා නේ බන් එදා

      Delete
    3. ඔව් බන් රෝමෝ. කසුන් ආරාධනා කෙරුවත් වැඩ රාජකාරි අස්සේ එදාට එන්න බැරිවෙනබව මම කසුන්ට කිව්වා.

      Delete
  4. සුභ පැතුම් දෙදෙනාටම. ලස්සන කවියක් දුමී...

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙනුත් සුභ පැතුම්.
      ස්තූතියි පිලෝ.

      ජයවේවා!!!

      Delete
  5. අහසෙන් ආපු කසුන් නිර්මාණිව නෙලාගත්තා.....
    නෑ සුනහරේ ආශීර්වාද මැද කුළගෙට පියනගන යුවතිපතින්ට කොළොම්පුරෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙනුත් සුභ පැතුම්.
      ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  6. පතා ආ ලෙස සසරින්
    බැඳුනි අත්වැල් මෙලෙස සතුටින්
    පතනෙමි සුබ පැතුම්
    දිවි මගම ජය වෙන්න නිතැතින්

    ලස්සන කවි පෙලක් දුමියෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි යාත්‍රා...

      ජයවේවා!!!

      Delete
  8. කසුන් අයියටත් නිර්මානිටත් මම හදවතින්ම සුබ පතනව

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙනුත් සුභ පැතුම්.
      ස්තූතියි කටකාරී...

      ජයවේවා!!!

      Delete
  9. සතුටුයි ඒ දෙපල පිලිබඳ... ඔබටත් ජය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ...

      ජයවේවා!!!

      Delete
  10. ජයෙන් ජය ලැබ
    බොහෝකල්
    වාසනාවන්!

    ReplyDelete
    Replies
    1. වාසනාවන් වාසනාවන්....

      ජයවේවා!!!

      Delete
  11. කන්නාඩි දැම්මත් නැ හැඩ වැඩේ
    කව්ද මේක බර ගන්නේ අන්තිමේ

    ReplyDelete
    Replies
    1. කවක් ලියලා ඇති නිසා මගෙ හිතම සතුටින් දැන් පිරේ
      නමක් නොකියා ඇවිත් මේ තැන ඇයිද සොහොයුර බර බරේ.....

      ජයවේවා!!!

      Delete
  12. නව යුවල ගැන නොදැන සිටියත් මගේ සුබ පැතුම්.!!

    ReplyDelete
    Replies
    1. 'අහසින් එන්න' බ්ලොග් එක ලියන කසුන් සහ නිර්මාණී දෙපළව නොදැන සිටියත් "දුමී" හා එක්ව ඔවුන්ට සුභ පැතීමට පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  13. නව යුවල ගැන නොදැන සිටියත් මගේ සුබ පැතුම්.!!×2

    ReplyDelete
    Replies
    1. 'අහසින් එන්න' බ්ලොග් එක ලියන කසුන් සහ නිර්මාණී දෙපළව නොදැන සිටියත් "දුමී" හා එක්ව ඔවුන්ට සුභ පැතීමට පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  14. රන්රසින් මල් මඟට පිවිසෙන යුවතිපති හට ජයමවේවා!!!
    දෙව් වරින් බැඳි දෙසිත් සැමදා මල් වැසින් නැහැවී තෙමේවා!!!
    සෞසිරින් ලැබ සියළු සම්පත් සිත් තුටින් සැම කල් රැඳේවා!!!
    ඉක්මනින් තුන්පත් රැලක් වී ඉස්තරන් දිවියක් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෙනා සෙනෙහස තව වැඩේවා
      සිනා මල්ටික නිති පිපේවා
      මනා යුගදිවි අරුත් වේවා
      සිනා වෙන් ජයජයම වේවා.....

      ස්තූතියි ඉශානී...

      ජයවේවා!!!

      Delete
  15. මංගලම් ජය මංගලම්ම්ම්ම්...
    සෙට් වෙන දෙන්නට මංඟලම්ම්ම් !!!!!

    වැහිබිඳු

    ReplyDelete
    Replies
    1. හි හී...
      මංගලම් ජය මංගලම්.
      ස්තූතියි වැහිබිඳු.

      ජයවේවා!!!

      Delete
  16. අපූරු කවිකම්.... සුබ පැතුම් කසුන්ටත් නිර්මාණිටත් සසර ගමනේ ආදරෙන් රැදෙන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. කසුන් නිර්මාණී දෙපළට මගෙත් සුභපැතුම්.

      ජයවේවා!!!

      Delete
  17. ලස්සනයි අයියේ.ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙල්ෆි මලේ.

      ජයවේවා!!!

      Delete
  18. නිර්මණිටයි කසුන්ටයි මගේ හදපිරි සුබපැතුම්. ලස්සන පද ගැලපුමක් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.
      කසුන් නිර්මාණී දෙපළට මගෙත් සුභපැතුම්.

      ජයවේවා!!!

      Delete
  19. කුරුළු කිරිල්ලියො අළුතින් කූඩු හදන කොට සනුහරේ එවුන්ට හරි සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කුරුළු ගතිය.
      ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete
  20. Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙත් සුභපැතුම්.
      ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  21. සුභ පැතුම් !!!!!
    ලස්සනයි කවිය .......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete
  22. අනේ... ආවෙ නැති ටිකේ ඒම ඒවත් වෙලා... සුබපැතුම් නිර්මාණිටයි කසුන්ටයි. ලස්සන ජිවිතයක්...

    ReplyDelete
    Replies
    1. කසුන් නිර්මාණී දෙපළට මගෙත් සුභපැතුම්.
      ස්තූතියි ලේ. පා. හී.

      ජයවේවා!!!

      Delete