Tuesday, June 27, 2017

ජීවිතයද මේ.....



'සලිතා'ගේ හිත කලබලය. චංචලය. කළයුත්තේ කුමක්දැයි හරියාකාරව නිගමනයකට ඒමට නොහැකිව ඒ හිත පාර පුරා දුවන්නීය. මාවත පුරා වූ කලබලකාරී බව ඇගේ මනස තවත් අවුල් කරවීය. ඈ යළිත් ජංගම දුරකථනයෙන් ඇමතීමට උත්සාහ දැරුවද මෙවරද ඇගේ උත්සාහය නිශ්ඵලවිය.

' ඕ.... කල්ප. කතා කරන්නකෝ.....' ඈ තමාටම මුමුණාගත්තේ යළිත් වරක් ඇමතුම ගැනීමට උත්සාහ දරමින්ය. එවර දුරකථනය වැඩකළේය.

'කල්ප. ෆෝන් එක ඕෆ් කරන් මො.....  හරි හරි.මම කීයේ ඉදන්ද කෝල් කරන්න හදන්නේ. ඔයාට වැඩ වුණාට මට ඒකෙන් වැඩක් නෑ. මට අදම, මේ දැන්ම ඔයත් එක්ක කතා කරන්න ඕනෙ. ඔව්. ඔව්. කොහාටද? විවේකා එකට. හා'

ඈ එක දිගට කියාගෙන යන්නීය. හිතේ වූ ආවේගය නිසාම තමන් දැන් ඉන්නේ කොහේද යන්න පිළිබඳවවත් ඈ නොසිතුවාය.

'ඉක්මනට එන්න. මම දැන් පුවක්ගස් හන්දියේ පෝස්ට් ඔෆිස් එක ලඟ ඉන්නේ. ඔව්. ඔව්. විවේකා එකටද එන්න කියන්නේ. දැන්. හා. හා....'

අවසානයේ ඈ දුරකථනය විසන්ධිකර මාර්ගය දෙසට හැරෙනවාත් සමගම තැපැල් කාර්යාලයේ සිට පැමිණෙන මැදිවියේ පසුවූ සාගරපද්මගේ  සිරුරේ ඈ හැපුණාය.

'සොරි අන්කල්'

සාගරපද්මගේ අතින් වැටුණු මුදල් පසුම්බිය ඇහිඳ ඔහුට දෙන අතරේ සලිතා පැවසුවාය.

'සොරි අන්කල්'

ඈ යළිත් පැවසූවේ බස් නැවතුම්පලට පැමිණි මල්කඩුවාව බස් රථය දෙසට දුවන අතරේය. ඈ යන දෙස බලා සිටි සාගරපද්ම හෙමින් හෙමින් තමා පැමිණි තුන් රෝද රථයට ගොඩවුණේය.

'අපි යමු දරුවෝ'

ඔහු රියදුරාට පවසමින් හිඳගත්තේය. තුන් රෝද රථය මීගමු පාර ඔස්සේ මල්කඩුවාව බලා පිටත්වූයේ තරමක වේගයෙනි. 

'තව ටිකක් එහෙ මෙහෙ වුණානම් මහත්තයා වැටෙනවා. ෆෝන් එකත් කනේ ගහන් පාරේ යන හැටි.'

'වයසෙ වැරැද්දනේ දරුවෝ.මේ නහින දෙහින කාලේ අපි පරිස්සම් වුණාම හරිනේ., ඒත් ෆෝන් එක කනේ ගහගෙන පාරේ ඇවිදින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ'

සාගරපද්ම මහතා උපැස් යුවළ ගලවා කමිස සාක්කුවේ දමාගන්නා අතරේ පැවසුවේ සුසුමක්ද පිට කරමින්. තමාගේ සිරුරේ හැපුණු ඒ තරුණිය දුටු සැණින් ඔහුට සිහිවූයේ ඔහුගේ දුව සහ පුතාය. තම දරුවන් සිහිවෙද්දී ඔහු නොදැණුවත්වම නෙතඟට කඳුලක් ඉනුවේය.  සාගරපද්ම දෙනෙත් තදින් වසා ඒ කඳුලු නිදහසේ කොපුල් හරහා වැටීමට සැලැස්සුවේය.

'මහත්තයා ?' ඒ රියදුරුය.

'ඇයි දරුවෝ'

සාගරපද්ම කඳුල පිසදාගත්තේය.

'අදත් එලවළු ගන්නවා නේද ?'

'ඔව් දරුවෝ. අද පලා මිටියක් ගන්න ඕනෙ'

තුන් රෝද රථය එළවළු වෙළඳසැල අසළ නතර කෙරූ පසු සාගරපද්ම එයින් බැසගත්තේය.

'එන්න මහත්තයා.'

'මට ගොටුකොළ එකයි අඟුණ එකයි දෙන්න'

වෙළඳසැල් හිමිකරු ගොටුකොළ ගැනීමට සූදානම්වන විට ඒ අසළ සිටි කුඩා දරුවෙක් ගිරාපලා මිටි දෙසට අත දිගුකරමින් ඒවා පෙන්නුවේය. වෙළඳසැල් හිමිකරු දරුවාට එසේ නොකරනමෙන් මූනෙන් ඉඟියක් පෑවේය. එනිසාම දරුවා එතනින් පසෙකට වුණේය.

'ඇයි, මේ පුතා මොනාද කියන්නේ. කවුද මේ ?'

සාගරපද්ම ඔහුගෙන් විමසුවේ දරුවාට හිනාවකින් සංග්‍රහ කරමින්.

'මහත්තයාට ගිරාපලා පෙන්නන්නලු. දැනුයි ගෙනාවේ'

'ම්ම්.. එහෙනම් ගිරාපලා මිටියකුත් දෙන්න. අඟුණ එපා'

'මේ දරුවගේ ගෙදරින් තමයි මගේ කඩේට පලා ජාති දාන්නේ. මහත්තයා කිසිම බයක් නැතුව ගන්න. වස විස දාන්නෙම නැ'

වෙළඳසැල් හිමිකරු පැවසුවේ පලා සහිත බෑගය සාගරපද්ම වෙත දිගු කරමින්.

'මේ දරුවගෙ නම '

'නිර්නාමික'

මුදල් ගණු දෙණු කිරීමෙන් පසු සාගරපද්ම ගියේ නිර්නාමිකගේ හිස අතගාමිනි. තුන් රෝද රථය ගිය පසු දරුවා තම හඬ අවදිකෙරුවේය.

'මාමේ. අම්මා කිව්වා ඊයේ පලාවල සල්ලි ඉල්ලන් එන්න කියලා.'

'සල්ලි දෙන්නම්. උඹ සල්ලි ටික වට්ට ගන්නෙ නැතුව අම්මගේ අතටම දෙන්න ඕනේ. තේරුනානේ'

නිර්නාමික හිස සැලුවේය.

'මම අම්මටම තමයි සල්ලි දෙන්නේ. වියදම් කරන්නෙ නෑ. මාමේ අද ශිෂ්‍යත්වෙ ළකුණු එනවා. අම්මයි මායි ඉස්කෝලෙට යන්න ඉන්නෙ'

'උඹ දිනලා ඇති පුතේ. උඹලට වරදින්නේ නෑ. ඉස්කෝලෙ ගිහින් ඇවිත් මටත් කියලා පලයන් විස්තරේ'

නිර්නාමික මුදල් රැගෙන නිවස බලා දිව්වේය. තාර පාරෙන් හැරී ගුරු පාර දිගේ ආ ඔහු අනතුරුව ඇළට සමාන්තරව විහිදී ඇති ගුරු පාර දිගේ ඇවිද ගියේ ගල් කැබලි කිහිපයක් වරින් වර ඇළ දෙසට විසි කරමිනි.

'අම්මේ....'

ඇල සමග දෙවැට නිමවෙනවාත් සමගම ඇත්තේ නිර්නාමික සහ ඇගේ මව ජීවත්වන් ගෙවත්තයි. අක්කර භාගයක විශාලත්වයෙන් යුතු වූ මෙම ගොඩ මඩ ඉඩමත් සමග නිර්නාමිකගේ මව තමන්ගේ ජීවිකාව ගෙනයාමට නොකරන යුද්ධයක් නැත.  ඒ අතරින් ප්‍රධානම ක්‍රියාව වණුයේ පලා සහ එළවලු වගාවයි.

'සල්ලි හම්බුණාද පුතේ'

'ඔව්. ආ. අම්මේ.. කීයටද ඉස්කෝලේ යන්නේ'

' 10ට විතර යමු. ඔන්න ඒ ගමන වැහිපොදක් වැටෙනවා. යමු ගෙදරට'

මේ මොහොතේ අහස තරමක් අඳුරු වූයේ වැහි පොද එකින් එක බිම වැටීමත් සමගමය. හමා එන සීත සුළඟ, ඉදිරියේදී ඇතිවෙන මහ වැස්සක පෙරනිමිත්තකි. වැහිපොද නිසාම දූවිලි සේදී ගොස්  කුරුණෑගල නගරයම අලුත්වූ පෙණුමක් ලැබුවා වැනිය.
 රන්තලිය වැවට හොඳින් දර්ශණය වෙමින් තිබූ ඇතුගල දැන් අපැහැදිලි වූවත් විවේකා හෝටලයේ උඩු මහළේ පිහිටි කාමරවලට පෙනෙන්නේ සුනදර දසුනක් ලෙසටය. ඈතින් පෙනෙන ඇතුගල, ඒ සමගම පෙනෙන රන්තලිය වැව, වැව වටාවූ ගස් සමූහය සැබැවින්ම මනරම්ය. මේ සියල්ලක්ම සිප ගෙන එන සුළඟ ජනේලයේ වීදුරු තුළින් කාමරයට රිංගනුයේ මිනිස් හදවත් සනසවාලීමට මෙනි.

එහෙත් එ සිරිය බලා හිඳින සලිතාගෙ හිත තවමත් චංචලය. ඒ සල්ලාල නෙත්වලට පෙම් කරමින් තමා සිදුකෙරුවේ වැරැද්දක්ද යන්න තවමත් ඈට නොතෙරෙන්නේ ඒ තරමටම ඈ කල්ප වෙත ආලය කෙරූ නිසාවෙනි. එහෙත් දැන් දැන් ඒ ආලය පලා ගොස් වෛරය දළු දමා පැමිණෙමින් ඇත. එසේ වූයේත් ඈ ගැබිණියක් වූ බව කල්පට පැවසූවිට ඔහු ඈව මගහැරීම නිසාවෙනි.

'මොකද මේ තාම තුවාය පිටින්. අද යන්න අදහසක් නැද්ද ?'

කල්ප, සලිතා අසළට ආ සැනින් ඈ ඔහු දෙසට  හැරුණාය.

'තමුසෙ තිරිසනෙක්' ඈ කෑ ගැසුවාය.

'හ්හ. තිරිසනෙක්.!. තමුසෙට ඒවා හිතන්න තිබ්බේ මීට කලින්. එක එකාත් එක්ක හෝටල් ගානෙ ගිහින්, එනවා දැන් ඒ පව මගේ පිටින් දාන්න.'

'තමුසෙ හිතුවේ මම එක එකාත් එක්ක......' ඈ කල්පගේ ගෙල අල්ලා හිරකිරීමට උත්සාහ කෙරුවත් මොහොතකින් කල්ප ඇගේ දෑත් තම ගෙලෙන් ඉවත් කෙරුවේ ඈව ඇඳට තල්ලු කරන අතරේය.

'මාව මැරුවා කියලා තමුසෙගේ ප්‍රශ්ණෙ විසඳෙන්නේ නෑ. තව ටිකක් හිතනවා. කැමතිනම් මට කෝල් එකක් දෙනවා. හවසට යමු අර දොස්තර ළඟට'

කල්ප හිස් ආවරණයද අතැතිව දොර අසළට යමින් පැවසුවේය.

'මට බෑ. මට බෑ එහෙම පවක් කරගන්න.....'

'තීරණය තමුසෙගෙ අතේ..'

කල්ප දොර වසාගෙන කාමරයෙන් පිටවී ගියේය. සලිතා ඇඳේ වැතිරී කල්පනා කෙරුවාය. සිවිලිමේ වූ විදුලි පංකාවේ සුළං සැරට බිත්තියේ වූ දිනදර්ශණයේ පිටු සෙලෙවෙන්නේ යම් ශබ්ධයක්ද නංවමිනි. ඈ සුසුමක් පිට කරමින් දින දර්ශණය දෙස බැලුවාය.

දිනෙන් දින ගෙවෙනවා සේම අත්දැකීම්ද ජීවිතයට කෙළවරක් නැතුව එක පිට එක එනු ඇත. එය සලිතාට පමණක් උරුම නොවූවකි. නිවසට වී දිනදර්ශණය දෙස බලා හිඳින සාගරපද්ම මහතා සුසුමක් හෙළුවේය.

'මහත්තයා.. වැඩිය කල්පනා කරන්න එපා මහත්තයා.
සාගරපද්ම මහත්මිය ඔහු අසළින් වාඩිවූයේ කෝපි කෝප්පය දිගු කරමිනි.

'දරුවන්ට වැඩ ඇති මහත්තයා. නිවාඩු පාඩුවේ අපිට කතා කරයි'

සාගරපද්ම මහතා කෝප්පය අතට ගෙන කෝපි උගුරක රසවින්ඳේය.

'සති තුනක් වෙනවා. අම්ම තාත්තා උන්නද මළාද කියළවත් බලන්න වෙලාවක් නැද්ද නෝනේ මේ දරුවන්ට. ආ....'

'ඕව හිතන්න එපා මහත්තයා. අපේ වයසට ඔය දේවල් බර වැඩියි'

'නොහිතා කොහොමද නෝනේ. දරුවන්ව පරිස්සමෙන් ළොකු කරළා, හොඳ නරක උගන්වලා, හොඳ ඉස්කෝලෙකට දාලා උගන්නන්නේ මේකටද ? වයසට ගිය අම්ම තාත්තා තනිවෙන එක ගැන එයාලට හිතෙන්නේ නැතිනම් මොකද්ද නෝනේ ඒ උගත්කමෙන් ඇති වැඩේ. දරුවන්ගෙන් සල්ලි ඕනෙ නෑ. ආදරයයි ඕනේ'

සාගරපද්ම මහතා වේදනාත්මක ස්වරයෙන් පැවසුවේය.

'මහත්තයා තනි නෑ, මේ මම ඉන්නවනේ ළඟ'

ඈ ඔහුගේ උරහිසට හේත්තුවෙමින් පැවසුවාය.

'අපි පන්සල් යමු. ඇත්කඳ විහාරේ ටික වෙලාවක් ඉඳලා එමු. එතකොට මහත්තයාගේ හිතට සැනසීමක් ලැබෙයි'

සාගරපද්ම මහතා හිස වනා ඊට එකඟත්වය පලකෙරුවේය. දෙදෙනාම කෝපිබීමෙන් අනතුරුව සූදානම් වී පන්සල බලා පිටත් වූයේ සුපුරුදු තුන් රෝද රථ රියදුරාද සමගයි.
තුන් රෝද රථය බස් නැවතුම්පොලද පසු කරමින් ඉදිරියට ඇදුණි.

බස් නැවතුමේ සිටියේ නිර්නාමික සහ ඔහුගේ මවයි.

'මට හරි සතුටුයි පුතේ. මම දැනන් හිටියා මගෙ පුතා විභාගෙන් පාස්වෙලා ඇති කියාලා'

හිනාවෙන් පිරි පුතුගේ මුහුණ දුටු මවගේ දෙනෙත් කඳුලින් පිරී ගියාය. මව නිර්නාමිකගේ හිස අත ගෑවාය.

'අම්මේ, මට බයිසිකලයක් අරන් දෙනව නේද ?'

'සීට්ටුව ලබන මාසෙ තියෙන්නෙ. එතකොට බැරියැ'

මේ අතරේ පැමිණි බස් රථයට දෙදෙනාම ගොඩවුණෝය.

'අම්මේ. කොහේද අපි යන්නේ'

'ටවුන් එකට'

'ඇයි ?'

'ගියාම කියන්නම්'

'අනේ.. මට කියන්නකෝ'

'බැංකුවට'

'බැංකුවට?'

'හ්ම්. පුතාට බැංකු පොතක් හදන්න. ඉස්සරහට ඉගෙනගන්න තව වැඩිපුර සල්ලි ඕනෙනේ. මට එකපාර දෙන්න මහලොකු සල්ලි ගොඩක් නැහැනෙ පුතේ. ඒ හින්දා ටික ටික සල්ලි පොතට දාලා එකතු කරමු.'

ඈ පැවසුවාය. බස් රථය වේගයෙන් ඉදිරියට යන අතරේ ඒ පිටුපසින් යතුරුපැදියේ පැමිණෙන්නේ කල්පය. බසයේ වේගයට සමාන වේගයකින් ඔහුද යතුරු පැදිය පදවාගෙන ඉදිරියට ඇදෙන්නේය.

ඒ අතරේ කල්පගේ ජංගම දුරකථන නාදදෙන්නට විය. යතුරු පැදියේ වේගය අඩු කරමින් ඔහු ජංගම  දුරකථනයට පිළිතුරු බැන්දේය. දුරකථන ඇමතුම ලැබුණේ සලිතාගෙනි.

'ඒ කියන්නේ තමුසේ කැමති නෑ. මොකක්? පොලිසියට.. හහ්. තමුසෙගේ අවසානෙ තමයි එහෙනම්.....'

කල්ප එසේ පවසා දුරකථනය විසන්ධිකර සාක්කුවට දමා ගත්තේය. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. තමන් ගමන් ගන්නේ මාර්ගයක බව ඔහුට සිතුණේ නැත. ඔහු සලිතා කෙරේ වෛරයෙන් යුතුව යන අතරේ යතුරු පැදියේ වේගයද වැඩි කරමින් බස් රථය ඉස්සර කිරීමට උත්සාහ කෙරුවේය. එහෙත් මාර්ගයේ ඉදිරියෙන් කල්ප දෙසට පැමිණියේ ලොරියකි. අධික වේගය නිසාම කල්පට  යතුරු පැදිය පාලනය කර ගත නොහැකිවිය.

'  ද........ඩා........ස්...... '







--------  නිමි  ----------




පසු සටහන :
ඉයන්ගේ අභියෝගයට "දුමී" හැදූ පොල් මැල්ලුමයි මේ. නොලියා ඉන්න හිතුවත් ලියපන් ලියපන් කියලා උනන්දු කෙරූ රෝමාට මගේ ස්තූතියි.

ආ.... ස්තූති කරලා විතරක් මදි. රෝමාගේ ( රෝමාන්තික රස්තියාදුකාරයා ) කතාව කියවන්නත් ඕනෙ ඒ දිහාට ගිහින්. ලස්සනම ලස්සන කතාවක් එතනත් ඇති කියලා හිතනවා.









61 comments:

  1. මේක මරු. ඉයන්ගෙ සම්බෝල රෙසිපියට නියමෙට මැච් වෙනව.

    ReplyDelete
    Replies
    1. සම්බෝල නෙමෙයි පොල් මැල්ලුම්.

      Delete
    2. ස්තූතියි ප්‍රසන්න. රසක් දැනෙනවනම් සතුටුයි.
      සම්බෝල මොකද මැල්ලුම මොකද. හදලා ගත්තාම ඉඳිආප්පත් එක්ක...ම්ම්ම්ම්ම්......

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ඒකත් ඇක්සිඩන්ට් එකකින් කෙලවර උනා එහෙනම්!

      මම නම් හිතන්නේ ඔය වගේ කතා අගට ඇක්සිඩන්ට් එකක් නැතුවම බැහැ...! නැද්ද?

      කතාව කියවාගෙන මම ගියේ මෙහෙම... එක්කෙනෙක් අතින් තව එක්කෙනෙක්ට බැට්න් එක පාස් වේවි.. පාස් වේවි යනවා.. අන්තිමේදී හැප්පිලා මැරෙනවා!

      Delete
    2. මේ ලිඛිතෝ අර මිස්ඩ් කෝල් කියලා ඔයා ලියලා තීන්නෙත් මේ වගේ පොල් මැල්ලුම්ක් නේද ? මම අද කියෙව්වා ඒකත් මරු

      Delete
    3. @ SS: හි හි හි..... ඒකෙත් මම ඇක්සිඩන්ට් එකකින් ඔක්කොම අමුණලා ජාමේ බේරාගත්තා. ඒ ජාතියේද මන්ද, ඒක කාලයක් තිස්සේ ලියාගෙන හිටපු එකක්, අදහස ආවේ රවියාගේ සුනාමි කතාවක් කියෝලා.

      Delete
    4. @සොඳුරු: ඉතින් එතැන කොමෙන්ටුවක්වත් දැම්මේ නැත්තේ මොකෝ?

      Delete
    5. ලිඛිතා....
      ඒ කියන්නේ කතාව ආරම්භයේදීම මෙහෙම අවසානයක් වෙයි කියලා හිතෙනවාද ?

      ජයවෙවා!!!

      Delete
    6. @Duminda: නෑ නෑ .. මම කිව්වේ කතාව එකිනෙකට සම්බන්ධ වෙන්නේ හරියට බැට්න් පොල්ලක් මාරු වේවි යනවා වගේ කියලා. අවසානය ගැන නම් කොහොමත් ඉඟියක් තිබ්බේ නැහැ...

      Delete
    7. ලිඛිතා...
      කතාවේ දිගටම සම්බන්දතාවක් තියාගන්නයි මම එහෙම ලිව්වේ. ඒක කොච්චර දුරට සාර්ථකද කියන එක කියවන්නන්ට බාරයි.

      ජයවේවා!!!

      Delete
    8. ඉතින් ඔය තියෙන්නේ යසට! උත්සාහය අතිශය සාර්ථකයිනේ

      Delete
    9. ස්තූතියි ලිඛිතා නැවතත්. බලමු අපිට අභියෝගය දුන් ඉයන් මොනා කියයිද කියලා.

      ජ්යවේවා!!!

      Delete
  3. පොල් මැල්ලුමට තෙල් දාලා මරු රහයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග.

      ජයවෙවා!!!

      Delete
  4. සලිතට මොකද වුනේ - මරු මැල්ලුම

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා කාලෙකින් මේ පැත්තේ.
      සමහරවිට සාලිතා අනාගත දරු සම්පතක් එක්ක තනිවේවී. ඒත් කියවන්නාට නිදහස තියෙනවා සාලිතාගේ අනාගතය ගැන හිතන්න.
      ස්තූතියි අයියේ.

      ජයවෙවා!!!

      Delete
  5. කතාව රස වින්දා.

    මට නම් තාම ලිය ගන්න බැරිවුණා. මොකද එක කතාවක් ලියන්න ගත්තාම ඒක දිගටම අවසානය දක්වාම ලියවෙනවා. එහෙම කතා තුනක් ලිව්වා. නමුත් නෝ සම්බෝල්!

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාවක් කියෙව්වා. ලස්සනයි. මැල්ලුමක් හැදුවොත් හොඳයි නේද?
      ස්තූතියි රසික.

      ජයවෙවා!!!

      Delete
  6. නැහැයි නැහැයි කිව්වට ඔය හොදටම අනලා තියෙන්නෙ.....
    මරු දුමියෝ.................

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකට ස්තූතියි දෙන්න ඕනෙ උඹටයි රෝමෝ. කතාව ලිව්වට පෝස්ට් කරනවද නැද්ද කියලා හිත හිත ඉද්දි උඹනෙ බල කරේ දාපන් කියලා.
      ස්තූතියි.

      ජයවෙවා!!!

      Delete
  7. තමන්ගෙ ඡීවිතේ තමන්ට වෙන දේ තමන්වත් දන්නෑ , ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී. තරිඳුගේ මැල්ලුමත් මම රහ බැලුවා. අගෙයි ඒකත්.

      ජයවෙවා!!!

      Delete
  8. Replies
    1. ජීවිතේට එක එක වැටවල් බාධක එනවා. ඒක තමයි ජීවිතය කියන්නේ.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  9. නියමයි දුමී.UBE KATHAWAK KIYEWWAMY. A KIYANNE DAN uBA KATHATH LIYANAWA. WEL DONE.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්. MAMA LIYAPU HATHARAWENI KATHAAWAYI ME. ANITH KATHAA UBA NODHEKKA EKAYI PUDHUME. IN EKA KATHAAWAK MEWARA NELUM YAAYE HODHAMA KETI KATHAA PAHA ATHARATATH NIRDHESHITHA WUNAA. THANKS.

      ජයවේවා!!!

      Delete
    2. මෙන්න පාර. නිවාඩු වෙලාවක බලපන්

      http://dumimda.blogspot.com/2016/08/blog-post_85.html#comment-form

      http://dumimda.blogspot.com/2016/06/blog-post_28.html#comment-form

      http://dumimda.blogspot.com/2016/06/blog-post_10.html#comment-form

      Delete
  10. කතාව ගොඩාක් ලස්සනයි. තව තවත් කතා ගොඩාක් ලියන්න. කවි ලියනව වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී. වැව්ට කිව්වා වගේම කියන්නේ මීට කලින් කතාත් ලියලා තියෙනවා මම. ඉස්සරහටත් බලමු.

      ජයවේවා!!!

      Delete
  11. නියමයි දුමී මරු පොල් මැල්ලුම...ටිකා...ක් විතර දිහ වැඩිදත් මන්දා... කොහොම උනත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. මටත් හිතුණා දිග වැඩිද කියලා. ඒත් මීට වඩා කෙටි කරන්න නම් බෑ. කෙටි කතා ලියන එක මගෙන් ඈත් වෙන්නත් හේතුව මමත් කැමති නෑ කතාවක් දිග වෙනවට. මම හිතුවේ සඳූත් ආදරය පිරුණු පොල් මැල්ලුමක් හදයි කියලා.

      ජයවේවා!!!

      Delete
  12. කූනිස්සොත් දාපු පොල් මැල්ලුමක්.

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. රස වින්දනම් සතුටක්.
      ස්තූතියි කටුසු.

      ජයවේවා!!!

      Delete
  13. දුමියා කවදත් දක්ෂයා....මරු

    ReplyDelete
    Replies
    1. ආහ්... කොච්චියාව දැක්ක කල්. අලුත් පෝස්ට් එක මමත් බැලුවා.
      ස්තූතියි කොච්චි.

      ජයවේවා!!!

      Delete
  14. දුමි,
    කතාවත් කවි වගේම හරි අගෙයි මේකේ එච්චර පොල් මැල්ලුම් නැහැ.මුල, මැද, අග හොඳට ගැලපිලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.
      ඇත්තෙන්ම කෙටි කතා ලිව්වට මැල්ලුම් කතාවක් මේ ලිව්වාමයි.

      ජ්යවේවා!!!

      Delete
  15. ඒකත් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ....

      ජයවේවා!!!

      Delete
  16. Replies
    1. ස්තූතියි මිතිල....

      ජයවේවා!!!

      Delete
  17. මට මේ කතාව කියවා ගෙන යද්දී නිර්නාමිකගේ කොටසට ආපු ගමන් මතක් වුණේ රෝමාන්තික රස්තියාදුකාරයාගේ කතාව...
    මේ කතාවත් පට්ටෙට ලියලා තියෙනවා...
    වැරදුණාද මන්දා...
    නියමෙට මලවලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. \\නිර්නාමිකගේ කොටසට ආපු ගමන් මතක් වුණේ රෝමාන්තික රස්තියාදුකාරයාගේ කතාව\\
      හේතුව?

      ස්තූතියි චතුරංග. මැල්ලුමේ රහ දැනුනනම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  18. දුමීගෙ පොල් මැල්ලුමත් කවි වගේම ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  19. දුමීගෙ කවි විතරයි කියවලා තිබුණෙ .... මේ කතාව කියෙව්වම නම් ඉරිසියා හිතුණා . කවියටයි කතාවටයි දෙකටම ඔබ නම් සැබවින්ම දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය. කවි වගේම මීට පෙර ලියූ කෙටි කතාවල පාර තමයි වැව් ඉස්මත්තට දුන්න පිළිතුරේ තියෙන්නෙ. නිවාඩු වෙලාවක ඒවත් කියවන්න.

      ජයවේවා!!!

      Delete
  20. මේ මැල්ලුම් කතාවනම් සුපිරි , දිගටම එන්නම් මේ වගේ ඒවා කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එස්. එන්.
      ආයුබෝවේවා කියලා "දුමී"ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  21. මැල්ලුමේ රස බැළුවා...
    ඒත් ඒත් මෙහි ඇත්තේ අපේ සාමාන්‍ය ජන ජීවිතයේ ඇති ගැටළුවකි. සැවොම ඉල්ලන්නේ ආදරයයි. ඒත් නොදෙන්නේද ආදරයයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කප්පිත්තා. මම සාමාන්‍ය කතා වස්තු කීපයක් තමයි මේකට යොදාගත්තෙ.
      ආදරය කියන්නේ මහ පුදුම දෙයක්. එත් තමන් ඉල්ලන ආදරය ලැබෙන පිරිස් නැහැ කියන්නම බැහැ.

      ජයවේවා!!!

      Delete
  22. නියමයි දුමී නියමයි. බොහොම ස්තූතියි අභියෝගය බාරගත්තට. රොමා ගාව මගේ දුරකථන අංකය තියෙනවා. ඒක අරගෙන ඔයගෙ නොම්මරේ එවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.
      මැල්ලුම් කතාවක් ලියන්න අපිව උනන්දු කෙරුවට.
      හරි, මම රෝමාගෙන් ඉල්ලගන්නම්.

      ජයවේවා!!!

      Delete
  23. ජිවිතේ මොන තරම් අවිනිශ්චිත ද කියලා හිතුනා දුමී.... ඒ තරමටම රහයි මැල්ලුම. මං කලින් කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනා. සමාවෙන්න දුමී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දී.

      ජයවේවා!!!

      Delete
  24. පුවක් ගස් හන්දියේ තැපැල් කන්තෝරුවත් තියෙන්නේ හොඳ රහට තියෙනවා මැල්ලුම ජය දුමී

    ReplyDelete
    Replies
    1. ඔව් යාත්‍රා. නිතරම මට පේන තැනක් ඒ. යාත්‍රාත් දැකලා ඇතිනේ. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. එහෙනම් මාවත් දැකල ඇතිනේ.?

      Delete